Posts

Showing posts with the label සහල්

වී ප්‍රශ්නයක් වී ඇත්තේ ඇයි? | How paddy became a problem to Sri Lanka

Image
( 2010 අගෝස්තු 27,  W3Lanka )   වී විකුණා ගැනීම නැවතත් ගොවීන්ට වහ බොන්නට හේතු වන ප්‍රශ්නයක් බවට පත් වී ඇති බව පෙනේ. දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කියන අන්දමට හේතුව එක්සත් ජාතික පක්ෂ රජය විසින් වී අලෙවි මණ්ඩලය වසා දමා දිවයින පුරා තිබුණු වී ගබඩා 378ක් අතරින් 61ක් පෞද්ගලික අංශයට විකුණා දැමීම නිසා වී ගබඩා කර තබන්නට ස්ථාන නැති වීම රජයේ වි මිළ දී ගැනීමේ වැඩසටහනට ගැටලුවක් වී ඇති බවයි. රසවත් කාරණයක් මෙම ගොඩනැගිලි මිළ දී ගත් අය අතර සිටින වත්මන් රජයේ ඇමතිවරු ද එජාප ආණ්ඩුවට බැන වැදීමයි. එහෙත්, ඇත්ත වශයෙන් ම වී අලෙවි මණ්ඩලය වසා දැමුණේ 1996දී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ද කැබිනට් සාමාජිකයකු වූ පොදු පෙරමුණු ආණ්ඩුව විසිනි. එසේ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ උපදෙස් මතයි. 2000 වසරේදී වී අලෙවි මණ්‌ඩලය ඈවර කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෘෂිකර්ම ඇමතිවරයා නම් වත්මන් අග්‍රාමාත්‍ය වන දි.මු. ජයරත්නයි. මහින්ද රාජපක්ෂ යනු එම පනත සැකසූ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වන අතර පනතට පක්ෂව ඡන්දය දුන් කෙනෙකි. වී අලෙවි මණ්ඩලය පැවති සමයේ කළේ ගොවීන්ගේ වී නිෂ්පාදනයෙන් 10-15% අතර ප්‍ර...

පාන් පිටි බද්ද ඉවත් කිරීම ආර්ථික ඝාතකයින්ගේ ලනුවක් -දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය‍

Image
(2010 ජනවාරි 01 -W3Lanka) වෙළඳපලේ සහල් හිඟයක ලකුණු පහල වීම සහ නීතිවිරෝධි ලෙස වැඩි මිලට සහල් විකිණීමට වෙළඳුන් පෙළඹීමත් සමඟ රජය වෙළඳපළ හැසිරවීමට මැදිහත් වී ඇත. වෙළඳපළ පාලනය සඳහා රජය මැදිහත් වීම ඉතා හොඳ දෙයකි. මීට පෙරද රජය ඒ පදනම යටතේ සහල් වලට පාලන මිලක් නියම කිරීමට නිර්භීත විය. දැන් රජය බදු අඩු කිරීම සහ ආනයන සීමා ලිහිල් කිරීම හරහා සහල් මිල පහත හෙලීමට උත්සාහ කරයි. එය ක්‍ෂණික පියවරක් ලෙස රජයට කල හැකි පහසුම දෙයයි. එහෙත් ඊට අමතරව කල හැකි වඩා හොඳ දේද ඇත. පළමුවැන්න රජය විසින් වී සහ සහල් වශයෙන් වෙන වෙනම අවශ්‍ය තරම් ආරක්‍ෂිත තොග පවත්වාගෙන යාමයි. නමුත් රජය විසින් මිළදී ගත් වී මෙටි‍්‍රක් ටොන් 25,000ක් (එය ඇත්ත වශයෙන්ම මිළදී ගත යුතු ප‍්‍රමාණයෙන් 1/10 කි) සහල් වෙළඳපලේ ගැටළුවක් ඇතිවීමට පෙරම විකුණා දමන ලදී. දෙවැන්න සහල් හිඟයක් ඇතිවිය හැකි කාලවකවානු සඳහා, විශේෂයෙන්ම නොවැම්බර් දෙසැම්බර් කාල සඳහා නිශ්චිත සීමාවකට යටත් කොට (තදබල අවශ්‍යතාවයක් ඇතිනම් පමණක්), සහල් ආනයනය කිරීමට අවසර දීමයි. එහිදී වඩා හොඳම දේ වන්නේ රජය මඟින්ම අවශ්‍ය තොගය ආනයනය කර ගබඩා කර තබා ගැනීමයි. සතොස ඇත්තේ ඒ සඳහාය. එයද අවශ්‍ය වෙලාවට කෙර...

බදු අඩු කෙරේ; සහල් ආනයනයට ඉඩ

Image
(2009 දෙසැම්බර් 24 - W3Lanka ) පිටරටින් සුදු සහල් හෝ ගෙන්වා ජනාධිපතිවරණයට බලපා තිබෙන සහල් මිළ අඩු කිරීමට ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙළඳ, පාරිභෝගික කටයුතු හා සමුපකාර සංවර්ධන ඇමති බන්දුල ගුණවර්ධනට උපදෙස් දුන්නේ ය. ඇමති බන්දුල ගුණවර්ධන පවසන්නේ දේශපාලන උවමනාවන් මත සහල් හිඟයක් කෘත්‍රිමව නිර්මානය කර ඇති බවයි. එහෙත්, එම කුමන්ත්‍රණයට ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයින් සම්බන්ධ බවට එක්සත් ජාතික පක්ෂය කරන චෝදනා ඇමතිවරයා ප්‍රතික්ෂේප කරයි. මේ වන විට පිටරටන් ගෙන්වන සහල් කිලෝවක් සඳහා අය කරන බද්ද රු. 25 සිට රු. 2 දක්වා අඩු කර ඇති බැවින් ඕනෑම කෙනෙකුට පිටරටින් සහල් ගෙන්විය හැකි බව ඇමතිවරයා පවසයි. ඉදිරියේදී පකිස්තානයෙන්, වියට්නාමයෙන් සහල් තොග ලැබෙන බැවින් මිළ පහත වැටෙනු ඇති බව ඇමතිවරයා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන, සිරිපාල ගම්ලත් එජාපෙට යටින් වැඩ

Image
(2009 දෙසැම්බර් 23 - W3Lanka ) දැ නට රටේ පවතින සහල් මිළ ඉහළ යාමේ තත්වයත් සමග කෘෂිකර්ම සංවර්ධන හා ගොවි ජන සේවා සංවරධන ඇමති මෛත්‍රීපාල සිරිසේන හා ගොවිජන සේවා ඇමති සිරිපාල ගම්ලත් හොර රහසේ එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන්නේ ද යන සැකයක් මතු වී තිබේ. එ.ජා.ප.යට සම්බන්ධ ඇතැම් ව්‍යාපාරිකයන් සහල් සඟවා තබාගෙන සහල් හිඟයක් රට තුළ පවතින්නේ යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට මේ දිනවල උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ජනතාවට අවශ්‍ය සහල් පිටරටින් ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා බව මහනුවර ජනාධිපති මන්දිරයේ ඊයේ පැවැති රැස්වීමකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය. ඒ අනුව පකිස්ථානය, වියට්නාමය හා පිලිපීනය යන රටවල් සමඟ දැනටමත් මේ පිළිබඳව සාකච්ඡා කැර ඇතැයිද ඔහු පවසයි. ඉහත නම් සඳහන් කරන ලද පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරුන් දෙදෙනා සහල් තොග සැපයුම් සිදු කරන රටේ ප්‍රධානත ම සමාගම් හිමිකාරිත්වය සමග ඍජුව ම සම්බන්ධ ය. 1977 දීත් මේ ආකාරයටම අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තබා ගනිමින් දේශපාලන අරමුණ වෙනුවෙන් ඇතැම් ව්‍යාපාරික පිරිස් ක්‍රියා කළ බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ය.

කාපිය පොලොස්! හාල් මිළ ගස්

Image
(2009 දෙසැම්බර් 09 - W3Lanka ) ඉදිරි මාස කීපයේදී වෙනත් භාණ්ඩවලට අමතරවසහල් මිළ ද ශීඝ්‍රයෙන් ඉහළ යන ලකුණු පහළ වී තිබේ.  පසුගිය යල් කන්නයේ මෝල් හිමියන් විසින් මිළ දී ගනු ලැබූ සහල් තොග දැන් අවසන් වෙමින් තිබේ.  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් වී තොග නොමැතිකම නිසා මේ වන විට වී මෝල් 300ක් පමණ වසා දමා ඇති බව වාර්තා වේ.  දැනට වී වැපිරීම අවසන් වී තිබෙන මාස් කන්නයේ අස්වනු නෙළා ගැනීම සිදු වන්නේ පෙබරවාරි, මාර්තු මාසවලදී ය.  දැනටමත් වෙළඳපොළේ හොඳ තත්වයේ අලුත් රතු කැකුළු සහල් කිලෝවක මිළ රු. 80ක් පමණ වේ. මිළ අඩුවෙන් විකුණනු ලබන සහල් වර්ග ඉතා බාල තත්වයේ ඇති පැරණි ඒවා බව පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

බත් කන්නේ බලාගෙන! හාල්වල විෂ වර්ණක

Image
(2009 ඔස්තෝබර් 31 - W3Lanka ) ලංකාවේ නීතිය අනුව ධාන්‍ය ආහාරවලට වර්ණක යෙදීම නීති විරෝධී වුව ද, මේ වන විට වෙළඳපොලේ මෙවැනි වර්ණක යෙදූ රතු සහල් සුලබ බව නිරීක්ෂණය කළ හැකි ය.  මෙම වර්ණක බොහෝ විට විෂ සහිත ඒවා වන අතර, එම සහල් විකිණීම නීති විරෝධී ය. එහෙත් නිසි පරිදි වැටලීම් සිදු නො වීම නිසා මෙම ජාවාරම දිගට ම සිදු වෙමින් පවතී.  මේ වසරේදී බංඩාරගම ප්‍රදේශයේදී කළවැටලීම්වලින්පසු සහල් හා පරිප්පු සාම්පල රස පරීක්ෂක වෙත යවා කරන ලද පරීක්ෂණවලින් අනතුරුව වර්ණ ගැන්වූ සහල් හා පරිප්පු විකිණූ සුපිරි වෙළඳසලක් ඇතුළු 18දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සී.එම්. ජයලත් පවසයි.