සිංහල යුනිකෝඩ් අකුරු ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට


 මෙතනදී අප ඔබට උපදෙස් දෙන්නේ ලංකාවේ බොහෝ දෙනා භාවිතා කරනු ලබන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක සිංහල අක්ෂර ස්ථාපනය කරගන්නා ආකාරය පිළිබඳවයි. එහිදී අප උපයෝගී කරගන්නේ හෙළකුරු ඇප් එකයි.

හෙළකුරු ඇප් එක සංවර්ධනය කරන ලද භාෂා ආයතනයේ වෙබ් අඩවිය මෙතැනින් පිවිස බලන්න.

පළමු පියවර: ඔබේ ජංගම දුරකථනයේ ගූගල් ප්ලේ ස්ටෝර් එක වෙත පිවිසෙන්න.


ඉහළ තීරයේ මෙසේ ටයිප් කරන්න.

දැන් හෙළකුරු තෝරා පහත දැක්වෙන පරිදි ඉන්ස්ටෝල් බොත්තම ක්ලික් කර එය පිහිටුවාගන්න.
දැන් ඕපන් බොත්තම ඔබන්න.


දැන් ඉදිරියට යන්න ඔබන්න.

සක්‍රිය කරන්න.

හෙළකුරු ඉදිරියේ ඇති ස්විචය ඔන් කරන්න. එය කොළ පාට වේ. (අවසන් නැහැ. තව පහළට යන්න)

පහත දැක්වෙන ආකාරයේ පණිවුඩ එයි. ඒ ගැන කලබල වන්නට එපා. ඕකේ කරන්න. ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ආදිය ජංගම දුරකථනයේ සේව් කර තබන්න එපා.

දැන් මාරුවෙන්න බොත්තම ඔබන්න.

ඔබ දැන් හෙළකුරු යතුරු පුවරුව වෙත මාරු විය යුතුයි. මේ රූපයේ දැක්වෙන්නේ සැම්සුන් යතුරු පුවරුව භාවිතා කරන බවයි. ඒ යතුරු පුවරුව තමයි ඔබ කලින් රූපවලදී දැක්කේ.

යතුරු පුවරුව මාරු කරගත් පසු ෆේස්බුක් හෝ වෙනත් ඕනෑම යතුරුලියනය කළ හැකි තැනක් ස්පර්ශ කර යතුරු පුවරුව අරගන්න.

සිං යනුවෙන් දැක්වෙන සිංහල යතුරු පුවරුව තේරූ විට ඔබට සිංහල අකුරු ඉංග්‍රීසි ඇසුරෙන් ලිවිය හැකි යතුරු පුවරුවක් ලැබෙනවා. පහත දැක්වෙන්නේ එයයි. එහි තිබෙන මයික්‍රෆෝන අයිකනය ක්ලික් කර, එහිදී ඉල්ලා සිටින අවසරය දුන් පසු ඔබ කතා කරන දේ හඳුනාගෙන ඉබේම ටයිප් වීමත් සිදුවෙනවා. එය හරිම පහසුයි. කරලා බලන්න. හැබැයි යමක් ප්‍රසිද්ධ කරන්නට පෙර වචනය හරියට ටයිප් වෙලාදැයි නැවත පරීක්ෂා කරන්න.

හැබැයි අපි ඔබට නිර්දේශ කරන්නේ ඉහත දැක්වුණ යතුරු පුවරුව නෙමෙයි.

ඉහත රූපයේ යතුරු පුවරුවේ ඉහළින් ම දැති රෝද අයිකනයක් දැක්වෙනවා නේද? එය දීර්ඝව ඔබන්න. එවිට පහත දැක්වෙන වින්ඩෝව විවෘත වෙයි.

එහි Sinhala Input Method ක්ලික් කරන්න.

අප ඔබට නිර්දේශ කරන්නේ සිංහල විජේසේකර යතුරු පුවරුවට හුරු වන ලෙසයි.

පරිගණකයක සිංහල ස්ථාපනය කරගන්නා හැටි විස්තර මෙතැනින් කියවන්න >>




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා