Posts

Showing posts from May, 2021

සමිත හිමි, ක්‍රිස්ටෝපල්, එසයිලම්, පළමු මන්ත්‍රී හිමි, සුනාමිය, රෝයල් පාක්

Image
  May 30, 2021   admin   People අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු භික්ෂුව බද්දේගම සමිත හිමියෝය. ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කර 2001 මහ මැතිවරණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ජයගෙන පාර්ලිමේන්තුව නියෝජනය කළ උන් වහන්සේ හේතුවෙන් පාර්ලිමේන්තුවට සුදුසු ඇඳුම් අතරට සිවුර ද එකතු කිරීමට සිදු විය. 2009න් පසුව සමිත හිමියෝ ගාල්ල දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභාව නියෝජනය කළහ. 1977 ජයග්‍රහණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ මර්දනය කිරීම සඳහා මැර බලය පුළුල් ලෙස යොදාගත්තේය. එජාපට සම්බන්ධ දැවැන්ත මැරවර බලකායක් රට පුරා පැවති අතර ඔවුන්ගේ මර්දනයට ලක්නොවූ කිසිදු විරුද්ධ පාක්ෂිකයකු නැති තරම්ය. 1978 මාර්තු 16වැනිදා කැළණි සරසවියට ඇතුළුව සිසුන්ට පහරදීමට උත්සාහ කළ එජාපයේ සමවාදී ශිෂ්‍ය සංගමයට හිතවත් මැරවරයකු වූ වූ ක්‍රිස්ටෝපල් ජයතිලක සිසුන්ගේ ප්‍රතිප්‍රහාරවලින් මරණයට පත්වූ අතර බද්දේගම සමිත හිමියන්ට මිනීමැරුම් චෝදනා එල්ල විය. එහෙත්, නඩුව අවසානයේදී සමිත හිමි නිදහස් විය. ඔහුගේ නඩුව වෙනුවෙන් පෙනීසිටියේ සමසමාජ නායකයන් හා කීර්තිමත් නීතීඥවරුන් වූ කොල්වින් ආර

දිනෙන දින සාමාන්‍යකරණය වන කොවිඩ්-19

Image
  May 29, 2021   admin   Health   Politics අජිත් පැරකුම් ජයසිංහ මගේ බිරිඳ සෞඛ්‍ය සේවිකාවක්. ඇගේ ආසන්නතම ප්‍රධානියාගේ සැමියා හමුදාවේ සිට විශ්‍රාම ගිහින් දැන් වෘත්තීය ගොවියෙක්. ඔහුට උණ නිසා, ලෙප්ටස් පයිරෝසිස්වලින් බේරෙන්නට ගත යුතු ප්‍රතිකාර හරියට නොගත් නිසා මී උණ වන්නට ඇතැයි සිතා රෝහල් ආවා. රෝහල්ගත කරන්නට පෙර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් කළා. කොවිඩ්-19 පොසිටිව්. රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය පිළිබඳ ගැටලුවක් නොතිබුණු නිරෝගී පුද්ගලයකු නිසා ඔහු දැන් ගෙදර. ඒ සෞඛ්‍ය සේවිකාව එදා රාජකාරි කරන්නට සූදානම්ව සිටියත්, ඇයත් දැන් ගෙදර ගොස් නිරෝධායනය වෙනවා. ඒක කරන්නෙ ස්වයංවමයි. කවුරුවත් ආශ්‍රිතයන් සොයලා උපදෙස් දීලා නෙමෙයි. ඇය පළමු පෙළ ආශ්‍රිතයෙක්. එන්නත් මාත්‍රා දෙකම ගත් නිසා අවදානම අඩු ඇති. මගේ බිරිඳ පළමු පෙළ ආශ්‍රිතයාගේ ආශ්‍රිතයෙක්. ඉස්සර නම් ඒ අයවත් සොය සොයා කන්දකාඩු ගෙනිච්චා මතකද? දැන් ඒවා කරන්න ගියොත් රෝහල් සේවා පවත්වාගෙන යන්න බැහැ. ඒ තරමට කාර්ය මණ්ඩල හිඟයි. ඒ විතරක්ද? ආරක්ෂිත ඇඳුම් ඇඳගත් පොම්පකාරයෝ මහජන මුදලින් මිලදීගත් ක්ලෝරීන් රසායනික මිනිසුන්ගේ ඇඟේයි, පාරවල් පුරා ඉහ ඉහ ගිය හැටි මතකද? කෝ දැන් ඒ මළ ක

ශ්‍රී ලංකාව අලුතින් වරනැගෙන ලක්ෂ්‍යය සොයන අන්තර්ජාල කතා සාප්පුවක්

Image
  May 28, 2021   admin   Economy   News වරාය නගර පනත කඩිමුඩියේ සම්මත කරගැනීමෙන් පසුව, ශ්‍රී ලංකා රජය ආයෝජකයන් ආකර්ශනය කරගැනීම සඳහා 2021 Invest Sri Lanka නමින් ආයෝජන සමුළුවක් සංවිධානය කර තිබේ. 2021 ජුනි 7, 8, 9,10 දිනවල අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන මෙම සමුළුව සංවිධානය කරන්නේ ලංකා වානිජ මණ්ඩලය, ආයෝජන මණ්ඩලය හා කොළඹ කොටස් වෙළඳපොළ ඒකාබද්ධවයි. මෙම ආයෝජන සමුළුවේ වෙබ් අඩවියට  මෙතැනින්  පිවිසිය හැකිය. ආයෝජකයන් දහසක් ආකර්ශනය කරගැනීම මෙහි අරමුණ බව ලංකා වානිජ මණ්ඩලයේ සභාපති හෑන්ස් විජේසූරිය පවසයි. වරාය නගරය, වැලිකඩ බන්ධනාගාරය, කල්පිටිය සංචාරක කලාපය, කොළඹ නගරයේ, ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභා බල ප්‍රදේශෙයේ, මහනුවර ඇතුළු ප්‍රදේශ රැසක රාජ්‍ය දේපල රැසක් ආයෝජන සඳහා සමුළුවේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර තිබේ.  මෙතැනින්  ඒවා බැලිය හැකිය. ජනාධිපති හා අගමැති ප්‍රමුඛ ආණ්ඩුව, රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර ආයතන, ආර්ථික සංවිධාන හා දේශීය හා විදේශීය ආයෝජකයන් නියෝජනය කරන කථික මඬුල්ලක් මෙම සමුළුව අමතන අතර දින ගණනක මෙම කතා සාප්පුවේ කථික ලැයිස්තුව  මෙතැනින්  නැරඹිය හැකිය. චීනය, ඉන්දියාව, කොරියාව, ජපානය, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය

එන්නත්කරණය ඉදිරියේ ලෝකයේ යල්පැනගිය ලොක්ඩවුන් ලංකාවට දැමීම

Image
  May 25, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ පළමු කොරෝනා රැල්ලේදී මුළු රට පුරාම මාස දෙකකට වැඩි කාලයක් පුරාම ඇඳිරි නීති පැනවීමට ශ්‍රී ලංකාවෙ ආණ්ඩුව කටයුතු කළේය. එයින් ආර්ථිකයට හා ජන ජීවිතයට අතිවිශාල හානියක් සිදුවිය. රජය සමෘද්ධි අරමුදල් භාවිතා කරමින් දිළිඳුභාවයට පත් ජනයාට රු. 5,000 බැගින් කිහිප වරක් පිරිනැමුවේය. කෙසේ වෙතත්, ආණ්ඩුව මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමට පළමු රැල්ල මර්දනය කරගැනීම ද හේතු විය. 2020 ඔක්තෝබර් මාසයේදී පමණ පැනනැගුණු දෙවෙනි කොරෝනා රැල්ල සමයේ ආණ්ඩුව වඩා නිර්භීත වෙමින් සීමිත ඇඳිරි නීති හා සංචරණ සීමා පනවමින් කොවිඩ්-19 සමග ජීවත් වීමේ නව සාමාන්‍ය තත්වයක් ප්‍රවර්ධනය කළේය. ඒ අනුව, පාසල් පවා විවෘත කරන ලදී. 2021 සිංහල අලුත් අවුරුදු සමයේ රජයේ පාලනයෙන් තොරව ජනතා ඒකරාශී වීම් සිදුවූ අතර ඒ සමගම තුන්වන රැල්ලක් පැනනැගිණි. ඒ වනවිට වසංගතය සමාජය තුළ ව්‍යාප්තව තිබුණු අතර තුන්වන රැල්ලෙහි රෝගීන් වාර්තා වීම හා මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගියේය. තුන්වන කොරෝනා රැල්ල මැඩපැවැත්වීම සඳහා සති දෙකක අගුලුලෑමක් කළ යුතු බව වෛද්‍ය සංවිධාන ගණනාවක් සහ ඔවුන්ගේ මතය ප්‍රවර්ධනය කරන පිරිස් විසින් රජයට

ආපදා අවම කරන සෙන්ඩයි ආකෘතිය

Image
  May 24, 2021   admin   Disaster   Life අජිත් පැරකුම් ජයසිංහ කොවිඩ් -19 ගෝලීය මට්ටමේ ආපදාවකි. එයට අමතරව මෙම ලිපිය සම්පාදනය කරනු ලබන 2021 මැයි 24 දින වන විට නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග ශ්‍රී ලංකාවේ බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වල ගංවතුර හා නායයාම් ආපදා තත්වයක් පැනනැගී තිබේ. ස්වාභාවික ආපදා සම්පූර්ණයෙන්ම වළක්වාගත නොහැකිය. එහෙත්, එමගින් සිදුවන අවදානම් අවම කරගත හැකිය. උදාහරණයක් ලෙස ගංවතුර මගින් සිදුවන හානි අවම කරගත හැකිය. ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය 2015දී ජපානයේ සෙන්ඩයි නුවරදී පැවැත්විණි. එයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 180ක් සහභාගී වූහ. ආපදා අවදානම් අවම කිරීමේ සෙන්ඩයි ආකෘතිය (SFDDR) යනු මෙම සමුළුවෙහි ප්‍රතිඵලය ලෙස නිකුත් කරන ලද ලේඛනයයි. SFDDR ප්‍රධාන ‘අරමුණ’ වන්නේ අලුත් හා පවත්නා ආපදා අවදානම් වැළැක්වීමයි. එය සිදුකරනු ලබන්නේ, ඒකාබද්ධ හා සියලු අංශ ඇතුළත් කරගත් ආර්ථික, ව්‍යූහාත්මක, නීතිමය, සමාජ, සෞඛ්‍ය, සංස්කෘතික, අධ්‍යාපනික, පාරිසරික, තාක්ෂණික, දේශපාලනික හා ආයතනික ක්‍රියාමාර්ග හරහායි. එමගින් ආපදාවලට නිරාවරණය වීමේ අවදානම හා ආපදාවලට ගොදුරුවීමේ හැකියාව අවම කරනු ලැබේ

කළු දිලීර රෝගය හෙවත් මියුකොමයිකොසිස් ගැන විද්‍යාත්මක කරුණු

Image
  May 24, 2021   admin   Health ඊශා කප්පරගේ ඉන්දියාවේ පැතිර යමින් තිබෙන කළු දිලීර රෝගය ශ්‍රී ලංකාවේ ද පැතිර යන්නේ ද යන බියක් නිර්මාණය වී තිබේ. කළු දිලීර රෝගය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ මියුකොමයිකොසිස් (mucormycosis) ලෙසයි. එය මින් පෙර ද ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. මෙම පර්යේෂණ පත්‍රිකාව එවැනි රෝගියකු පිළිබඳ පළ කරන ලද එකකි. කියවන්න:  Rhinocerebral mucormycosis : a case report එම වාර්තාවේ දැක්වෙන ආකාරයට මියුකොමයිකොසිස් යනු දිලීර ආසාදන සමූහයකි. දිලීරවලට අප සාමාන්‍යයෙන් කියන්නේ පුස් කියාය. කළු දිලීර රෝගය මගින් මිනිසුන්ට ජීවිත තර්ජන පවා ඇති වේ. එය ඇති වන්නේ පරිසරයේ ඉතා සුලබව හමුවන දිලීර විශේෂ මගිනි. ආශ්වාසය මගින් ඒවා ශ්වසන මාර්ගයට ඇතුළු වී කෝටර හෝ පෙනහලු ආසාදනය කළ හැකිය. දිලීරවලින් බේරී සිටීම ඉතා දුෂ්කර කාර්යයකි. ප්‍රතිශක්තිය පිළිබඳ ගැටලු සහිත කොවිඩ්-19 රෝගීන් එන්-95 මුඛ ආවරණයක් නිවැරදිව පැළඳීමෙන් හා පස්, ඉදිකිරීම් ස්ථාන ආදිය මගහැර සිටීමෙන් යම්දුරකට මෙය මගහරවාගත හැකි බව සඳහන් වේ. කෙසේ වෙතත්, මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වන්නේ නැත. කොවිඩ්-19ට පෙර දියවැඩියා, ශරීර අම්ල අසමතුලිතතා, ගැඹුරු තුව

ලංකාවට වෙන්නෙ මොකක්ද?

Image
  May 23, 2021   admin   Health   Politics ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වසංගතයේ තුන්වන රැල්ලක් ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එයට ගොදුරු වූ නවතම හා ප්‍රසිද්ධම පුද්ගලයන් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිඳ ජලනිය. මේ වන විට රෝගයෙහි සමාජ ව්‍යාප්තියක් සිදුවී තිබෙන බවට සියලු සාක්ෂි පෙනෙන්නට තිබියදීත්, ආණ්ඩුව පමණක් එය පිළිගන්නේ නැත. එතැන් සිටම ආණ්ඩුව කියන දේ සමාජය පිළිගන්නේ ද නැත. කොවිඩ්-19 සම්බන්ධයෙන් තොරතුරු ගලායාමෙහි බරපතල අඩුපාඩුකම් තිබේ. පරස්පර පණිවුඩ සන්නිවේදනය වීම ඒ අතර ප්‍රධාන ගැටලුවකි. උදාහරණයක් ලෙස රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන කියන පරිදි ජුනි මාසය අවසන් වන විට කොවිඩ්-19 පාලනය කරගත හැකි මට්ටමට ප්‍රමාණවත් තරම් එන්නත් ලංකාවට ගෙන්වීමට කටයුතු කර තිබේ. ඔහු කියන පරිදි එන්නත් මිලියන 32ක් ලංකාවට වෙන්කරගෙන හමාරය. ඒවා 2021 දෙසැම්බරය වන විට රටට ලැබේ. එහෙත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැනි අය කියන්නේ ශ්‍රී ලංකාවට එන්නත් ලබාගැනීම එතරම් පහසු නැති බවයි. රාජ්‍ය ඖෂධ සංස්ථාව කියන පරිදි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන ඇස්

වැටුප් නොගෙවන ශ්‍රමය

Image
  May 20, 2021   admin   Women අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2021-05-20 වැටුප් නොගෙවන ශ්‍රමය ගැන කතාබහක් නිර්මාණය වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ස්ත්‍රී පුරුස සමාජ සමනාත්මතාව හා සාධාරණත්වය ප්‍රවර්ධනය කරන සංවිධාන හා පුද්ගලයන් මේ පිළිබඳ කතාකරන්නට පටන්ගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරියගේ පාර්ලිමේන්තු කතාවකදීත් මේ පිළිබඳ සඳහන් වුණා. සමහර විට මෙම සංකල්පය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත වූ පළමු අවස්ථාව එය විය හැකියි. වැටුප් නොලබන ශ්‍රමය යන සංකල්පයෙන් විස්තර වන්නේ විශේෂයෙන්ම පවුල් සාමාජිකයන් පවුල වෙනුවෙන් කරනු ලබන කටයුතුයි. මේවා බොහෝ විට ගෙදරදොර වැඩ හෝ සත්කාර කටයුතු වෙනවා. එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය පවසන පරිදි, සත්කාර කටයුතු යනු, කවුරුත් ඍජුවම සම්බන්ධ වන, පෞද්ගලික හා බොහෝවිට භාවාත්මක සම්බන්ධතාවක්. දරුවකුට කෑම කැවීම, දුබල, මහළු පුද්ගලයකු නෑවීම හෝ පවුල තුළ සම්බන්ධතා පවත්වාගැනීම, දුක්ගැනවිලිවලට විසඳුම් ලබාදීම හා ගැටුම් විසඳීම වැනි කටයුතු වෙනුවෙන් යොදනු ලබන මානසික වෙහෙස ඒ සමග සම්බන්ධයි. ගෙදරදොර වැඩ අතර ඉවුම් පිහුම්, ගේ දොර පිරිසිදු කිරීම,

ඔහු මරා දැමූ මිනිසා – THE MAN HE KILLED කවියේ පරිවර්තනය

Image
  May 19, 2021   admin   Art   Literature   Poetry Thomas Hardyගේ කවියේ පරිවර්තනය අජිත් පැරකුම් ජයසිංහ ඔහුත් මාත් මෙහි නොව කොහේ හෝ තැබෑරුමක හමු වුණි නම් අප වාඩි වී අඩියක් ගසනු ඇත රවුම් ගණනක් ම බොනු ඇත ඒත් අපි හමුදා දෙකක මුහුණට මුහුණ සටනේ මම ඔහුට වෙඩි තැබුවෙමි එතැනම මරා දැමුවෙමි මා ඔහු මරා දැමුවේ ම්…. ඔහු මගේ සතුරා නොවැ ඔව් ඒකනේ, ඔහු මගේ සතුරා තේරුණා නේද, ඔහු මගේ සතුරා මං හිතන්නේ ඔහුත් මං වගෙම වෙන්න ඇති රස්සාවක් නැතුව පිච්චියක් අතේ නැතුව ඒ මදැයි හේතුව බැඳෙන්නට යුද්දෙ හරි අමුතුයි නේ එහිදි ඔබ මරන මිනිහා හමු වුණා නම් තැබෑරුමක අඩියක් ගසා සාක්කුවටත්  කීයක් හෝ දමනු ඇත -අජිත් පැරකුම් ජයසිංහ 2017 – 05 -18 (තෝමස් හාඩි විසින් ලියන ලද පහත සඳහන් කවියේ අනුවාදයකි) The Man He Killed BY THOMAS HARDY “Had he and I but met By some old ancient inn, We should have sat us down to wet Right many a nipperkin! “But ranged as infantry, And staring face to face, I shot at him as he at me, And killed him in his place. “I shot him dead because — Because he was my foe, Just so: my foe of course he was; That’s clear

ගංවතුර කඳවුරේ නයනා (කෙටිකතාව)

Image
  May 17, 2021   admin   Art   Fiction   Literature අජිත් පැරකුම් ජයසිංහ නයනා ගෙදරට ඇතුළු වන විට එය එකම මඩ ගොඩකි. ඇය නිතර මොප් කර පිරිසිදුව තබා ගත් ටයිල් කළ ගෙබිම කෝපි පැහැති කුණු මඩින් වැසි කුඹුරක් වැනි ය. සාලයේ සෝපාවේ කූලිච්චං මඩින් හා දියෙන් බත් වෙලා ය. ප්ලාස්ටික් පුටු, ඡායාරූප, විසිතුරු බඩු පාවී ගොස් තැන තැන වැටිලා ය. බිත්තිය මත කර වටක් උසට කහට පැහැති දිය පැල්ලමකි. කාමරයේ අල්මාරිය ඇර බැලූ ඇගේ පපුව හෝස් ගා දැවී ගියේ ය. සාරි, ගවුම්, ළමා ඇඳුම් ආදියෙන් තවමත් දිය බේරේ. ඇය අල්මාරි ලාච්චුව ඇර බැලුවා ය. වටිනා ලියකියවිලි සියල්ල තෙමී ඇත. ඒ අතර රත්තරං බඩු උකස් පත්‍රිකා ද ඇති බව සිහි වී ඇගේ අත නිතැතින් ම ගෙලට ගියේ ය. ඇය ඇඳ මත වාඩි වුණා ය. එසැණින් ම දැනුණ තෙත නිසා වහා නැගිට්ටා ය. ඒ සමග ම ඇඳ පැත්තකට ඇල විණි. බෝඩ්වලින් හදන ලද එය නැවත පාවිච්චි කරන්නට බැරි වනු ඇත. එය දැනටමත් තෙමී, පෙඟී පපඩමක් සේ පිම්බී ඇත. ගෘහ භාණ්ඩ ගන්නට ගත් ණය තවමත් ගෙවා අවසන් වී නැත. දරුවන්ගේ කාමරය පුරා පොත්පත් විසිරී ඇත. ඒවා මත ද තෙත මඩ තට්ටුවකි. කළු පාට කුණු මඩවල නහය කකාරවන ගඳ නිසා ඇය නහය හකුළුවා ගත්තා ය. කිළිටි වී මඩ තැවරී කා

මියන්මාර් සිවිල් විරෝධතාවේ දින 100කට පසු

Image
  May 17, 2021   admin   International බර්නාඩ් එදිරිසිංහ ‘මියන්මාර් සිවිල් නිති කඩ කිරීමේ අවිහිංසාවාදි ව්‍යාපාරය (CDM) වෙනත් අවිහිංසාවාදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරවලට අනුබලයක්’ බව නෝර්වේ ඔස්ලෝ සරසවියේ සමාජ විද්‍යා මහාචාර්ය ක්‍රිස්ටීන් ස්ටාකි පැවසුවාය. CDM සංවිධානය   නොබෙල් සාම ත්‍යාගය   පිණිස නාමයෝජනා කර තිබේ. එම නාමයෝජනාව 2022 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගය පිණිස සලකා බලනු ඇතැයි අපේක්ෂිතය. මියන්මාර් ජුන්ටාවට එරෙහිව ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය, නිදහස හා  සියලු බුරුම ජනවර්ග සඳහා සමානත්මතාවය වෙනුවෙන් සටන් වැද සිටින මියන්මාර් බහුතරයක් ජනතාවගේ  සහ ඊට සහයෝගය පළ කරන ජගත් ප්‍රජාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරලීමට සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරය සමත්වේද?  සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරය දියත් වු අවස්ථාවේ මියන්මාර්හි පැවැති තත්ත්වයෙහි වැදගත් කරුණු දෙකක් සලකුණු කළ හැකිය. මියන්මාර් සමාජ ඒකාග්‍රතාවය බිඳී තිබිම ඉන් පළමුවැන්නයි. මියන්මාරය විචිත්‍ර වර්ණ රටා සහිත පලසක් මෙන් ජනවර්ග හා කලාපීය භාෂා විවිධත්වයක් සහිත ජනතාව එකට එක්වී ගොඩනඟාගත් සමාජයක් ලෙස හැඳින්විය හැකිය. එරට මිලියන 50ක් වන ජනගහනයෙන්  ප්‍රධාන