Posts

කැලේ පැන්න හැමෝටම ආපහු ව්‍යවස්ථාව මතක් වෙයි

Image
  July 12, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ අධිකරණයෙන් බඳින ලද ඉනිමං භාවිතා කරමින් කොළඹට එක්රැස් වූ ලක්ෂයක පමණ උපරිමයක් විය හැකි මොබ් එකක් විසින් පහරදී ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අගමැති නිල නිවස සහ රනිල් වික්‍රමසිංහගේ හා ඔහුගේ සොයුරු චන්න වික්‍රමසිංහගේ නිවාස අර්ධ වශයෙන් විනාශ කර, පොදු දේපළ අල්ලාගැනීමෙන් අනතුරුව එම ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන විකාරරූපී තත්වය හා රට පුරා නිර්මාණය වී තිබෙන නීතියෙන් තොර අරාජික තත්වය මේ වනවිට එය නිර්මාණය කිරීමට මුල්වූ ඇතැම් පාර්ශ්වවල පවා දැඩි අවධානයට ලක්වී තිබේ. අරගලයේ උරුමකරුවන් ලෙස පෙනීසිටින ඕමල්පේ සෝභිත හිමි, කාදිනල් හිමිගේ විවිධ නියෝජිතයන් ආදියෙන් සමන්විත පිරිස ජුලි 12දා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අරගලකරුවන් ලෙස ඔවුන් හඳුන්වන පිරිස ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමග එම ස්ථානවලින් ඉවත්ව වී යා යුතු බව ද, ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු බව ද, ව්‍යවස්ථාවට පිටින් කරනු ලබන පාලනයන් පිළිනොගන්නා බව ද පැවසූහ. අරගලයට සම්බන්ධ විවිධ කොටස් ඇතුළු විවිධ පාර්ශ්ව විසින් ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය යටපත් කිරීමට අදහස් කරමින් නිකුත් කරනු...

මොබ් එකෙන් එළියට ඇවිත් හිතමු

Image
  July 11, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මොබ් එකක් යනු, අරමුණක් වෙනුවෙන් යොමුවූ, අසංවිධානාත්මක හෝ සංවිධානාත්මක, සැලසුම් කරන ලද හෝ ක්ෂණිකව පැනනැගුණු, ශාරීරික හා වාචික ශක්තිය මත ක්‍රියාමාර්ග ගන්නා, බුද්ධියට වඩා ආවේගවලට ප්‍රමුඛතාව දෙන, සාමූහික මිනිස් ක්‍රියාකාරීත්වයකි. (අර්ථකථනය මගේය. කාගේවත් උපුටාගැනීමක් හෝ අදහස් සාරසංග්‍රහ කිරීමක් නොවේ.) ප්‍රජාතන්ත්‍රවාදය, සාධනීය සමාජ විපර්යාස, මානව හිමිකම්, පුද්ගල නිදහස, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, ජීවත්වීමේ අයිතිය, වධහිංසනයට ලක්නොවීමේ අයිතිය වැනි වටිනාකම් මොබ් නිසා අවදානමට ලක්විය හැකිය. බුද්ධිමත් ක්‍රියාමාර්ග ගත යුත්තේ මොබ් ප්‍රචණ්ඩත්වය මැද නොවේ. මොබ් විසිර ගොස් හෝ මොබ් මානසිකත්වය පහව ගොස් සන්සුන් වූ පසුවය. ජුලි 9 විප්ලවය නම් වන මොබ් ක්‍රියාවලියෙන් පසු මැයි 11 වන විට මේ පිළිබඳ සන්සුන් මනසකින් බලන්නට කැමති අයට දැන් ඊළඟට කරන්නේ කුමක්දැයි කල්පනා කළ හැකිය. ජුලි 9 විප්ලවය නිසා මේ වන විට සිදුවී තිබෙන දේ නම්, රාජ්‍යය අකර්මන්‍ය වීම, ආණ්ඩුව අක්‍රිය වීම හා පොලිසිය, හමුදාව වැනි අංශ විධිමත් අණ රහිත තත්වයක...

අපි පරාදයි. ජයග්‍රාහකයන් ආණ්ඩුවක් පිහිටුවන්න

Image
  July 10, 2022   admin   Poems අජිත් පැරකුම් ජයසිංහ රටේ සාමකාමී තත්වයක් තිබෙන බව පෙනේ. මා පෙනී සිටි පාර්ශ්වය පරාජය වී ඇති බව ද, මා ද පරාජය වී ඇති බව ද මම පිළිගනිමි. දේශපාලනයේදී ජය පරාජය දෙකම උරුමය. එහෙත්, අරගලය අත්නොහළ යුතුය. මා කටයුතු කළේ ස්වාධීන ක්‍රියාකාරිකයකු ලෙස නිසා මෙතනින් එහාට රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව කුමක් කරනු ඇද්දැයි මා දන්නේ ද නැත. සොයා දැනගන්නට මට උවමනාවක් ද නැත. ඔවුන් තවදුරටත් බලය භාවිතා නොකළ යුතු යයි මා දැනට සිතන නිසා මම ඔවුන්ට තවදුරටත් පාලනය සඳහා සහාය දෙන්නේ ද නැත. ජනාධිපති, අගමැති ඉල්ලා අස්වී මහින්ද යාපාට ව්‍යවස්ථානුකූලව ජනාධිපති ධුරය පැවරිය යුතුය. ව්‍යවස්ථානුකූලව අගමැතිවරයකු පත්කරගැනීම ඔහුගේ වැඩකි. ඔහු ජනාධිපති ධුරයට පත්විය යුතු බව අන්තරේ කැඳවුම්කරු හා අරගලයේ නායකයකු වන වසන්ත මුදලිගේ කල්තබා කී නිසා ඔහුට ඒ අනුව කටයුතු කිරීමට අරගලයේ සහාය ලබාදිය යුතුය. අරගලය නියෝජනය කරන කැබිනට්ටුවක් ගැන අදහසක් මම මෙහි සටහන් කළෙමි. එහි සිටින්නේ අරගල භූමිය ලෙස සැලකිය හැකි ගෝල්ෆේස්හි සිටි අයට වඩා ඔවුන් මෙහෙයවූ අයයි. අරගලයේ ප්‍රභූ හිමිකරුවන් ඔවුන් බව මගේ අදහසයි. එහෙත්, අ...

ජුලි 9

Image
  July 7, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ජුලි 9දා ගෝටා හා ආණ්ඩුව පැන්නීමේ අරගලය සූදානම්ය. එයට සමාන්තරව ප්‍රාදේශීයව සූදානම් කිරීමේ උද්ඝෝෂණ පැවැත්වෙනු දුටිමි. භික්ෂු උපවාසයක් ද ආරම්භ කර තිබේ. එය මාරාන්තික උපවාසයක් යයි ද කියනු ලැබේ. අල්ලා තිබෙන්නේ මාරක නිලයකි. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි දේශපාලන පක්ෂ ද, 43 සේනාංකය වැනි දේශපාලන කණ්ඩායම් ද, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වැනි බහුජන සංවිධාන ද, ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැනි වෘත්තික සංවිධාන ද, සාමාන්‍යයෙන් ඕනෑම විරෝධයකට එක්වන වෘත්තීය සමිති හා සිවිල් සමාජ සංවිධාන ද 9දා සහභාගී වන බව තහවුරු කර තිබේ. කතෝලික ඇතුළු ක්‍රිස්තියානි ආගමික නායකයන්ගේ ද, මුස්ලිම් ප්‍රජාවගේ ද සැලකිය යුතු සහයෝගයක් ද එයට ඇති බව පෙනේ. සමගි ජන බලවේගය එයට නිල වශයෙන් සහභාගී වනවාද යන්න තවම නිවේදනය කර නැත. සජබ සහභාගී වුවහොත් එයට සෑහෙන සෙනගක් ඇදිය හැකිය. ජවිපෙ සතුව ද කැපවුණු සෙනගක් සිටිති. කෙසේ වෙතත්, මේ උද්ඝෝෂණය කැඳවා තිබෙන්නේ සර්වපාක්ෂික අරගලකරුවෝ නම් පාර්ශ්වයක් විසින්ය. එබැවින් එහි යම් දුරකට ආඬි හත්දෙනාගේ කැඳහැළියේ තත්වයක් ...

රට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම

Image
  July 6, 2022   admin   Politics ‍මේ වන විට රට පවතින තත්වය අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. 2018දී තිබුණු දළ දේශීය නිෂ්පාදිතය වන ඩොලර් බිලියන 94ක මට්ටම 2022 වන විට ඩොලර් බිලියන 76 දක්වා අඩු වී තිබේ. 2022 වසරේ ආර්ථික වර්ධන වේගය ඍණ පහකට වැඩියි. මේ වසරේ ජූලි දෙසැම්බර අතර ඩොලර් බිලියන 3ක විදේශ ණය ගෙවිය යුතුයි. ගෙවිය යුතු ණය වසර අනුව පහත දැක්වෙනවා. 2023 ඩොලර් බිලියන 6 2024 ඩොලර් බිලියන 5 2025 ඩොලර් බිලියන 6 2026 ඩොලර් බිලියන 4 2027 ඩොලර් බිලියන 4 ගෙවිය යුතු ණය සම්පූර්ණයෙන් ඩොලර් බිලියන 28ක් වෙනවා. රජයේ මුළු ණය 2021 අවසානය වන විට රු. බිලියන 18ක් වන අතර 2022 මාර්තු වෙද්දී එය 22ක් විය. ජාතික ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 140%ක් වන අතර ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.3%කි. වසර අවසානයේදී උද්ධමනය 60%ක් දක්වා ඉහළ යා හැකිය. රජය දැනට සැලසුම් කර තිබෙන්නේ ආර්ථිකයේ සිදුවන කඩාවැටීම අඩුකරගන්නටයි. 2023 වන විට ඍණ ආර්ථික වර්ධනය ඍණ එක දක්වා අඩුකරගන්නට රජය උත්සාහ කරනවා. ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව අනුගමනය කරනු ලබන මාර්ග සිතියම අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලි...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ අනාගතයට වැදගත් වන හැටි

Image
  July 1, 2022   admin   Economy අජිත් පැරකුම් ජයසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එකඟ වීම මේ මොහොතේ දේශපාලනීක වශයෙන් වැදගත් වීමට හේතු ශ්‍රී ලංකාව සමග ජා.මූ.අ. නියෝජිත පිරිස විසින් පවත්වන ලද දසදින සාකච්ඡාවලින් අනතුරුව කිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන් විය: “මෙම සංදර්භය තුළ, සාකච්ඡා පැවැත්වුණේ, මහේක්ෂ ආර්ථික අසමතුලිතතා නිවැරදි කිරීම, රාජ්‍ය සම්බන්ධ තිරසරභාවය යළි නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා තිබෙන අවස්ථා යථාවත් කිරීම සඳහා වන පරිපූර්ණ ආර්ථික වැඩසටහනක් කෙරෙහි අවධානය යොමුකරමිනි.” “In this context, discussions focused on designing a comprehensive economic program to correct the macroeconomic imbalances, restore public debt sustainability, and realize Sri Lanka’s growth potential.” – IMF මෙහි සඳහන් කාරණා තුන වනාහි ලංකාව සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සහ අනිවාර්ය කොන්දේසි වේ. 1. ශ්‍රී ලංකාව සමස්තයක් ලෙස අපනයන ආදායම අනුව ආනයන කරන, පරිභෝජනය සඳහා නොව වර්ධනය සඳහා ණය ගන්නා රටක් විය යුතුය. ඒ සඳහා, රට මෙහෙයවන රජය ආදායම් වැඩිකරගෙන වියදම් අඩුකළ යුතුය. ආර්ථික, දේශපාල...

වී වෙනුවට රෝස සහ බූලිවලින් සම්බෝල කෙටීම

Image
  June 29, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ බටහිර ඉවුරේ දර්ශනය නම් ෆේස්බුක් පිටුව (වංගීස සුමනසේකර?) එක්ස් කණ්ඩායමේ පැරණි ‘වී වෙනුවට රෝස’ තර්කනය යළි සිහිපත් කරමින් ජූනි 28දා අපූරු සටහනක් පළකරනවා. පහත දැක්වෙන්නෙ එයින් උපුටාගත් කොටසක්. ඉතාම මතු පිට තලයේ දී, යෝජනා කරන්නේ අපේ රටේ ග්‍රාමීය කෘෂිකර්මය ප්‍රතිසංස්කරණය විය යුතු බවයි. එහිදී අප නවීන ලෙස සිතන්න බිය නොවිය යුතු බවයි. ‘වී’ යනු සම්ප්‍රදායික ගතානුගතික සමාජය නියෝජනය කරන හැඟවුම්කාරකයක් වන්නේ නම් රෝස’ යනු නූතනත්වය, අනාගතය, විකල්පය හඟවන වචනයකි. නැවතත්, ‘රෝස’ යන්න 90 දශකයෙන් පසුව පශ්චාත්-නූතන වෙළඳ සංකේතයක් ලෙස ජාන විකෘතියකට ලක් වුවත්, 90 දශකයේ අවසානයේ දී එමගින් ජනිත කළ නවීනත්වය පිළිබඳව බලාපොරොත්තුව තේරුම් ගැනීම අපහසු නැත. අන් සියල්ලට වඩා, මේ සටන් පාඨය මගින් අපේ රටේ ජාතිකවාදී කතිකාවට විකල්ප වූ දේශපාලනයක් පිළිබඳව අදහස තියුණු ලෙස සංකේතවත් කරන ලදී. එම සංකේතය අපට ශක්තිමත් අන්තර්ගතයකින් පිරවිය නොහැකි වූ බව සත්‍යයකි. මෙම පළමු London සඟරාව පල වී ගත වූ දශක දෙක තුළ අපට දැක ගත හැකි වූයේ ‘රෝස’ වලට එරෙහි ‘වී’ වෙනුවෙන් පෙනී සිටි ම...

අනුර කුමාර දිසානායකට අගමැතිකම ලබාදිය හැකි ආකාරය

Image
  June 28, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ “අපට අගමැතිකම දෙනවා නම්, අප කැමති කැබිනට් මණ්ඩලයක් පත්කරගන්නට අවස්ථාව දෙනවා නම්, අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරයක් ගොඩනගලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපට සැලැස්මක් තිබෙනවා,” යි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා තිබේ. ඒ සැලැස්ම කුමක්ද යන්න ඔහු විස්තර කරනවා නම් හොඳය. එවිට බලයේ සිටින වෙනත් පාර්ශ්වයකට වුණත් එය කළ හැකිය. කෙසේ වෙතත්, ජවිපෙ මතය තුළ පවා සර්ව පාක්ෂික ආණ්ඩුවක අදහස නොමැති වීම කැපී පෙනේ. එය වනාහි සර්ව පාක්ෂික නොව ජවිපෙ/ ජාතික ජන බලවේග ආණ්ඩුවකි. නැතිනම් ජවිපෙ කැමති පිරිස් තෝරාගෙන නිර්මාණය කරගනු ලබන සන්ධානයකි. අරගලයේ නායකයන් හෝ එයට ඇතුළත් වේද යන්න පැහැදිලි නැත. අනුර කුමාර දිසානායක කියන මේ දෙයට අවස්ථාව ලබාදිය යුතු යයි මම සිතමි. එහෙත්, පුරවැසියකු ලෙස ඔහුට හෝ ඔහුගේ පක්ෂයට බලය ලබාදීමේ හැකියාවක් මට නැත. ඔහු ඉල්ලන්නේ ජනාධිපතිකම නොවේ. අගමැතිකමයි. ඔහු එය ලබාගත යුතුය. ජනාධිපතිවරයා හමුවී තම වැඩපිළිවෙල පැහැදිලි කර තමාට අගමැතිකම ලබාදෙන ලෙස ඉල්ලා සිටිය යුතුය. පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන්ට ලබාදෙන්න...

පාරට නොබැස ප්‍රශ්න විසඳගන්න හැටි

Image
  June 28, 2022   admin   Politics –  අජිත් පැරකුම් ජයසිංහ ලංකාව දැනට කරගත යුතුව තියෙන්නෙ මේ ටික: 1. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනැ. 2. IMF එක්ක වැඩසටහනකට යන්න ඕනැ 3.. රාජ්‍ය මූල්‍ය විනය ඇතිකරගන්න ඕනැ. රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව අවම කරන්න ඕනැ. 4. ආර්ථික ක්‍රියාකාරකම් බාධාවකින් තොරව ඉදිරියට යන්න ඕනැ. 5. අපනයන ආදායම්, ප්‍රේෂණ, සංචාරක ආදායම වැඩි කරගන්න ඕනැ. (ඔය ටික සඳහා රටේ කලබලවලින්, ත්‍රස්තවාදයෙන් තොර පරිසරයක් තියෙන්න ඕනැ) 6. හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරගෙන, රට සාමාන්‍ය තත්වයට පත්වුණාට පස්සෙ මැතිවරණ පවත්වන්න ඕනැ. 7. එතකල් දැනට තියෙන ආණ්ඩුවට කරගෙන යන දේ කරන්න දෙන්න. ඒවා නොකර ගොඩ යන්නත් බැහැ. ඒවා කරලා ජනප්‍රිය වෙන්නත් බැහැ. 8. තියෙන ආණ්ඩුව හොඳ මදි නම් වඩා හොඳ එකක් හදගන්න පාර්ලිමේන්තුව හරහා උත්සාහ කරන්න. ඒකට කවුරුහරි නායකත්වය අරගෙන සහයෝගය සංවිධානය කරගන්න. 9. පාරට බැස්සයි කියල මේ මොකවත් වෙන්නෙ නැහැ. පාරට බැස්සට ආණ්ඩු පෙරළන්න බැහැ. පාර්ලිමේන්තුවෙන් බල හුවමාරුවක් වෙන්න ඕනැ. එහෙම හුවමාරුවක් වුණත් දැනට තියෙන පාර්ලිමේන්තුවෙන් ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. සජිත් ජ...

මං කඩේ යන්නෙ කාටද?

Image
  June 23, 2022   admin   People   Politics අජිත් පැරකුම් ජයසිංහ මං රනිල්ට කඩේ යනවද? උත්තරය මේ ලිපියේ අග තියෙනවා. එතකොට මං ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ නැද්ද? මං ඔහු බලයට එන එකට හැමදාමත් විරුද්ධව වැඩ කළා. ඔහු බලයට පත්කළේ ඔබයි. හැබැයි, ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඔහු තවමත් ජනාධිපති. පත්කළ ඔබ ඔහු පන්නන්න අරගල කරනවා. ඔබ පරාදයි. එය ඔබත්, ඔහුත් අතර ප්‍රශ්නයක්. මට ඒක එච්චර අදාළ නැහැ. ආණ්ඩු පත්කරලා ඊට පසුදා සිට ඒක පන්නන්න වැඩකරන දේශපාලනයට මං හැමදාමත් විරුද්ධයි. රනිල් හා ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ යම්කිසි සන්ධානයක බව පැහැදිලියි. එහි ගැටලු අනන්තයි. එහෙත්, මේ මොහොතේ එම බලතුලනය තුළ යම් සාධනීය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සඳහා සහයෝගය අවශ්‍යයි. අර්බුදයෙන් ගොඩඒම සඳහා විකල්ප සීමිතයි. දැන් කළ යුතුව තිබෙන්නේ පහත දැක්වෙන දේවල්. ඒවා ආණ්ඩුව කරනවා. 1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එළැඹීම. මේ කටයුතු දැන් ඉදිරියට යනවා. 2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතුව ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම. ඒ සඳහා මේ වන විට පිණිස ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් (Lazard and Clifford Chance) සමාගම සමග කටයුතු කරමින් සිටිනවා. 3. රාජ්‍ය...

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයත් සමග එක්වීම හෙවත් කොරා පිට අන්ධයා නැගීම

Image
  June 22, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ හා ජාජබ සමග විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පෙන්වූ ජවනිකාව ද එහි කොටසකි. විමල් වීරවංශ සිය ආවේණික ලක්ෂණයක් ප්‍රදර්ශනය කරමින් සුපුරුදු පරිදි ඉතා අවමන් සහගතව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගැන කතාකළ මුත්, පාර්ලිමේන්තු වර්ජනයට සහභාගී නොවූයේ සජබ හා ජාජබ වෙතින් එක්ව ගමනකට ආරාධනා නොලැබුණ නිසා විය හැකිය. චම්පික රණවක, කුමාර් වෙල්ගම වැනි තනි අලි රැල්ලට ඔහේ පාවී යන රොඩුකෑලි නිසා ගණන් ගත යුතු නැත. ඔවුන් ඊළඟ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන ක්‍රමයක් සොයාගත යුතුය. ඊයේ සජිත් ප්‍රේමදාස සජබ හා ජාතික ජන බලවේගයත් සමග පාර්ලිමේන්තුවෙන් පිටවන්නේ පාර්ලිමේන්තු දේශපාලනයේ දැවැන්තම පරාජයකුත් සමගය. එනම්, සජබ වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර ඉදිරිපත් කළ 21වන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලැබුණු තීන්දුව. ඔවුන් පිටවෙන්නෙ ඒ ලැජ්ජාව වහගන්නත් එක්ක. සජිත් ප්‍රේමදාසගේ දේශ...