Posts

ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය

Image
  September 1, 2021   admin   Health   Politics ඇමරිකාව විසින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයට දැවැන්ත ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. ෆයිසර් එන්නත ඇමරිකන් එන්නතක් නිසා එය ගුණාත්මක අතින් ඉහළ යයි විශ්වාසයක් සමාජයේ පැවතීම එයට හේතුවයි. දේශපාලනික වශයෙන් ඇමරිකන් විරෝධීන් ලෙස කටයුතු කරන බලවේගයක් ලෙස නිරූපණය වන බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ යථාර්ථය ෆයිසර් හා සිනොෆාම් එන්නත් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පෙනේ. මේ අතර, කියවන්න:  ඩෙල්ටා ප්‍රභේදය නිසා එක්සත් ජනපදයේ එන්නත්වල ඵලදායීතාව අඩුවෙලා සෞඛ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එන්නත්කරණ වැඩසටහන්වලදී ෆයිසර් එන්නත සොරකම් කර තම ඥාති හිතවතුන්ට ලබාදෙන ආකාරය පසුගියදා වීඩියෝ කර මාධ්‍යවලින් ප්‍රදර්ශනය කළේ කිසියම් සැලැස්මකට අනුව යයි මම සිතමි. ඒ සැලැස්මේ ඊළඟ පියවර ලෙස දැන් ෆයිසර් එන්නත ලබාදීම සෞඛ්‍ය අංශවලින් ඉවත් කර හමුදාව වෙත ලබාදී තිබේ. ෆයිසර් එන්නත මින් ඉදිරියට යුද හමුදාවේ මූලිකත්වයෙන් ජනතාවට ලබාදෙන බවත් එන්නත ලබාදෙන නිසි ක්‍රමවේදයෙන් බැහැරව සහ එන්නත ලබාගැනීමට සුදුසුකම් නොලබන කිසිදු පුද්ගලය...

තෝකියෝවේදී හමුවූ මඩපාත අක්කා

Image
  August 29, 2021   admin   People අජිත් පැරකුම් ජයසිංහ 1999 වසරේ ශරත් ඍතුවේදී මම යුනෙස්කෝ ආයතනයේ ලේඛක වැඩමුළුවක් සඳහා ජපානයට ගියෙමි. අප ගිය හැටියේ අප  අතට හෝටල් හා කෑම බිල සම්පූර්ණයෙන් ගෙවීමට තරම් ජපන්නු කාරුණික වූ හ. එතකොට අතේ සල්ලි ද තිබිණි. මතක හැටියට යෙන් 220,000ක පමණ මුදලක් තිබිණි. සල්ලි තිබුණාට ඒ මුදලින් හෝටලයෙන් කන්නට බැරි ය. පිටින් කෑවත් එහෙම ම ය. මා සිටි හෝටලයේ ම නැවතී සිටි ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරියෙක් සිය ගමන් මල්ලේ කිලෝ විස්සේම ගෙනැවිත් තිබුණේ මැගී නූඩ්ල්ස් ය. ඔහු ඉස්තිරික්කයක් ද ගෙනැවිත් තිබිණි. ඒ රෙදි මදින්නට හා රොටි පුච්චන්නට ය. විදෙස් චාරිකා ගැන නො දැන සිටි අපට එවැනි මොළයක් තිබුණේ නැත.  ඒ නිසා ආසියා පැසිපික් කලාපයේ රටවල් 26කින් පැමිණි සිටි අප වැඩි දෙනෙක් එකිනෙකා සමග නිහඬ අවබෝධයකින් යුතුව කළේ වැඩමුළුව අතරතුර දෙන දවල් දහයේ තේ මේසයෙන් උදේ, දවල් වේල් දෙකට ම සප්පායම් වීමයි. සවස තේ වේල ගත් විට රෑට ලයිට් ඩයට් එකකින් ෂේප් විය හැකි විය. ජපන්නුත් මේ සිංදුව දැනගෙන සද්ද නැතිව අපට බඩ කට පුරා කන්නට දුන් හ. ඉතින් දිවා ආහාර වේලාවට අපි වැඩි දෙනෙක...

ලොක්ඩවුන් ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කරන්නට නිර්දේශ

Image
  August 28, 2021   admin   Health 2021 අගෝස්තු 26දා  ලෝක සෞඛ්‍ය සංවිධානයේ  මෙහෙයවීමෙන් රැස්වූ කොවිඩ්-19 තත්වය හා ඉදිරිමග පිළිබඳ හයවන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කණ්ඩායමේ රැස්වීම හරහා ඇඳිරි නීතිය ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. දැඩි ක්‍රියාමාර්ග අඩු වශයෙන් සැප්තැම්බර් 18දා දක්වා හෝ දීර්ඝ කළ යුතු බව ඔවුහු පවසති. මෙම රැස්වීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙහෙයවන ලදමුත්, එමගින් අනිවාර්යයෙන් එම සංවිධානයේ මතය ඉදිරිපත් නොවන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ගූගල් සිතියම්, ජංගම දුරකථන හා ෆේස්බුක් ඔස්සේ ලබාගත හැකි සංචලන දත්ත භාවිතා කරමින් වඩාත් වැදගත් ක්‍රියාමාර්ග හඳුනාගෙන ඒවා තීව්‍ර කිරීම හරහා සංචලනය අවම කිරීම සඳහා කටයුතු කරන ලෙස ද එම පිරිස නිර්දේශ කර තිබේ. එන්නත්කරණය සම්පූර්ණ කිරීමට, ඵලදායී රෝගී ප්‍රමුඛතා ක්‍රමවේදයක් සම්පාදනය කිරීමට හා නිවසේ සිට රෝගීන් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය ප්‍රශස්ථ කිරීමටත් හා රුධිරයේ ඔක්සිජන් මට්ටම පහත වැටීම නිරීක්ෂණය කිරීමටත් ඔවුන් නිර්දේශ කර තිබේ. සීමාකිරීම් සැප්තැම්බර් 18දා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 7,500ක් ද, ඔක්තෝබර් 2දා දක...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු හිරේ

Image
  August 26, 2021   admin   Media   People ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ වන විටත්, මඩකලපුවේ දෙමළ මාධ්‍ය නිදහස් මාධ්‍යවේදියකු වන ගෝකුලම් මාස නවයක කාලයක සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටියි. ඔහුට එරෙහිව එල්ල කරනු ලබන චෝදනාව වන්නේ ඔහු ෆේස්බුක්හි කළ පළකිරීම් මගින් තහනම් කරන ලද දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ප්‍රවර්ධනය කරනු ලබන බවයි. 2020 නොවැම්බර් 29දා ගෝකුලන් අත්අඩංගුවට ගනු ලැබුවේ සෑම මසකම නොවැම්බර් 27 දින පැවැත්වෙන මහවිරු සැමරුම් පැවැත්වීමට රජය ඉඩ නොදීම පිළිබඳ අදහස් සමග කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ ඡායාරූප පළකිරීම නිසාය. මුල් ඡායාරූපයේ සිටින්නේ ඔහුය. මේ අසල තිබෙන ඡායාරූපයේ සිටින්නේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන කීර්ති රත්නායකයි. පසුගිය අගෝස්තු 14දා පොලිසියේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටියි. චීන රජය සමග කටයුතු කරන, ශ්‍රී ලංකාවේ සිටින තලිබාන් ත්‍රස්තයන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට පහරදීමට ඉඩ ඇතැයි තානාපති කාර්යාලයේ නිලධාරියකුට දැනුම් දුන්නේය යන චෝදනාව මත ඔහු අත්අඩංගුවට ග...

ඩෙල්ටා ප්‍රභේදය නිසා එක්සත් ජනපදයේ එන්නත්වල ඵලදායීතාව අඩුවෙලා

Image
  August 26, 2021   admin   Health කොවිඩ්-19 වයිරසයේ ප්‍රමුඛතම ස්වරූපය බවට පත්වී තිබෙන  ඩෙල්ටා ප්‍රභේදය  හේතුවෙන් කොවිඩ්-19 එන්නත්වල කාර්යක්ෂමතාව 91% සිට 66% දක්වා පහත වැටී තිබෙන බව එක්සත් ජනපදයේ Centers for Disease Control and Prevention (CDC) ආයතනයේ අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා. එහෙත්, CDC ජර්නලයේ පසුගිය අගෝස්තු 24දා පළවූ  Morbidity and Mortality Weekly Report (MMWR)  නම් වාර්තාවේ සඳහන් වන ආකාරයට කොවිඩ්-19 එන්නත්කරණයේ වාසි තවදුරටත් වැදගත් වෙනවා. මෙම අධ්‍යයනය සිදුකර තිබෙන්නේ එක්සත් ජනපදයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන ඇරිසෝනා, ෆ්ලොරිඩා, මිනෙසෝටා, ඔරිගන්, ටෙක්සාස් හා උටා යන රාජ්‍ය හයෙහි සෞඛ්‍ය සත්කාර සේවකයන් 4,000ක් වෙතින් 2020 දෙසැම්බර් මැද සිට 2021 අගෝස්තු මැද දක්වා කාලය තුළ ලබාගත් තොරතුරු මතයි. මෙම අධ්‍යයන කාලය තුළ කොවිඩ්-19 එන්නත්වල කාර්යක්ෂමතාවේ සාමාන්‍යය 80%ක් බව අධ්‍යයනය පවසනවා. මෙම සෞඛ්‍ය සේවකයන් අතරින් 83%ක් එන්නත් ලබාගෙන තිබුණා. ඔවුන් අතරින් 65%ක් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ද, 33%ක් මොඩර්නා එන්නත ද, 2%ක් ජොන්සන් සහ ජොන්සන් එන්නත ද ලබාගෙන තිබුණා. එන්...

ලංකාව පෙනෙන තෙක් මානයක ආලෝක ධාරාවක් දැකිය නොහැකි අඳුරු බිම්ගෙයක

Image
  August 25, 2021   admin   Politics පළමු කොරෝනා රැල්ලේ සිට අනුගමනය කරන ලද ප්‍රායෝගික නොවන, අත්තනෝමතික ක්‍රියාමාර්ග දැන් දැන් අවසානයක් දකිමින් තිබේ. කොවිඩ්-19 රජයේ පාලනයෙන් ගිලිහෙමින් තිබෙන තරමට මිනිසුන් පරිස්සම් වෙන්නට පටන්ගෙන තිබේ. මේ දිනවල ලාංකිකයන් රජයේ නිරෝධායන ඇඳිරි නීතියට අනුව කටයුතු කරන ආකාරය කොවිඩ්-19 කාර්ය සාධන බලකායේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ද ප්‍රශංසාවට ලක්වී තිබේ. මේ අතර නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින ජනතාවට ලබාදුන් රු. 10,000ක බඩු මල්ල ද අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් සීමා කර තිබේ. කොවිඩ්-19 වයිරසය ආදායම් සීමා ගැන තකන්නේ නැති බව අමුතුවෙන් කිවයුතු නොවේ. නිවෙස්වල නිරෝධායනය වන මිනිසුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයාගැනීමේ නිල විකල්ප මාර්ගයක් ද නැත. අඩු ආදායම්ලාභීන් යයි රජය සලකන ජනතාවට අමතරව තවත් විශාල පිරිසකට මේ වෙන විට කොවිඩ්-19 හා ඒ සම්බන්ධ ඇඳිරි නීති ආදිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වී තිබේ. කොරෝනා වසංගතයෙන් දේශපාලන වාසි ගැනීම දැන් සම්පූර්ණයෙන්ම අවසන් වී තිබේ. එහෙත්, ආර්ථික ලාභ ප්‍රයෝජන නම් තවමත් අවසන් නැතුවා විය හැකිය. ජනාධිපති ගෝඨාභයගේ චක්ගෝලයකු ව...

වසංගතයට විසඳුම නවීන විද්‍යාවද?

Image
  August 23, 2021   admin   Philosophy   Politics අජිත් පැරකුම් ජයසිංහ මං නූගත් මිනිහෙක්. මගේ නූගත්කම ඇතුළෙ මං කොවිඩ්-19 අධි වසංගතය ගැන සිතන ආකාරය නවීන විද්‍යාවෙ දෘෂ්ටිවාදීමය රාමුවට පිටින් තියෙන්නෙ. මං තේරුම් ගන්න විදියට නවීන විද්‍යාවෙ දෘෂ්ටිවාදය මිනිස් ජීවිතය පහසු කිරීම. දරුවන් ලැබෙන එක සම්බන්ධයෙන් වර්තමානයේදී නවීන විද්‍යාවේ තර්කනය ගැවසෙන්නේ වේදනා නොවිඳීමට තිබෙන අයිතිය සමගයි. දැන් මිනිස් ගැහැණු සතා කියන්නෙ ස්වාභාවික ලෙස දරුවකු ලබන්නට බැරි සතෙක්. සියලු දරු උපත් රෝහල්වල සිදුවිය යුතුය කියන එකත් දැන් පැරණි ඉලක්කයක්. මං හිතන්නෙ මේ වසංගතය මානව පරිණාමයේ එක්තරා යුගයක/ අවධියක අවසානය සලකුණු කිරීම සඳහා උදා වූ අවස්ථාවක්. අපි ඒ අවස්ථාව පාවිච්චි කළොත් මානවයාගේ පැවැත්ම තිරසාර වෙන්න පුළුවන්. හැබැයි, ඒක මිල අධික ඔප්ෂන් එකක්. නූතන සමාජ දේශපාලනික හර පද්ධතිය ඇතුළෙ අපි මරණය සලකන්නෙ බැහැර කළ යුතු දෙයක් හැටියට. මේ සිදුවන දේ ඇතුළෙ අපට මරණය ජීවිතයේම කොටසක් ලෙස ඇතුළාන්තයට ගන්නට බලකරනවා. එතකොට අපට ජීවිතය කියන්නෙ හැම මොහොතක්ම විඳිය යුතු සීමිත අවස්ථාවක්. ඈතම අතීතයේ සිටි මිනිසා වගේ අපට නිරන්තරයෙ...

මං ඇඳිරි නීතිවලට විරුද්ධ ඇයි?

Image
  August 22, 2021   admin   Health   Politics අජිත් පැරකුම් ජයසිංහ පළමු කොරෝනා ඇඳිරි නීතියෙ ඉඳලම මං ඇඳිරි නීතිවලට විරුද්ධයි. දැනුත් විරුද්ධයි. හැබැයි, ශාරීරික දුරස්ථභාවය රැකගන්නට, වාතාශ්‍රය පවත්වාගන්නට, ප්‍රසිද්ධ ස්ථානවලදි මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරන්නට, දෑත් සේදීම දිරිගන්වන්නට, සංචරණය සීමා කරන්නට පියවර ගන්නවාට, එන්නත්කරණයට මං පක්ෂයි. හැබැයි ඉතින් මේකත් කියන්න ඕනැ. ඔය එකක්වත් ස්ථිර විසඳුමක් නෙමෙයි. ඒ බව මුළු රටම එන්නත් කරපු ඊශ්‍රායලය වැනි සමාජයන්ගෙන් පවා පෙනෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් කරන මගේ මිතුරකු කී පරිදි ඔවුන් මේ වන විට හතරවන එන්නතත් ලබාගෙන. සයිනොෆාම් එන්නත් දෙක ලබාගෙන මාස හයකට පසු ෆයිසර් එන්නත් මාත්‍රා දෙකත් ලබාගත් ශ්‍රී ලාංකිකයෙකුත් මියගිහින්. ලංකාවෙ මේ මොහොතෙ රැල්ලක් යනවා ලොක්ඩවුන්, ලොක්ඩවුන් කියලා. මේ ලොක්ඩවුන් ප්‍රවර්ධකයන්ට අවශ්‍ය ඇඳිරි නීති දාලා රට අක්‍රිය කරලා මිනිසුන් නිවෙස්වල රඳවන්න. එතකොට කොවිඩ්-19 බෝවීම අඩුවෙලා මරණ සංඛ්‍යාවත් අඩුවෙයි කියා ඔවුන් හිතනවා. ඒක වෙන්න පුළුවන්. හැබැයි, කොයි තරම් කාලයක් රට වසා තැබුවොත්ද? සති දෙකෙන් ඔය දේ වෙයිද...

වසංගතය එක හත කරන ජනමාධ්‍ය

Image
  August 21, 2021   admin   Media අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2021 අගෝස්තු 22 මෙම සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාවේ ඉතා වේගයෙන් කොවිඩ්-19 වසංගතය පැතිර යමින් තිබේ. දෛනිකව හඳුනාගනු ලබන රෝගීන් සංඛ්‍යාව කියන්නේ දහස් ගණනිනි. මරණ සංඛ්‍යාව කියන්නේ සිය ගණනිනි. තවමත් වසංගතය උපරිම මට්ටමට පැමිණ ඇති බවක් නොපෙනේ. මේ අතර රජය විසින් එන්නත්කරණය වේගවත් කර තිබේ. එන්නත්කරණයෙන් මෙන්ම කොවිඩ්-19 වැළඳීමෙන් ද ප්‍රතිශක්තිය ගොඩනැගේ. සමාජය වේගයෙන් සමූහ ප්‍රතිශක්තියක් ගොඩනගාගනිමින් තිබේ. එන්නත ලබාගත් අයට කොවිඩ්-19 වැළඳීම සාමාන්‍ය තත්වයක් වී තිබේ. එහෙත්, වරක් රෝගය හැදුණු අයට නැවත හැදෙන බව වාර්තා වන්නේ ඉතා අඩුවෙනි. මේ අතර වයිරසය විකෘති වෙමින් අලුත් ප්‍රභේද නිර්මාණය වෙමින් තිබේ. මුළු ලෝකයම සාමූහිකව මෙම වසංගතයට එරෙහිව අරගල කළ යුතුය. සියලුදෙනා ආරක්ෂිත වන තෙක් කිසිවෙකු සුරක්ෂිත නැත. වර්තමාන ලෝකය විශ්ව ගම්මානයකි. එහි ප්‍රජාවන් අතර පවතින සම්බන්ධතාවන්ගේ ස්වභාවය අනුව, ලෝකයේ කොහේ හෝ අඳුරු මුල්ලක මතුවන කොවිඩ්-19 වයිරස් ප්‍රභේදයක් හේතුවෙන් මුළු ලෝකයම අවදානමට ලක්වේ. දැඩි ලෙස ගෝලීයකරණය වූ...

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම පරිණත කතාවකි

Image
  August 20, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ 2021 අගෝස්තු 20දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතිය අමතා කරන ලද ප්‍රකාශය වඩා පරිණත ලෙස තත්වය හා ප්‍රතිපත්ති පැහැදිලි කරන එකක් බව පැවසිය යුතුය. කොවිඩ්-19 සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය එන්නත්කරණය බව ජනාධිපතිවරයා පැවසීය. රටේ සියලුම ජනතාව එන්නත්කරණය කිරීම සඳහා එන්නත් ලබාගැනීම සඳහා රජය විසින් දරණ ලද ප්‍රයත්නය ඔහු පැහැදිලි කළේය. එහිදී ඔහු විශේෂයෙන් සඳහන් නොකළ ද ජාත්‍යන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන කොවැක්ස් පහසුකම මෙහිදී ඉතා වැදගත්ය. කෙසේ හෝ මෙරට ජනගහණයෙන් ලක්ෂ 50කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකක් ලබාදී තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය. සැප්තැම්බර් 10දා වන විට ජනගහනයෙන් 100%කට එන්නත ලබාදෙන බව ඔහු පැවසීය. ඔහු අදහස් කරන්නට ඇත්තේ වයස අවුරුදු 18ට වැඩි ජනගහනය විය යුතුය. එසේම, කොවිඩ්-19 පාලනය කිරීම සඳහා ගන්නා ලද පළාත් අතර සංචරණ සීමා, ග්‍රාමසේවා වසම් හුදකලා කිරීම්, ඇඳිරි නීතිය, රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය සේවකයන් පමණක් වැඩට කැඳවීම, උත්සව නැවැත්වීම්, ඇතැම් ව්‍යාපාර නැවැත්වීම් ආදිය ද ඔහු පෙන්වා දුන්නේය. පළමු කොවිඩ් රැල්ලේදී ...

ගුවන් යානයක එල්ලී පළා යන්නට පුළුවන්ද?

Image
  August 17, 2021   admin   Life කාබුල් නුවරින් පිටත් වන ගුවන් යානාවල එල්ලී පළායන්නට උත්සාහ කරන මිනිසුන් ගුවන් යානාවලින් බිමට වැටී මියයන කණගාටුදායක දර්ශන මේ දිනවල දකින්නට ලැබෙනවා. ගුවන් යානාවල හෝ වෙනත් එවැනි වාහනවල යම් යම් ස්ථානවල සැඟවී තැනින් තැනට යන පුද්ගලයන්ට ඉංග්‍රීසියෙන් stowaway (ස්ටව්අවේ) කියන වචනය භාවිතා වෙනවා. එනමින් ඉංග්‍රීසි චිත්‍රපටයකුත් තිබෙනවා. එහි කතාව අඟහරු බලා යන අභ්‍යවකාශ යානයක සැඟවී සිටින ගගනගාමියකු නොවන මිනිසකු නිසා ඇතිවන තත්වයක් පිළිබඳවයි. එහි ට්‍රේලරය මෙතැනින් බලන්න: බොහෝ විට, මෙවැනි ගමන්වල යෙදෙන අය සැඟවෙන්නේ ගුවන් යානයේ රෝද හැකිලී රැඳවෙන ස්ථානයේයි. එම විවරය නැවත විවෘත වන්නේ ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේදීයි. ඇෆ්ගනිස්ථානයේ ගුවන් යානයෙන් වැටුණු මිනිසුන් එල්ලී ගියේ එහි බඳේ කිසියම් තැනක විය හැකියි. එසේ එල්ලී යන්නන් අධික සුළඟ නිසා ඉතා පහසුවෙන් ගුවන් යානයෙන් බිමට වැටෙනවා. රෝද රැඳවෙන ස්ථානය තුළ සැඟවෙන අය හැකිළෙන රෝද වලට සිරවී පොඩිපට්ටම් වන්නට පුළුවන්. එපමණක් නොවෙයි, ගුවන් යානා එන්ජින්වල අධික ශබ්දය නිසා ඔවුන්ගේ කණ් බිහිරි වන්නට පුළුවන්. ගුවන් යානය ඉහළට එසවෙන...