ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය
September 1, 2021 admin Health Politics ඇමරිකාව විසින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයට දැවැන්ත ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. ෆයිසර් එන්නත ඇමරිකන් එන්නතක් නිසා එය ගුණාත්මක අතින් ඉහළ යයි විශ්වාසයක් සමාජයේ පැවතීම එයට හේතුවයි. දේශපාලනික වශයෙන් ඇමරිකන් විරෝධීන් ලෙස කටයුතු කරන බලවේගයක් ලෙස නිරූපණය වන බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ යථාර්ථය ෆයිසර් හා සිනොෆාම් එන්නත් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පෙනේ. මේ අතර, කියවන්න: ඩෙල්ටා ප්‍රභේදය නිසා එක්සත් ජනපදයේ එන්නත්වල ඵලදායීතාව අඩුවෙලා සෞඛ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එන්නත්කරණ වැඩසටහන්වලදී ෆයිසර් එන්නත සොරකම් කර තම ඥාති හිතවතුන්ට ලබාදෙන ආකාරය පසුගියදා වීඩියෝ කර මාධ්‍යවලින් ප්‍රදර්ශනය කළේ කිසියම් සැලැස්මකට අනුව යයි මම සිතමි. ඒ සැලැස්මේ ඊළඟ පියවර ලෙස දැන් ෆයිසර් එන්නත ලබාදීම සෞඛ්‍ය අංශවලින් ඉවත් කර හමුදාව වෙත ලබාදී තිබේ. ෆයිසර් එන්නත මින් ඉදිරියට යුද හමුදාවේ මූලිකත්වයෙන් ජනතාවට ලබාදෙන බවත් එන්නත ලබාදෙන නිසි ක්‍රමවේදයෙන් බැහැරව සහ එන්නත ලබාගැනීමට සුදුසුකම් නොලබන කිසිදු පුද්ගලය...