බන්ධනාගාරවල, පොලිසිවල කරන ඝාතන හා ආණ්ඩුවේත්, අපේත් වගකීම
December 1, 2020 admin Crime Law අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ තහනම් වකවානුවේ මුල් යුගයේදී, 1985දී මම වරක් අප මිත්‍ර මනෝජ් ප්‍රේමකීර්ති සමග ජවිපෙ වෙනුවෙන් අත්පත්‍රිකා බෙදීමට බුලත්සිංහල අතුර නගරයට ගියෙමි. එවකට කීර්ති පාසල් ශිෂ්‍යයෙකි. මම පාසලින් ඉවත් වී විශේෂ ඉංජිනේරු ආධුනිකයකු ලෙස වෝකර් පුත්‍ර සමාගමේ සේවය කරමින් සිටියෙමි. අප දෙදෙනා වෙන වෙනම පහතර පහට නැමූ පත්‍රිකා ඉරිදා පොළට පැමිණි මිනිසුන්ට බෙදමින් සිටියදී එම පත්‍රිකාවක් ලැබුණු එවකට බුලත්සිංහල පාර්ලිමේන්තු මන්ත්‍රී රොනී ද මැල්ගේ ගෝලයකු තවත් පිරිසක් සමග මා පසුපස පැමිණ නවත්වාගෙන, පොලිසිය ගෙන්වා මා අල්ලා දුන්නේය. මගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කළ මෙම සිදුවීමෙන් පසු මාස තුනක් රිමාන්ඩ් භාරයේ සිටි මම අධ්‍යාපනය අතහැරදමා පූර්ණකාලීනව ජවිපෙ දේශපාලනයට එක්වුණෙමි. බන්ධනාගාරවල තත්වය අධ්‍යයනය කිරීමේ අවස්ථා කීපයක්ම එතැන් සිට 1990 දශකයේ මුල් භාගය දක්වා මට ලැබිණි. මුල් අද්දැකීම ලැබුණු 1985 වර්ෂය වන විට තත්වය ඉතාම කණගාටුදායක විය. දෙමළ සිරකරුවන් පනහකට වැඩි පිරිසක් බන්ධනාගාරවලදී මරා දමා ගත වී තිබුණේ අවුරුදු කීපයක් පමණි. එවකට මැගසින් බන...