Posts

මං බාහිර උපාධිය පවා ෆේල් වුණ හැටි

Image
  August 21, 2020   admin   Life අජිත් පැරකුම් ජයසිංහ මං පදවියෙ උගන්නන කාලෙ කැලනිය විශ්වවිදාලෙ බාහිර උපාධියකට ලියාපදිංචි වුණා. මං ආසා කරන විෂයයන් වුණ සිංහල, ජනසන්නිවේදනය සහ ඉංග්‍රීසි සාහිත්‍යය තමයි කළේ. පොත් ටික ගෙන්නගෙන කියවලා, විභාගෙ ලියලා ෆස්ට් ඉන් ආට්ස් ඉහළින් සමත් වුණා. කාගෙන්වත් ඉගෙනගත්තෙ නැහැ. සිංහලවලටයි, ජන සන්නිවේදනයටයි බී සාමාර්ථ තිබුණා. ඉන් පසු මාසයක් විතරක් කිරිබත්ගොඩ පන්තියකට ගියා. සිංහල උගන්නපු මහාචාර්ය කුලතිලක කුමාරසිංහ ආපු වෙලාවෙ ඉඳන් කළේ කියවන විට ලිවීම. ඒ සටහනේ ජයතිස්ස හා රොසලින් වගේ නිර්දිෂ්ට ග්‍රන්ථවල පිටු ගණන් තිබුණා. ඒ සටහන පාඩම් කරගත්තාම ඇති. ඒ පොත් කියවන්න ඕනැත් නැහැ. ඒ අධ්‍යාපනයෙ අරමුණ ඒක. රෝහණ ලක්ෂ්මන් පියදාසත් මූලික වශයෙන් සටහනක් දෙන එක තමයි කළේ. එයා සිසුන් එක්ක බාහිර දේත් කතා කළා. ඒ දවස්වල මං කවි පොතක් ලියලා ඔහු අතට පිටපතක් පත් කළාම ඔහු මට ඔහු ඒ දිනවල කළ ආයුබෝවන් වැඩසටහනක සාකච්ඡා අවස්ථාවකුත් ලබාදුන්නා. මේ 1995 විතර කාලෙ. ඒක තමයි මං රූපවාහිනියට ගොඩ වුණ පළමු අවස්ථාව. පදවියේ ඉඳන් එන්න තියෙන අමාරුවයි, මේ සටහන් ලිවිල්ලයි එපා වුණ නිසා මං පන්ති ඒම අතෑ...

ජනාධිපතිටත් ඇනුණු කටුපොල්

Image
  August 21, 2020   admin   Agriculture   Governance අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 20දා පාර්ලිමේන්තුව අමතා කළ සිය ප්‍රතිපත්ති දේශනයේදී කටු පොල් වගාව සම්පූර්ණයෙන් ම නතර කරන බව පැවසීය. කටුපොල් වගාව නතර කිරීමේ මෙම තීරණය කුමන විද්‍යාත්මක පර්යේෂණ මත පදනම්ව ගත්තක්දැයි ජනාධිපතිවරයා හා රජය පැහැදිලි කළ යුතු ය. කටු පොල් හෙවත් ඔයිල් පාම් (Elaeis guineensis) යනු ලොව එළවළු තෙල් නිෂ්පාදනයෙන් 40%කට යොදාගන්නා භෝගය බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අසෝක නුගවෙල 2020 ජනවාරි මාසයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසී ය. ශ්‍රී ලංකාව දැනට වාර්ෂිකව එළවළු තෙල් මෙට්‍රික් ටොන් 240,000ක් පමණ පරිභෝජනය කරන බව ද, වසරක් පාසා එම ඉල්ලුම වැඩි වන බව ද ඔහු පැවසී ය. ඒ අතරින් ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නේ පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 23,000ක් පමණි. ඉතිරිය ආනයනය කෙරේ. එළවළු තෙල් ආනයනයට දැඩි බදු පනවා තිබෙන නිසා එහි මිළ අධික ය. එහෙත්, එය තවමත් පොල්තෙල්වලට වඩා ලාභදායී ය. කටුපොල් ශාඛය වසර 30ක් පමණ කල් පවත්නා ලාභදායී වැවිලි භෝගයකි. ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන අභි...

කංසා හාමුදුරුවරු සහ කුඩු ඇමතිවරු තේරුම් ගැනීම

Image
  August 21, 2020   admin   Agriculture   Economy අජිත් පැරකුම් ජයසිංහ බෙංගමුවේ නාලක හිමි කංසා වගාව නීතිගත කරන ලෙස කරන ලද ඉල්ලීම ද, දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි හැරෙන තැපෑලෙන් එම ඉල්ලීම ඉටු කරන බව කීම ද අහඹු සිදුවීම් නොවේ. මේවා සැලසුම් සහගත නාටකයක ජවනිකා විය හැකි ය. එසේ නැතිනම්, අහඹු ලෙස පැන නැගුණු අවස්ථාවක් උපයෝගී කරගැනීම විය හැකි ය. කංසා නීතිගත කිරීම ලංකාවේ වාමාංශික, ලිබරල්, රැඩිකල්, බොහිමියන්, කලා ආදී සමාජ උපකුලකවල ප්‍රසාදයට හේතු වන බව නිසැක ය. එසේම, මදන මෝදක වැනි දේශීය වෛද්‍ය නිෂ්පාදනවලට වෙළඳපොළ පුළුල් කරගැනීමට ද, වී ගොවිතැන් කරමින් සදා දිළිඳුකමේ ගිලී සිටින ගොවීන්ට හොඳ මිළක් සහිත වගාවක නියැලීමේ අවස්ථාව ද ලැබෙනු ඇත. කංසා භාවිතය මත්පැන්, දුම්වැටි පමණක් නොව, සීනි හා ලුණුවලට සාපේක්ෂව ද එතරම් හානිකර නැත. කෙසේ වෙතත්, කංසා නීතිගත කිරීමේ යෝජනාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස ප්‍රසිද්ධ අයට වත්මන් ආණ්ඩුව යටතේ ලැබී තිබෙන තැන ද සමගින් සමස්තයක් ලෙස සලකා බැලිය යුතු ය. ශ්‍රී ලංකාව වනාහි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයකි. ලංකාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රස පරීක...

ශ්‍රීලන්කන් ගුවන් සේවය විදේශ ශ්‍රමිකයන් සූරාකෑම නවතනු

Image
  August 20, 2020   admin   International ශ්‍රී ලංකාව විසින් ආපසු සියරට පැමිණීම සඳහා පහසුකම් නොසැපයීම නිසා, රැකියා ද නැතිව මැද පෙරදිග කුවේටයේ රැඳී සිටින පුද්ගලයන් ආපසු ගෙන්වා ගැනීම හා නිරෝධායනය සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවය හරහා රජය රු. 250,000ට අධික මුදලක් අය කරන බව ද, එම මුදල දරාගැනීමට නොහැකි වීමෙන් රැකියා විරහිත ලාංකිකයන්ට ආපසු සියරට පැමිණීමට නොහැකි වී තිබෙන බව ද ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. එසේම, ආපසු සියරට පැමිණීම සඳහා ගුවන් ගමනක් සූදානම් කර දීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය එසේ වියදම් දැරිය හැකි පුද්ගලයන් 150දෙනෙකු සොයාගෙන දන්වන්නැයි ද මෙම අසරණ වූ ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී තිබෙන බව වෙබ් අඩවිය පවසයි. මැයි 20දායින් පසු ශ්‍රී ලංකාව බලා පැමිණි පළමු ගුවන් ගමන අද සිදු වූ අතර, එයින් ශ්‍රී ලාංකිකයන් 160ක් ආපසු සියරට බලා පැමිණිය හ. ඉහත දැක්වෙන ලිපිය එම ගුවන් ගමන හා සම්බන්ධ ය. ශ්‍රී ලාංකිකයන් 19,000ක් කුවේට් සිට ආපසු පැමිණීමට ලියාපදිංචි වී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ අතරින් බහුතරය ගෘහ සේවිකා, කම්කරු වැනි සුළු රැකියා කරන අයයි. අති විශාල පිරිසක් වීසා නො...

රජයේ සැලැස්මක් නැතිකම පෙන්වන ප්‍රතිපත්තියක් නැති රැකියා දීම

Image
  August 20, 2020   admin   Governance අජිත් පැරකුම් ජයසිංහ 2019 නොවැම්බර් මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී, පළමු ඇමති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව පවත්වන ලද කතාවේ සිට අද දක්වා ම රජයේ ප්‍රධානතම කාර්යයක් ලෙස ඔහු විසින් මතු කර දක්වන ලද්දේ රජයේ රැකියා දීමයි. “නිපුණත්වයක් අවශ්‍ය නොවන ඇබෑර්තු පිරවීමේදී එම තනතුරු ලබා දිය යුත්තේ දුප්පත්කමින් පහළම මට්ටමේ ඉන්නා අයටයි.දුප්පත් කමින් ඉහලට ගන්නට නම් එම දුප්පත් පවුල්වලට නිපුනත්වයක් නොමැති ඇබෑර්තු ලබා දිය යුතු වන්නේ.එම පුරප්පාඩු සඳහා ඉහළ සුදුසුකම් ඇති අය පත් කල හොත් එකී කාර්යය නිසියාකාරව සිදු නොවේ. එනිසා පෙර පරිදි මෙන් නොව, ඒ ඒ පළාත්වල සෑම ප්‍රදේශයකටම සෑම මන්ත්‍රීවරයෙකුටම එම පුරප්පාඩු පිරවීම සඳහා සමාන අයිතියක් ලබා දිය යුතුයි. ජනාධිපති කාර්යයාලයට ඒ බව දන්වන ලෙස මෙහි දී සඳහන් කර සිටිනවා,” යි ඔහු එදින පැවසී ය.  එහෙත්, රජයට රැකියා දීමේදී හෝ ප්‍රතිපත්තියක් ඇති බවක් පසුගිය මාස නවයක පමණ කාලය තුළ රජයේ ක්‍රියාකාරිත්වය අනුව නොපෙනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්...

ආණ්ඩුවේ ප්‍රවාහනය හා බස්තියන් පයින් යාම

Image
  August 19, 2020   admin   Governance   Transport සාර්ථක ගමනාගමන සේවාවක පළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගාසිටුවීම ඇරඹිය යුතු බව ද , ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කිරීමට හැකි බව ද ජනාධිපතිවරයා පවසයි. බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම වැනි අමතර වියදම් නැති ක්‍රියා වලින් ප්‍රවාහන සේවාවේ ගුණාත්මක භාවය වැඩි කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අගෝස්තු 18දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රවාහන සේවාවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවේදී ය. බස් රථය සෝදා පිරිසිදු කර පවත්වාගෙන යනවාට අමතරව, බොහෝ පෞද්ගලික බස් රථ මේ වන විට සවුන්ඩ් සෙටප්, රූපවාහිනී වැනි තවත් පහසුකම් රැසක් සපයයි. වැසිකිළි මෙන් ම වයිෆයි පහසුකම් තිබෙන පෞද්ගලික බස් රථ ද තිබේ. අපිරිසිදු බස් වැඩිපුර ම තිබෙන්නේ රජයට අයත් ශ්‍රී ලංගමෙහි ය. බස් ධාවනය පිළිබඳ පවතින සත්‍ය ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාට පෙන්වා දීමේ එඩිතරකමක් ඇමතිවරුන්ට හෝ නිලධාරීන්ට තිබුණු බවක් නොපෙනේ. ජනාධිපතිවරයා බොහෝ දේ දන්නා අයෙකු ලෙස, අලුත් යයි සිතන අදහස් ඉ...

අලුත් රැකියා 150,000 සමග 10න් 1ක්ම රජයේ රැකියාවල

Image
  August 18, 2020   admin   Governance අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා රජය මේ වන විට පවතින්නේ දැඩි මුල්‍ය අර්බුදයක බව ප්‍රසිද්ධ කරුණකි. මුදල් අච්චු ගැසීම, ආනයන සීමා කිරීම හා ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ගමන් සීමා වීම මගින් යම් සහනයක් ලැබී තිබේ. එහෙත්, රටේ විදේශ විනිමය ආදායම් මාර්ග වැඩි හරියක් අඩපණ වී තිබේ. විදේශ රැකියාවලින්, ඇඟලුම් වැනි අපනයනයන්ගෙන් ලැබෙන ආදායම් අඩු වී තිබියදී, සංචාරක කර්මාන්තය මුළුමනින් ම වාගේ බිඳ වැටී තිබේ. ආණ්ඩුව රජයේ රැකියා 150,000ක් දෙන්නට යන්නේ මේ අතර ය. රජයේ සේවකයෝ 25,000ක් පමණ සෑම වසරක ම විශ්‍රාම යති. එහෙත්, ඒ විවිධ වෘත්තීය ක්ෂේත්‍රවලට අයත් වන අතර, ඔවුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා අදාළ වෘත්තීය සුදුසුකම් අදාළ වේ. රජය රැකියා දෙන්නට යන්නේ පුරප්පාඩු පිරවීමට වඩා රස්සා දීම සඳහා ය. උපාධිධාරීන්ට වෘත්තීය පුහුණුවක් නැත. පෞද්ගලික අංශයේ ඵලදායී රැකියාවල යෙදී සිටි අය ද මෙම රැකියාවලට අයදුම් කළ හ. පෞද්ගලික අංශයේ සේවක අර්ථසාධක අරමුදලට, සේවක භාරකාර අරමුදලට දායකත්වය ලබාදුන් උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා නොදෙන්නට රජය ගෙන තිබෙන තීරණය නිසා දැන් උපාධිධාරීන් නැවත වීදි සටන්වලට කැඳ...

ආණ්ඩුවේ දැක්මක් නැතිකම පෙන්වන ජනාධිපතිගේ අමාත්‍යාංශ විෂය පථ සමාලෝචන

Image
  August 18, 2020   admin   Industry අජිත් පැරකුම් ජයසිංහ ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් වී ඇති බව රජය පවසයි. රාජ්‍ය අමාත්‍යාංශ විෂය බෙදා ඇති ආකාරය සම්බන්ධයෙන් ඇතැමෙකු හිනා වුණත්, එහි කිසියම් විද්‍යාත්මක පදනමක් ඇතැයි අපි මුලින් සිතුවෙමු. එහෙත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් අ‍ගෝස්තු 17දා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාව පිළිබඳ ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිනුමෙහි සඳහන් කර තිබෙන කරුණු අනුව එවැනි දැක්මක් ඇති බව පෙනෙන්නේ නැත. විෂය පථය සමාලෝචනයට ලක් කරනු ලැබුවේ දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමති ධුරය හොබවන බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන අමාත්‍යාංශයේ ය. “බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතු පැමිණ සිටි අයට පැහැදිලි කරනු ලැබීය. කොවිඩ් 19ත් සමග දැඩි අර්බුදයකට මුහුණ පා ඇති සෙසු රටවල් යථා තත්ත්වයට පත් වන තෙක් දේශීය ආර්ථිකය දියුණු නොකර ඉදිරියට යා නොහැක,” යි ජනාධිපතිවරයා සටහන් ...

විදුලිබල මණ්ඩලය අල්ලා බැඳ නොගෙන රට සංවර්ධනය කළ නොහැක

Image
  August 17, 2020   admin   Development   Opinion අද දින දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම පිළිබඳ කමිටුවක් හරහා විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරාට නියෝග කර තිබේ. දිවයින පුරා විදුලිය බිඳවැටීම, අලුත්ඇමතිවරයකු අමාත්‍යාංශයට පත් වීමත් සමග ම සිදුවීම සැකයට භාජනය වන කරුණකි. එයට හේතුව පැහැදිලි ය. ලංකා විදුලිබල මණ්ඩලය යනු කූට අරමුණු සහිත වෘත්තිකයන්ගේ ආධිපත්‍යයට නතු වී තිබෙන ආයතනයක් බවට චෝදනා එල්ල වේ. මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම්, විදුලිබල පද්ධතිය බිඳවැටීම සමග සිදු වූ ආර්ථික හානියට ද අදාළ කඩාකප්පල්කාරීන් වගකිව යුතු අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම්, එවැනි ක්‍රියා නැවත සිදු නොවන්නේ වගකිවයුත්තන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමෙනි. මෙය හුදෙක් ම තාක්ෂණික දෝෂයක් නම්, 2015, 2016 වසරවලින් පසුව 2020දී මේ අන්දමින් නැවත වරක් මෙසේ දිවයින පුරා විදුලිය බිඳවැටීම සිදු වන්නේ තාක්ෂණික දෝෂ මගහරවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙනි. එයට ලංකා විදුලි...

කැස්සකින්, කිවිසුමකින් බෝවෙන ලාදුරු ගැනත් දැනගන්න

Image
  August 17, 2020   admin   Health ඊශා කප්පරගේ 2019 වසරේදී ලාදුරු රෝගීන් 1,749ක් අලුතින් හමු වූ බවත්, ලංකාවේ ලාදුරු රෝගය ගැන තියෙන්නෙ අඩු අවධානයක් බවත් පසුගිය 13 දින ලාදුරු මර්දන ව්‍යාපාරය මගින් පවත්වන ලද අධ්‍යාපන වැඩමුළුවක දී එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චම්පා අලුත්වීර ප්‍රකාශ කළා ය. එසේ හමු වූ ලාදුරු රෝගීන් අතරින් 181ක් ළමයින් බව ද ඇය පැවසුවා ය. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වන අතර 2019 හි වැඩිම රෝගීන් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 223කි. බස්නාහිර පළාත තුළ ව්‍යාප්තිය 2019 දී 38%ක් විය. ලාදුරු රෝගය වැළඳෙන්නේ Mycobacterium leprae බැක්ටීරියාව හේතුවෙනි. ප්‍රතිකාර නොගන්නා රෝගියෙකුගේ කැස්සකින්, කිවිසුමකින් බැක්ටීරියාව පරිසරයට එකතු වී නිරෝගී අයෙකුට ශ්වසනය මගින් රෝගය බෝවේ. ලාදුරු රෝග ලක්ෂණ පහළ වූ රෝගියෙකුට මුලින්ම එන ලක්ෂණ හමේ පැහැයට වඩා අඩු පැහැයෙන් එන අළුහමක් වැනි ලපයක් විය හැකි ය. මේ ලපය රතු හෝ තඹ පැහැ වෙන්නත් පුළුවන. මේ ලප මත රෝම නැත. දැනීම නැත. කුඩා තුඩකින් මේ බව සියුම්ව පරීක්ෂා කළොත් හඳුනාගත හැක. මේ ලප මතට දහඩිය දැමීම අවමයි. කසන්නේ නැත. බොහෝ දෙනා මේ ...

ආපසු එන්නට ලියාපදිංචි වූ UAE ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් අදහස වෙනස් කරගෙන

Image
  August 16, 2020   admin   Economy   News ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ලියාපදිංචි වී සිටින එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් 2000ක පමණ පිරිසක් ඇමතීමෙන් පසු, ආපසු පැමිණීමට ඉදිරිපත් වුණේ 547 දෙනෙකු පමණක් බව එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා පවසයි. එයට හේතුව වන්නේ ඔවුන් අලුත් රැකියා හෝ රැකියා අවස්ථා හේතුවෙන් දිගටම එරට රැඳී සිටීමට තීරණය කිරීම බව තානාපතිවරයා එමිරේට්ස් පුවත් නියෝජිතායතනයට පැවසී ය. එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයෙහි ශ්‍රී ලාංකික සේවකයන් 300,000ක් පමණ රැකියාව කරන අතර කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ ඔවුන්ගෙන් 25,000ක් පමණ දෙනා ආපසු පැමිණීම සඳහා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වූ හ. ශ්‍රී ලංකාව විසින් මේ වන විට 5,000ක් පමණ පිරිස ආපසු ගෙන්වාගෙන තිබෙන අතර, තවත් 7,000ක් පමණ ඉදිරි කාලයේදී ආපසු යනු ඇති බව තානාපතිවරයා පැවසී ය. ආපසු පැමිණීමට ලියාපදිංචි වූ පිරිසෙන් අඩක් පමණ ඉක්මණින් ශ්‍රී ලංකාවට නොයනු ඇති බව තානාපතිවරයා පවසයි. ශ්‍රී ලාංකිකයන් ලක්ෂ තුන අතරින් ලක්ෂයක් පමණ පිරිසක් සුදු කරපටි රැකියාවල නියැලී සිටිති. ලක්ෂ තුනෙන් 220,0...