Posts

වරකාපොල, කොරෝනා හා පොහොට්ටුව

Image
March 19, 2020   admin   News කොරෝනා දොරට තට්ටු කරමින් සිටියදී, ඒ ගැන කිසිදු තක්සේරුවක් නොකර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීම වැරදි බව අප පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වන්නටත් පෙර ය. එහෙත්, තවමත්, ජනාධිපතිවරයාගේ සිට පහළට ආණ්ඩුවට සම්බන්ධ බලවේග උත්සාහ කරන්නේ මළමිනී කඳු මතින් හෝ ගොස් ඡන්දය පවත්වා තුනෙන් දෙක දිනාගන්නට ය. පාර්ලිමේන්තු ගිය වියතකු වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කොරෝනා ව්‍යාප්තිය මැද ම ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන්නට තරම් මුග්ධ වූවා ය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ලංකාවට ලැබුණු ඓතිහාසික තිලිණයක් වන කතානායක පුටුව පාර්ලිමේන්තු සභාගැබ මැද බිම පෙරළාගෙන පතුරු ගසන්නට පවා උත්සාහ කළ වියතෙකි එතුමිය. මහ එවුන් හිටගෙන හුලිජ්ජ කරනවිට පොඩිවුන් දුව දුව හුලිජ්ජ කරති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබියදී ඡන්දය වෙනුවෙන් ජනතාව ඒකරාශීකරමින් කුඩා ජනහමු ගණනාවක් පැවැත්වීමට සම්බන්ධ තිබේ. ඔහු මහ මැතිවරණයේ අපේක්ෂකයකු සමීපව ඇසුරු කර තිබේ. ඔවුන් සහභාගි වූ අවස්ථාවලට ශ්‍රී ලංකා...

කෝච්චි ටිකට් ප්‍රශ්නය, කොරෝනා හා තුනෙන් දෙක

Image
March 18, 2020   admin   Governance   Transport කරවනැල්ලෙ ඉස්ටේසම ටිකට් දෙන රුවන්වැල්ලෙ කන්තෝරුව ලියුම් දෙන කොටියකුඹුරෙ ඉස්ටෝරුව බඩු කිරන මාබෝගල පතලයි මම වැඩ කරන ඉහත දැක්වෙන්නේ 20වන සියවස මුල ප්‍රචලිත වූ ජනකවියකි. කරවනැල්ල දුම්රියපොළ පිහිටා තිබූ අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා වූ දුම්රිය මාර්ගයවත් 1942න් පසු දකින්නට නැත. එහෙත්, මේ පතල් කවිය තව සෑහෙන කාලයක් ජනවහරේ තිබෙනු ඇත. මෙම ජනකවිය සිහිපත් වූයේ මේ දිනවල ඉස්ටේසන්වල ටිකට් නොදෙන නිසා ය. දුම්රිය ප්‍රවේ­ශ­පත් නිකුත් කිරීමේදී සහ පාර්සල් බාර ගැනීමේදී දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන් වෙනුවෙන් කිසිදු ආර­ක්ෂක ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක නොවන බැවින් ඊයේ (17) මධ්‍යාහ්න 12 සිට එම කටයුතුවලින් වැළැකී සිටී­මට දුම්රිය ස්ථානා­ධි­ප­ති­වරුන්ගේ වෘත්තීයසමිතිය තීර­ණය කර ඇත. ඒ අනුව, ඊයේ දුම්රිය මගීන්ට ටිකට් නිකුත් කළේ නැත. එමගින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වන පාඩුව ගැන මෙම දුම්රිය සේවක පිරිස මොහොතකටවත් සිතුවේ නැත. දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉන්නේ ටිකට් නිකුත් කරන්නට නොවුණත්, ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩි පිරිසක් ව...

ආසාදිතයන් හිංසාවට, පීඩාවට, ලජ්ජාවට පත්වීම වළක්වන්න

Image
March 17, 2020   admin   Cartoon   Governance   Health මා සෞඛ්‍ය විශේෂඥයකු නොවන නිසා ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යාප්තිය කෙතරම් පාලනය කරගෙන තිබේ ද, මේ අවස්ථාවේ රජය ගත යුතු නිශ්චිත පියවර මොනවා ද යන්න කියන්නට නොදනිමි. එහෙත්, මාධ්‍යකරුවකු හා සමාජ ක්‍රියාකාරිකයකු ලෙස මා දකින පහත නිරීක්ෂණ සැමගේ අවධානයට යොමු කරමි. කොවිඩ්-19 ආසාදනය යනු ඩෙංගු වැනි වෙනත් වයිරස් ආසාදන මෙන් ම වේදනාකාරී අත්දැකීමකි. එය ආසාදනය වන ශක්තිවන්තයන් වැඩිදෙනෙකු එතරම් සංකුලතාවලට මුහුණ නොදී සුවය ලබන බව පෙනේ. බෝ නොවන රෝග ඇති අය, ශ්වසන ආබාධ ඇති අය, ප්‍රතිශක්තියෙහි ගැටලු ඇති අය හා වැඩිහිටියන් එහිදී ද වැඩි අවදානමකට ලක්වන බව පෙනේ. එහි විශේෂත්වය ඇත්තේ එය ව්‍යාප්ත වීමේ වේගයෙහි ය. ලංකාවේ දැනට වාර්තා වී තිබෙන රෝගීන් සංඛ්‍යාව අනුව, මරණයක් ද වාර්තා වීමට සම්භාවිතාව තිබේ. එය වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ උපරිම උත්සාහ කරනවා ඇත. මරණයක් වාර්තා වීම සමාජයේ ආත්ම ශක්තියට බලපානු ඇත. එහෙත්, එය කලබල විය යුතු ව්‍යසනකාරී තත්වයක් නොවේ. මෙහිදී සමාජයටත් වඩා කලබල නොවී සිටිය යුත්තේ රජයයි. තීරණ ගන්නා විට සියලු පැති සැලකිල්ලට ගැනීම මෙන...

SRI LANKA WILL DIPLOMATICALLY REJECT THE MCC – MINISTER

Image
March 16, 2020   admin   Development   International   News Vasudewa Nanayakkara, a former Marxist Minister of Sri Lanka’s ruling coalition led by President Gotabaya Rajapaksa said that the country will deny the Millenium Challenge Compact with the US. The Minister expressed these views in an interview with Mawbima”Sinhala language newspaper on Sunday. “You passionately protested the MCC before the election. Now it is under scrutiny and what will happen in future?” the journalist asked. The Minister answered, “We will never sign it even though we are studying it as a diplomatic process. We have to make even the rejection diplomatically.” The preliminary report of the Committee of Experts appointed to study the Millennium Challenge Corporation (MCC) agreement was handed over to President Gotabhaya Rajapaksa at the Presidential Secretariat on February 17th. The four-member special committee is headed by Professor Lalithsiri Gunaruwan of the University...

රජය වතු කම්කරුවන්ට වැඩි කළ වැටුප් ගෙවීම සමාගම් ප්‍රතික්ෂේප කරති

Image
March 16, 2020   admin   News පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම්වලට රජයේ මැදිහත්වීමේ සාර්ථකත්වය ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකාවේ වතු හිමි සමාගම් වතු කම්කරු වැටුප දිනකට රු. 1,000 දක්වා වැඩි කිරීමේ රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. වතු කම්කරු වැටුප දිනකට රු. 1,000 දක්වා වැඩිකිරීම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවකි. මාර්තු 1දා සිට වතු කම්කරු දෛනික වැටුප රු. 1,000 දක්වා වැඩි කරන බව ජනවාරි මැදදී ඇමති මණ්ඩලය තීරණය කළේ ය. ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රාදේශීය වතු සමාගම් 21කට එය අනිවාර්ය කිරීමට ද රජය කටයුතු කළේ ය. මෙම සමාගම් විසින් පාලනය කරනු ලබන වතුවල හිමිකාරිත්වය තිබෙන්නේ රජයට ය. එහෙත්, වතු සමාගම් මෙයට විරෝධය පළ කළ හ. යෝජිත වැටුප් වැඩිකිරිම ප්‍රාදේශීය වතු සමාගම් වලට අනිවාර්ය කිරීම ලංකාවේ නීතියට පටහැනි වන අතර ඡාත්‍යන්තර කම්කරු සංවිධානයේ 98 වැනි සම්මුතියේ සඳහන් සාමුහික කේවල් කිරිම සිද්ධාන්තවලට පරස්පර වන බව ලංකා සේවක සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ එම දිනවල ම මාධ්‍යවලට පැවසී ය. දිනක වැටුප රු. 1,000 කරනවා වෙනුවට මාසික වැටුප රු. 25,000 දක්වා වැඩි කිරීමට වතු...

කොරෝනා කාලේ ආලේ

Image
March 15, 2020   admin   Cartoon   Health   Politics අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත 2020 මාර්තු 15 මෙම සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරස් ආසාදිත ශ්‍රී ලාංකිකයන් හමු වීම ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේදී පළමුව වයිරසය ආසාදිත බව තහවුරු වූ පුද්ගලයා ඉතාලි සංචාරක පිරිසකට සේවා සැපයූ සංචාරක මාර්ගෝපදේශකවරයෙකි. කොරියාවේ, ඉතාලියේ සහ ඉරානයේ සිට එන පුද්ගලයන් දින 14ක අනිවාර්ය නිරෝධායනයක් වෙත යොමු කිරීමට රජය තීරණය කර තිබේ. ආපසු එන ලාංකිකයන් නිරෝධායනයට විරෝධය පළ කරති. නිරෝධායනයට යාමට පෙර පිටත සිටින පුද්ගලයන්ට අතට අත පවා දෙන හැටි රූපගත වී තිබිණි. අතට අත දීම කොරෝනා බෝ වන ප්‍රධාන ආකාරයකි. ඇතැමෙකු ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල සමග රණ්ඩු වෙති. ඇතැමෙකු පළා යන බව ද කියැවේ. මේ අතර, රටේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ප්‍රමුඛතාව දී තිබෙන්නේ මහ මැතිවරණ නාමයෝජනාවලට ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීමට ද, එජාපයේ සජිත් පිල හා රනිල් පිල එකිනෙකා පරාජය කිරීමට ද අවධානය යොමු කර තිබේ. රටේ ආණ්ඩුවක් තිබේ ද යන්න පැහැදිලි න...

කොරෝනා වයිරස් මිථ්‍යාව හා ඇත්ත

Image
March 13, 2020   admin   Health   News ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ආසාදන රෝග විශේෂඥ, සහකාර මහාචාර්ය සංජය සේනානායක සමග කැන්බරා රූපවාහිනියක් විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක සංක්ෂිප්ත පරිවර්තනය කොරෝනා වයිරසය කියන්නෙ මොකක් ද? කොරෝනා වයිරස් කියන්නෙ සාමාන්‍යයෙන් සතුන් තුළ හමු වන වයිරසයක්. එය මානවයන් වෙත පැනලා තියෙනවා. මේ අලුත් කොරෝනා වයිරසය සමග මිනිසුන්ට බලපාන වයිරස් හතක් තිබෙනවා. ඒවායින් හතරක් ප්‍රධානයි. මේක ආවෙ කොහෙන් ද? එහි ජාන සංයුතිය අනුව පෙනෙන්නේ එය වවුලන්ගෙන ඇරඹුණු බවයි. අතරමැදි සතෙකු හරහා මිනිසා වෙත එන්නට ඇති. රෝග ලක්ෂණ මොනවා ද? මෙය වැළඳෙන 80%කට තිබෙන්නේ මෘදු ආසාදනයක්. සුලබ රෝග ලක්ෂණ වන්නේ, උණ, කැස්ස, හතිය, මාංශ පේශි වේදනාව සහ උගුරේ වේදනාව. ඇතැමෙකුට පාචනයත් ඇති වෙනවා. සාමාන්‍ය ඉන්ෆ්ලුවන්සාවලින් වෙන් කර හඳුනාගැනීම තරමක් අමාරුයි. එය පැතිරෙන්නෙ කොහොම ද? හරියටම දන්නේ නැහැ. වෙනත් කොරෝනා වයිරස් වගේ ම මිනිසුන් කිවිසීමෙන් පිටවන බිංදු පොඩිතිවලින් සහ වයිරසය සහිත අත් ඇල්ලීම වැනි දෙයින්. එය මතුපිටක කොයි තරම් වේලාවක් තිබෙන්නට පුළුවන් ද? අපි මේ කො...

සංචාරක හෝටලයකින් කොරෝනා ලංකාවේ පැතිර ගිය හැටි හා දැන් කළ යුතු දේ

Image
March 12, 2020   admin   Health   News කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ දෙවන පුද්ගලයා ද පළමු පුද්ගලයා සමග නවාතැන් ගත් අයෙකි. මේ දෙදෙනා ම සංචාරක මගපෙන්වන්නෝ ය. ශ්‍රී ලංකාවට වයිරසය පැතිරවූ බව කියන ඉතාලි ජාතික සංචාරක රෝගියා මධ්‍යම පළාතේ ඉහළ පෙළේ සංචාරක හෝටල් දෙකක දින කීපයක් නවාතැන් ගෙන ඇති බව ද, එම කාලය තුළ සංචාරක මගපෙන්වන්නා ද හෝටල්වල ඔවුන් සඳහා තිබෙන නවාතැනක නතර වී සිටි බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. එම දින තුන ඇතුළත තවත් සංචාරක මගපෙන්වන්නන් ගණනාවක් මෙම නවාතැනෙහි නැවතී සිටිය හ. ඔවුන් එකට මත්පැන් පවා පානය කර ඇත. මෙම එක් සංචාරක හෝටලයක් අයිති ලංකාවේ ධනවත් ම ව්‍යාපාරිකයකුට ය. අනෙක් හෝටලය අයත් පුද්ගලයා දේශපාලනයට සම්බන්ධ ය. මෙම සංචාරකයන් පරිහරණය කළ ඇඳ ඇතිරිලි, තුවා ආදිය මාරු කිරීමට, පිරිසිදු කිරීමට සම්බන්ධ වූ හෝටල් සේවකයෝ ද සිටිති. මෙම ආසාදිත සංචාරකයා තවත් හෝටල්වල ද නතර වන්නට ඇත. මෙම සංචාරක මගපෙන්වන්නන් සහ හෝටල් සේවකයන් ඔවුන්ගේ නිවෙස් ඇතුළු තවත් ස්ථාන රැසකට මේ වන විට ගොස් තිබේ. ඔවුන් සමීපව ඇසුරු කළ අයට පමණක් නොව, ඔවුන් ආ ගිය තැන්වල අයට ද රෝගය පැතිරීමේ අවදාන...

පන්දු 326කින් ලකුණු 409ක් රැස් කළ නවෝද් පරණවිතාන

Image
March 11, 2020   admin   Sports මේ ඉන්නෙ 2019 අවුරුද්දෙ 19න් පහළ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වුණ, අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම ද නියෝජනය කළ ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතානයි. මේ සති අන්තයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව වයස අවුරුදු 19න් පහළ තරගයකදී මේ පාසල් සිසුවා පිත්තෙන් එක් ඉනිමකදී ලකුණු 409ක් ලබාගෙන ජාතික වාර්තාවක් තැබුවා. ඒ පන්දු 326කින් හයේ පහරවල් 19ක් සහ හතරේ පහරවල් 39ක් සමගයි. නවෝද් පරණවිතාන මෙම දක්ෂතාව පළ කළේ 2019/20 වසරේ 19න් පහළ පළමු කාණ්ඩයේ තරගයකදීයි. මහින්ද විද්‍යාලයීය පිටියේ පැවති මෙම තරගයේදී මහින්ද විද්‍යාලය පළමු ඉනිම සඳහා පන්දු ඕවර 132කදී සියලු දෙනා දැවී ලකුණු 679ක් රැස් කළා. ධර්මාශෝක කණ්ඩායම පන්දු ඕවර 42කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 185යි. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඔහු බිඳ දැමුවේ මීට මාසයකටත් අඩු කාලයකට පෙර වත්තල ශාන්ත අන්තෝනි විදුහලේ අවිෂ්ක තරිඳු ලුම්බිනි විද්‍යාලයට එරෙහිව රැස්කළ ලකුණු 350 වාර්තාවයි. අවිෂ්ක බිඳ දැමුවේ 1996දී මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ධම්මික වාස් බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 31...

ගල් ටයරය, අන්තරය හා පෙරටුගාමිත්වය

Image
March 11, 2020   admin   Crime   Education ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පඩි පෙළකින් පහළට තල්ලු කරන ලද ටයරයක් වැදී වැටී හිසට හානි සිදු වීමෙන් නවක සිසුවෙක් අසාධ්‍ය තත්යවයට පත් වී සිටියි. විශ්වවිද්‍යාල සිසුන් යනු ළමයින් නොවේ. තරුණයන් ය. ඔවුන් අතර කලහ, දඟකාරකම් සහ අපරීක්ෂාකාරිත්වය නිසා මෙවැනි අනතුරු සිදු විය හැකි ය. විශ්වවිද්‍යාලයට එන්නේ නිසි අධ්‍යාපනයක් ලද, ශික්ෂිත ශිෂ්‍ය පිරිසක් නොවේ. ලංකාවේ ටියුෂන් කර්මාන්තය හෝ එහි අනුබද්ධයක් වන පාසල් අධ්‍යාපන පද්ධතිය විසින් ළමයින්ට නිසි අධ්‍යාපනයක් හෝ ශික්ෂණයක් ලබාදෙන්නේ නැත. ඔවුන් වෙතින් සමාජයේ අනෙකුත් පිරිස් වෙතින්, විශේෂයෙන් ම ගුරුවරුන් වෙතින් පැතිය නොහැකි තත්වයක් බලාපොරොත්තු වීම අර්ථ විරහිත ය. මෙම සිදුවීම ඍජුවම නොවුණත්, වක්‍රව හෝ නවක වධය හා විශ්වවිද්‍යාලවල පසුගාමී උප සංස්කෘතිය සමග සම්බන්ධ ය. කෙසේ වෙතත්, මෙම කණගාටුදායක සිද්ධියෙන් එක් දෙයක් හෙළිදරව් විය. එනම්, විශ්වවිද්‍යාල සිසුන්ට අරගල සඳහා නායකත්වය දෙන දේශපාලන ව්‍යාපාර නම් තවමත් සිටින්නේ ළමා අවධියේ බවයි. මෙබඳු සිද්ධියකදී දේශපාලනික දේශපාලන ව්‍යාපාරයක් හෝ වෙනත...

නිරෝධායනය සම්බන්ධ මහජන වගකීම

Image
March 11, 2020   admin   Health ඉතාලියේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් අඩුම තරමේ තිදෙනෙකුට හෝ මේ වන විට කොරෝනා ආසාදනය වැළඳී හමාර ය. වර්තමානයේ ලංකාවේ පවත්නා අධික උණුසුම් කාලගුණය ලංකාවට රෝගය පැමිණීම පාලනය වන්නට හේතුව විය හැකි ය. මේ වන විට සෞඛ්‍ය අංශ විසින් දකුණු කොරියාවේ සහ ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයන් දින 14ක නිරෝධායනයට ලක් කරන්නට කටයුතු කර තිබේ. ඔවුන් නිරෝධායනය සඳහා බැටිකලෝ කැම්පස් හා කන්දකාඩු වෙත රැගෙන යනු ලැබේ. නිරෝධායනය සිදුකරන්නේ යුද හමුදාවේ මෙහෙයවීමෙනි. හැඳල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධය වැනි විරෝධයක් මෙම ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සම්බන්ධයෙන් එල්ල නොවීම ද සුවිශේෂ ය. නිරෝධායනය සඳහා ගෙන යන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට පැතිරී ගිය කතාව පදනම් විරහිත කතාවක් නොවේ. රජයට එවැනි අරමුණක් තිබුණත්, නැතත්, විරෝධය හේතුවෙන් ඔවුන් වහා එකී මුග්ධ අදහස වෙනස් කරගැනීම අගය කළ යුතුය. කෙසේ වෙතත්, මෙමගින් නිරූපණය වන දෙයක් වන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල ගැටලු තිබිය හැකි බවයි. ඒවා ගැටුම්වලට ද තුඩු දෙන්නට පවා ඉඩ ති...