Posts

Image
November 15, 2019   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ (නොවැම්බර් 13දි නිකුත් වූ, නොවැම්බර් 17දා අනිද්දා පුවත්පතේ පළ කරන ලද ලිපියකි) සාර්ථක ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියාමාලා දෙක තුනක අවසානයේ ජනාධිපතිවරණය තියුණු තරග වටයකට පිවිසෙමින් ප්‍රචාරණ ව්‍යාපාර අවසන් විය. සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක සාර්ථක ප්‍රචාරණ ක්‍රියාමාලා දියත් කළ අපේක්ෂකයෝ ය. සෙසු අපේක්ෂකයන් අතර ඇතැමෙකු ප්‍රධාන අපේක්ෂකයන්ට අමතර අවස්ථා ලබාගැනීම පිණිස දමන ලද ඉත්තෝ ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කරන ලද ප්‍රචාරණ ක්‍රියාමාලාවේ අරමුණ වන්නට ඇත්තේ තමන් සුළුතර සුවිශේෂ පිරිසක් බව පෙන්වීම විය හැකි ය. ජවිපෙ ද තමන් සුවිශේෂ පිරිසක් බව නිතර නිතර අවධාරණය කළ හ. අනෙක් පක්ෂ දෙකේ ක්‍රියාමාලාවල උද්‍යෝගය එළිපිට ම පෙනෙන්නට තිබිණි. ඒවාට අති විශාල ජනකායන් උනන්දුවෙන්, සතුටින්, විනෝදයෙන් රැස්වන ආකාරය දකින්නට ලැබිණි. විශේෂයෙන් ම සජිත් ප්‍රේමදාසගේ රැළිවල බොහෝ අය බලාපොරොත්තු වූවාට වඩා විශාල ජනකායන් දක්නට ලැබිණි. සජිත් ප්‍රේමදාස සිය රැස්වීම්වලදී වැඩිපුර ආමන්ත්‍රණය කළේ දිළිඳු, ගැමි ජනයාට ය. ඔහු ව්‍යාපාරික...

ඔන්ලයින් ජොබ් හා දියවැඩියාව

Image
November 14, 2019   admin   Cartoon   Health අජිත් පැරකුම් ජයසිංහ අද ලෝක දියවැඩියා දිනය. මේ දිනය ගැන මං වෙනදාට වඩා බැරෑරුම්ව හිතුවා. මේක ලියන්නෙ බයිසිකලේ කිලෝමීටර් දහයක් පැදලා ඇවිත්. මං ව්‍යායාම කරන්නෙ බොඩි බිල්ඩිං කරන්න නෙමෙයි. දවසට පැය භාගයක්වත් ශාරීරිකව ක්‍රියාකාරී වෙන්න. මම ඒකට කරන්නෙ ඇවිදීම හෝ බයිසිකල් පැදීම හා සරල ව්‍යායාම ටිකක් විතරයි. පහුගිය මාස තුනක් තිස්සේ අපට වැස්ස. කලාතුරකින් තමයි හවසක නොවැහැ තිබුණේ. ජීවිතයට හැන්දෑව හරි වටිනවා. හැන්දෑව නැති ජීවිතේ විෂාධජනකයි. රැකියාවෙදි මට බොහෝ වේලාවක් පරිගණකය ඉදිරිපිට වාඩිවෙලා ඉන්නට වෙනවා. මං අන්තර්ජාලය පාදක කරගෙන රැකියා කරන්නට පටන් අරගත්තෙ 2005දි. මුලින් ම අන්තර්ජාලගත වුණේ CDMA දුරකථනයකින්. 2005දිත් ඒකට රු. 4000ක විතර බිලක් ගෙව්වා. මං ඉන්නෙ ගමකනේ. 2007දි විතර තමයි ADSL ගත්තෙ. තර්ජන නිසා විදේශගත වීම නිසා ගුරු වෘත්තියත් නැති වෙලා හිටපු ඒ කාලෙ දුවත් බලාගෙන හවුස් හස්බන්ඩ් කෙනෙකු විදියට සිටිමින් මං අන්තර්ජාලෙන් රැකියාවල යෙදුණා. ඒක ඒ දවස්වලත් මං එච්චර ආසා කළ දෙයක් නෙමෙයි. ඒ නිසා ආපසු ගුරු වෘත්තියට ගියා. එතනින් අයින් වෙ...

මොකක්ද මේ දෙන්නට යන සයින්දමරුදු නගර සභාව?

Image
November 13, 2019   admin   Governance   Politics අජිත් පැරකුම් ජයසිංහ අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමරුදු ප්‍රදේශය වෙත වෙන ම පළාත් පාලන ආයතනයක් ලබාදෙන්නැයි එහි ජනතාව කරනු ලබන ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වූ පසු කරන මුල් ම කාර්යයන් අතරට ඇතුළත් වන බව බැසිල් රාජපක්ෂ පවසයි. ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇති බව ඔහු පවසයි. ඡන්ද ලබාගැනීම සඳහා ගසන මේ හොර ගිවිසුම් පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ හා උසස් කිරීමේ ලා පවතින අවිධිමත්භාවය තවත් ඉහළ නංවනු ඇත. සයින්දමරුදු කියන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ මහනගර සභාවට අයිති ප්‍රදේශයක්. එම ප්‍රදේශය මුස්ලිම් බහුතර ජනගහනයක් ජීවත් වන වේගයෙන් සංවර්ධනය වන ජනාකීර්ණ නගරයක්. 1987දී කල්මුනේ මහනගර සභාව පිහිටුවීමට පෙර සයින්දමරුදු ගමට ගම් සභාවක් තිබුණා. සයින්දමරුදු මහනගර සභාවේදී තම ප්‍රදේශය නොසැලකිල්ලට ලක්වන බවයි සයින්දමරුදු මුස්ලිම් ජනයාගේ අදහස. මා ජීවත්වන ඉද්දගොඩ ගමට ද අතීතයේදී ඉද්දගොඩ-හොරවල නමින් ගම් සභාවක් තිබිණි. අප ආපසු ගම් සභා ක්‍රමයට යනවා නම් අප ද කැමති ය. එහෙත්, පළාත් පාලන ආයතන වෙන් කිරීමේදී භූගෝලීය සා...

රටට විදේශ විනිමය එවන්නට විදෙස් රටවල දුක්විඳින අපේ ගැහැණු හා මිනිස්සු

Image
November 11, 2019   admin   Development   Economy අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 10දා ලංකා පුවත්පතේ පළ විය. සෑම වසරක ම ලක්ෂ තුනකට වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රැකියා සඳහා සංක්‍රමණය වෙති. ඔවුන්ගෙන් බහුතරයක් යන්නේ ගල්ෆ් සහයෝගිතා රටවල රැකියා සඳහා ය. ඒ අතරින් වැඩිදෙනෙකු අඩු කුසලතා අවශ්‍ය ගෘහ සේවක සේවිකාවන්, ඉදිකිරීම් කම්කරුවන් ආදී ලෙස සංක්‍රමණය කරති. ගැහැණුන් මෙන් ම පිරිමින් ද විදේශ රැකියා සඳහා සංක්‍රමණය වන්නට පොදු හේතු තිබේ. ඒවා නම්, දිළිඳුකම, ස්ථාවර ආදායමක්, ජීවනෝපායක් නැතිකම හා විශේෂයෙන් ම ණයගැතිභාවයයි. ඇතැමෙක් නිවසක් හදාගැනීම, දරුවන්ට ඉගැන්වීම වැනි අවශ්‍යතා වෙනුවෙන් මුදල් ඉපැයීමට විදේශගත වෙති. ඇතැම් කාන්තාවක විදේශගත වන්නේ හිංසාකාරී සැමියකුගෙන් බේරී සිටීමට ය. වසර 40කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව විදේශ රටවලට ශ්‍රමය සඳහා තම පුරවැසියන් යවමින් සිටියි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය වැනි රාජ්‍ය ආයතන ද තිබේ. 2016දී පමණක් ශ්‍රී ලංකාවේ විදේශ සේවා ප්‍රේෂණ ඩොලර් බිලියන 7.2ක් වූ බව මහබැංකු වාර්තාවේ දැක්වේ (ශ්‍රීලමබැ, 2018). එය ශ්‍රී ල...

ඇමරිකාවේ ආක්‍රමණය කුමක් ද?

Image
November 10, 2019   admin   International   Politics අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 10දා අනිද්දා පුවත්පතේ පළ වේ. ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමග සහශ්‍රක අභියෝග සහයෝගිතා ගිවිසුම හෙවත් මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ යැයි නීතිපතිවරයා දැනුම් දී තිබෙන බැවින්, එම ගිවිසුම අත්සන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර බෞද්ධ භික්ෂුවක් එයට එරෙහිව නිදහස් චතුරශ්‍රයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ය. ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා ම මේ වන විට එම භික්ෂුවට ලිපි ලියා තිබේ. ගිවිසුම අත්සන් කිරීම ජනාධිපතිවරණය අවසන් වනතෙක් කල් දැමීමට ඇමරිකා එක්සත් ජනපදය මෙන් ම ශ්‍රී ලංකා රජය ද තීරණය කර තිබේ. මෙම ගිවිසුමට එරෙහිව ගෝඨාභය රාපක්ෂගේ ජාතිවාදී හවුල්කරුවන් මහ හඬින් බෙරිහන් දුන්න ද ජනාධිපති අපේක්ෂකයා ඒ පිළිබඳ කිසිවක් කියන්නේ නැත. ඔහුගේ හවුල්කරුවන් කියන පරිදි නම්, මෙම ගිවිසුම ලංකාවේ ඉඩම් ඇමරිකාවට ලබාදීමේ කුමන්ත්‍රණයකි. මෙය ක්‍රියාත්මක කිරීම 2020 මුල ඇරඹේ. ඒ වෙනුවෙන් නව පනතක් ගෙ...

සුදු වෑන් ඇත්තට ම සුදු ද?

Image
November 10, 2019   admin   Cartoon   Politics ශ්‍රී ලංකාවේ දේශපාලන ඝාතන සංස්කෘතියට දීර්ඝ ඉතිහාසයක් තිබේ. වතු කම්කරු අරගලයකදී මුල්ඔය වතුයායේ කම්කරුවකු වූ ගෝවින්දන්ට වෙඩිතබා මරා දමනු ලැබුවේ 1940 තරම් ඈත වකවානුවකදී ය. 1947 රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වර්ජනයේදී පොලිස් වෙඩිතැබීමෙන් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ සේවය කරමින් සිටි ලිපිකාර සේවයේ වී. කන්දසාමි මියගියේ ය. 1953 අගෝස්තු 12 දින හර්තාලයේදී පුද්ගලයන් නවදෙනෙකු ඝාතනය කරන ලදී. අගමැකි බණ්ඩාරනායක ඝාතනය සිදු වූයේ 1959දී ය. 1966දී දඹරාවේ රතනසාර හිමි ඝාතනය සිදු විය. බණ්ඩාරනායක ඝාතනය හැර අනෙකුත් සියලු දේශපාලන ඝාතනවලට වගකිව යුතු වූයේ රජයයි. ඒ බොහෝ ඝාතන කැරලි කෝලාහල අතරතුර සිදු වූ ඒවා ය. එහෙත්, 1970න් පසු යුගය ඍජු දේශපාලන ඝාතන සංස්කෘතියක් ආරම්භ වූ යුගයකි. 1971 කැරැල්ලේ ද ජනතා විමුක්ති පෙරමුණ හා පෙරදිග සුළං වැනි කැරළි කණ්ඩායම් ද, රජය ද දේශපාලන ඝාතනවල නියැලුණේ ය. ප්‍රේමවතී මනම්පේරි නම් තරුණිය රජයේ පොලිස් හා හමුදා නිලධාරීන් විසින් දූෂණය කර මරාදමන ලද ආකාරය මෙම යුගයේ ඝාතන සංස්කෘතියේ සංකේතයයි. 1971න් ආරම්භ වූ දේශපාලන...

මහින්දානන්දය හෙවත් සිංහලුන්ට එකක්; මුස්ලිමුන්ට තව එකක්

Image
November 9, 2019   admin   Cartoon   Politics   Video ගෝඨාභය රාජපක්ෂගේ කැම්පේන් එකේ ප්‍රධානියකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහනුවර මුස්ලිම් පිරිසක් අමතමින් ගෝඨාභය රාජපක්ෂට මහනුවර මුස්ලිම් ජනයා අතර තිබෙන 10% ඡන්ද පදනම 25% දක්වා ඔසවා දෙනවා නම් මහනුවර මුස්ලිම් පාසලක් හදා දෙන හා වෙනම තේ වෙන්දේසියක් ලබාදෙන බව පොරොන්දු වන වීඩියෝවක් නිකුත් විය. මැතිවරණයකදී මෙවැනි පොරොන්දු සාමාන්‍ය ය. එහි කිසිදු වරදක් නැත. එහෙත්, ඉන් මොහොතකට පසු දැන් මහින්දානන්ද කියන්නේ තමන්ට ඡන්දෙ නොදී එන්න එපා යයි තමන් මුස්ලිම් ජනතාවට තගක් දැමූ බවකි. මේ අන්ත නින්දිත ලෙස ප්‍රජාවන් රැවටීම නොවේ නම් වෙන කුමක් ද? අනෙක් පැත්තෙන් මෙම මුස්ලිම් පාසල් අලුතෙන් විවෘත කිරීම රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියට ද පටහැණි ය. ලිංග, වර්ග ආදී පදනම්වලින් වෙන් කරන ලද පාසල් අලුතෙන් විවෘත නොකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. Adapted from praja.lk

වසත්මානය

Image
November 8, 2019   admin   Cartoon වසන්ත සේනානායක සිටින දිශාව මැනීම සඳහා භාවිතා කරන උපකරණය වසත්මානය නම් වේ. Adapted from praja.lk

ජනාධිපතිවරණයෙදි වැදගත් දඬුවම් තුනක්; දුමින්ද සිල්වා, සම්පත් චන්ද්‍ර පුෂ්ප, ජූලම්පිටියෙ අමරෙ

Image
November 8, 2019   admin   Politics දුමින්ද සිල්වා, සම්පත් චන්ද්‍ර පුෂ්ප, ජූලම්පිටියෙ අමරෙ (කවරයේ ඡායාරූපයේ සිටින්නේ ඔහු ය). මේ තුන්දෙනාට මිනීමැරුම් සඳහා ලැබුණු දඬුවම්වල දේශපාලන වැදගත්කමක් තිබෙනවා දුමින්ද සිල්වාගෙ මරණ දඬුවම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කර හමාරයි. ඔහුට එල්ල වූ චෝදනාව වූයේ 2011 වසරේ ඔක්තෝබර් 08 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වුණ දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වෘත්තීය සමිති උපදේශක වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමයි. දුමින්ද සිල්වාගේ පවුලට අයත් ඒබීසී මාධ්‍ය ජාලය මේ වන විට මහජන දේපලක් වන විද්‍යුත් චුම්බක සංඛ්‍යාත පරාසය අවභාවිතා කරමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දක්වන අතර, එහි අරමුණ වන්නේ දුමින්ද සිල්වාගේ සමීප හිතවතකු වන ගෝඨාභය රාජපක්ෂ හරහා දුමින්ද සිල්වාට නිදහස තහවුරු කරගැනීම බවට චෝදනාවක් එල්ල වේ. සම්පත් චන්ද්‍රපුෂ්ප හිටපු තංගල්ල ප්‍රදේශිය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප රාජපක්ෂ පවුලේ තවත් සමීප හිතවතෙකි. 2011 දෙසැම්බර් 25 දා අලුයම බ්‍රිතාන්‍ය...
Image
November 7, 2019   admin   Politics   Science ඇල්බට් අයින්ස්ටයින් භෞතික විද්‍යාවට 1921දී නොබෙල් ත්‍යාගය ලැබීමෙන් පසු කළ සාගර යාත්‍රා චාරිකාවේදී ලංකාවට ගොඩ බැස ඇතිබව මෑතකදී (මැයි 29, 2018) ප්‍රකාශයට පත් කළ ඇල්බට් අයින්ස්ටයින්ගේ සංචාරක දිනපොත් සටහන්වල දැක්වේ. පහත දැක්වෙන්නේ ඔහු ලාංකිකයන් පිළිබඳ තැබූ සටහනකි. “They live in great filth and considerable stench down on the ground, do little, and need little.” එහි පරිවර්තනය මෙසේ යි: “ඔවුන් ජීවත් වන්නේ මහ ජරා විදියටයි. පරිසරය මා ගන්දස්කාරයි. ඔවුන් වැඩ කරන්නෙත් අඩුවෙන්. ඔවුන්ට වැඩිදෙයක් අවශ්‍යත් නැහැ.” 1920 දශකයේ සිට අපි බොහෝ වෙනස් වී ඇතිමුත් ඇතැම් මූලික ලක්ෂණ වෙනස් වී නැත. අන් කවරදාටත් වඩා මැතිවරණ කාලය යනු මිනිසුන්ගේ ඉහත කී අයින්ස්ටයින් ලක්ෂණ මතු වන කාලයයි. මැතිවරණය වෙනුවෙන් වැඩිපුර ම දඟලන එවුන් මේ දවස්වල පමණක් නොව, හැමදාමත් ඩූ ලිට්ල්ලා ය. ඇත්තෙන් ම කීවොත් ඔවුන්ට වැඩි දෙයක් ඕනෑත් නැත. වැඩිය කියන්නට ඕනෑ නැත. ඔවුන්ගේ දේශපාලනය පවා මතුපිට සීරීමක්වත් නොකරන දෙයකි. ජනප්‍රිය මාධ්‍ය විසින් දෙන ඕනෑම බොරුවක් අමු අමුවේ ගිල දමා ම...

ඉස්පිරිතාලත් දැන් ඉස්මාට් වෙලා හලෝ

Image
November 6, 2019   admin   News   Technology රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාර්කෝඩ් පතක් ලැබෙනවා. එමගින්  රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම  ඇතුළු සියලු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව කරගන්නට පුළුවන්. නැවත වරක් රෝගියාට රෝහල්ගත වීමට සිදුවුව‍හොත් රෝගී ඉතිහාසය පිළිබඳ දත්ත බාර්කෝඩ් අංකය යටතේ වාර්තා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එය පරිශීලන කිරීමට පුළුවන්. කොහේද? පිටරටක ද? නැහැ. ලංකාවේ. පෞද්ගලික රෝහලක වෙන්න ඇති. නැහැ රජයේ රෝහල්වල. ඔව් දැනටමත් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන රෝහල් රැසක් ම ශ්‍රී ලංකාවේ තිබෙනවා. 2012දී දොම්පෙ රෝහලෙන් තමයි මේ ඩිජිටල්කරණය ආරම්භ කළේ. අම්පාර රෝහලේ තමයි මුලින්ම ඩිජිටල් එක්ස්රේ යන්ත්‍ර මෙම පද්ධතියට සම්බන්ධ කළේ. එක්ස්රේ පටල සඳහා පමණක් රජය මසකට රුපියල් කෝටි ගණනක මහජන මුදල් වැය කරනවා. මේ ක්‍රමයෙන් එයත් ඉතිරි කරගන්නට පුළුවන්. රෝගීන්ට ‍බෙහෙත් නිකුත් කිරීම සහ රෝහලේ ඖෂධ තොග කළමණාකරණය කිරීමද මෙම ඩිජිටල්කරණය ඔස්සේ පහසු වෙනවා. දැන් රජයේ රෝහල් 40 කට පමණ මෙම  මෙම ඩිජිටල්කරණ වැඩසටහන හඳුන්වා දී ඇතැයි ද එම කටයුතු ඉතා සා...