Posts

සිංහරාජය මැදින් කපන කෙටි පාර / A short cut across World Heritage Sinharaja

Image
සිංහරාජ වනාන්තරය ලංකාවේ අපේ පමණක් නොව මුළු ලෝකයේ ම වැදගත් උරුමයකි.  එය මහා ලොකු වනාන්තරයක් නො ව, නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 21ක් හා උතුරේ සිට දකුණට කිලෝමීටර් හතක් පමණක් වන පුංචි කැළෑ කුට්ටියකි. එහෙත් එය ජෛව විවිධත්වය අතින් විශිෂ්ට ස්ථානයකි.  එහෙව් සිංහරාජය මැදින් මේ ආණ්ඩුව පාරක් කපමින් සිටියි. ඒ කලවාන ඉළුඹකන්දේ සිට සූරියකන්ද දක්වා ය. පොතුපිටිය, ඉළුඹකන්ද ගම් ඒ 17 රක්වාන දෙනියාය මහා මාර්ගයට යා කිරීම මෙම මාර්ග ව්‍යාපෘතියේ අරමුණයි.  සැප්තැම්බර් 09දා මුළා කරන ලද 300ක පමණ ජන රාශියක් යොදවා කිලෝමීටර් තුනක වනාන්තරය එළි පෙහෙළි කර තිබේ.  ඒ කෙටි පාරක් හදන්නට ය. ලෝකයේ කොහේවත් හරි හමන් ආණ්ඩු හා පුරවැසියෝ නම් මෙවැනි කෙටි පාරවල් නො සොයති.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අතේ ලෙළ දෙන සිංහ කොඩි හදවතේත් ලෙළ දේ ද? / Do the lion flags fly in their hearts

Image
ඡායාරූපය අද දෙරණෙනි ඔවුහු ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතික්ෂේප කරමින් වෙන ම ඊලාම් රාජ්‍යයක් ගොඩනැඟීමට කැරැල්ලක් ගැසූ හ. ඒ වෙනුවෙන් මේ ජාතික කොඩියේ සිටින රෞද්‍ර සිංහල සිංහයාට මුහුණ දීමට බිහිසුණු කොටියකු ද නිර්මානය කළ හ.  සිංහල මූලික ශ්‍රී ලංකා රජය කැරැලිකාර හමුදාව පරදවා ජය ගත්තේ ය.  කැරැලිකරුවෝ විශාල පිරිසක් දිවි දුන් හ. ඉතිරි වූ පිරිස පුනරුත්ථාපනයට යොමු කර තිබේ. මේ ඡායාරූපයේ ඉන්නේ පුනරුත්ථාපනය වෙමින් සිටින බව කියන හිටපු දෙමළ කැරැලිකාර සිරකරුවන් පිරිසක් දුම්රියෙන් දකුණේ චාරිකාවක් යන අයුරු ය.  සිංහල මූලික රාජ්‍යය ඔවුන් අතට සිංහ කොඩි දී ඇත.  සිංහලයන් සතුටු වනු ඇත.  එහෙත් ඒ කැරැල්ල පැන නැඟුණු හේතු තව ම අහෝසි වී නැත. සිරකරුවන් අතට දුන් පලියට ඔවුන්ගේ හදවත් තුළ සිංහ කොඩිය ලෙළ දෙන්නේ නැත.  දුක නැති කිරීමට නම් දුකට හේතුව නැති කළ යුතු ය.  අළු යට ඇති ගිනි දක්නට සමත් පාලකයෝ ගිනි පුළිඟු නිවා සාර්ථක වෙත්.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ළමා අපයෝජකයන්ට මරණීය දණ්ඩනය දීම අහවලාගෙන් ඇරඹුවා නම් නරක ද?

Image
ළමා අපයෝජන සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවන් වන්නන්ට මරණීය දණ්ඩනය දක්වා උපරිම දඬුවම් ලැබෙන අන්දමින් නීති සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රජයට යෝජනා කරන බව එහි සභාපතිනි අනෝමා දිසානායක කියයි.  ඒ අනුව, ලංකා‍වට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තවත් අළුගෝසුවන් රැසක් අවශ්‍ය වනු ඇත.  අද වන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යගකිව යුතු තනතුරක් සරණ එක්තරා මන්ත්‍රීවරයකු ද බාලාපචාර දෝදනාවක් ලැබ සිට, දේශපාලන බලය පාවිච්චි කර අයථා මාර්ගයකින් නිදහස ලැබූවෙකි.  මේ වන විට ආගමික ප්‍රභූන් ගණනාවකට විරුද්ධව බාලාපචාර චෝදනා විභාග වෙමින් පවතී.  පාසල් ගුරුවරු ද සෑහෙන පිරිසක් බාලාපචාර චෝදනා ලැබ ඇති අතර, ලංකාවේ පාසල්යනු ළමා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන, ළමයින් ශාරීරිකව හා මානසිකව නිරතුරු හිංසනයට ලක් කරන ස්ථාන වේ.  පාසල් වෑන්, බස් රථ ආදිය ද තවත් එවැනි ස්ථාන වේ. 'හොඳ ම දේ දරුවන්ට' යි ආප්තෝපදේශයක් සමාජවාදී සෝවියට් දේශයේ තිබිණි. ලංකාවේ අබලන් ම වාහන යොදා ගන්නේ පාසල්වලට සිසුන් ඇදීමටයි.  මෙම තත්වයන් පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ හරි හමන් ක්‍රියාමාර්ගයක් පිළ...

සාම කොටි, මාධ්‍ය කොටි, වාම කොටි / Peace Tigers, Media Tiger, Left Tigers

Image
විප්ලවීය විමුක්ති සංවිධානය නමින් හැඳින්වුණු සංවිධානයක නායකත්වය දරමින් කොටි සංවිධානය සමග එක්ව දකුණේ සන්නද්ධ ක්‍රියාකාරකම්වල යෙදුණු බවට චෝදනා ලද සිංහල වාමාංශිකයකු වන මො.ල. සෙනෙවිරත්නට එරෙහිව නඟා තිබුණු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කරගෙන ඇත.  මො.ල. සෙනෙවිරත්න ඇතුළු කණ්ඩායමක් අදාළ චෝදනා මත 2007 මාර්තු මාසයේ සිට රිමාන්ඩ් භාරයේ සිටිති. එම පිරිසෙන් තවත් කොටසක් වරින් වර නිදහස ලැබූ හ.  නිදහස් මාධ්‍යකරුවකු වූ මො.ල. සෙනෙවිරත්න හා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයකු වූ සිසිර ප්‍රියංකර ඇතුළු මෙම කණ්ඩාය‍ම අත්අඩංගුවට ගැනීමෙන් පසු දකුණේ වාමාංශික කණ්ඩායම්වල පැවැත්මට තදබල ලෙස තර්ජන එල්ල විය. ඔවුන් වාමාංශික ක්‍රියාකාරිකයන් වීම එයට හේතුවයි.  ඉහත දැක්වෙන්නේ ඒ අවස්ථාවේදී ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය විසින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් වෙනත් වාමාංශික කණ්ඩායම් හා පුද්ගලයන් මර්දනය කරවීම පිණිස ආරක්ෂක අංශ පොළඹවමින් අලවන ලද පෝස්ටරයකි.  කෙසේ වෙතත්, එදා සක්‍රියව තිබුණු කොළඹ කේන්ද්‍රීය වාමාංශික කණ්ඩායම් සියල්ල ම පාහේ අද වන විට  අක්‍රිය ව ග...

රට පුරා වර්ජන රැල්ලක් / A wave of strikes in Sri Lanka

Image
රට පුරා රජයේ සේවයේ වෘත්තීය සටන් රැල්ලක් පැන නැඟී ඇත. ඉන් වැඩි හරියක් වැටුප් විෂමතාවලට අදාළව ය. විදුලි බල මණ්ඩල සේවකයන්ගේ 2009 වැටුප් වැඩි වීමේ හිඟ වැටුප 2012 ජනවාරි සිට කොටස් වශයෙන් ගෙවන්නට අධ්‍යක්ෂ මණ්ඩලය ලිඛිතව එකඟ වීම නිසා හෙට දියත් කරන්නට සිටි සංකේත වර්ජනය නතර කරන්නට වෘත්තීය සමිති පියවර ගෙන තිබේ. හෙට අනුරාධපුර රෝහලේ හෙදියෝ ඊයේ පෙරවරු 7 සිට පැය 24ක් වර්ජනය කරන්නේ හෙද කාර්ය මණ්ඩල හිඟය නිසා අධික ලෙස අතිකාල කරන්නට සිදු වීමෙන් තමන් පීඩාවට පත්ව ඇති බව කියමින් හෙද කාර්ය මණ්ඩලය වැඩි කරන ලෙස ඉල්ලා ය. විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ හෙට කෑම පැයේ පිකටිං කරති. වැටුප් විෂමතා ප්‍රශ්නය නො විසඳන්නේ නම් ඔවුහු 12දා ලෙඩ නිවාඩු වාර්තා කරන්නට තීරණය කර තිබේ. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත්‍ර නිලධාරීන් සැප්තැම්බර් 02 දා සිට පැය විසිහතරේ රාජකාරිවලින් ඉවත්ව 09/2006 චක්‍රලේඛය පරිදි පැය 08 ක සේවාවක්‌ පමණක්‌ ඉටුකරන බව සමස්‌ත ලංකා වනජීවී නියාමක නිලධාරි සංගමය ඇතුළු වෘත්තීය සමිති පවසයි. වසර 12ක් පුරා පවතින වැටුප් විෂමතා ඉවත් නො කිරීම නිසා ගුරුවරු ද දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනී...

දොස්තර වර්ජනය හා මණ්ඩලේ කචල් / Sri Lanka doctors' strike and the internal conflicts of the ruling class

Image
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද  මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දියත් කරන්නට සැලසුම් කර ඇති වර්ජනය සාමාන්‍ය වර්ජනයක් නො ව රජයේ ආර්ථික ප්‍රතිපත්තියකට එරෙහිව කරනු ලබන්නකි. ඒ වනාහි වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව කරන වර්ජනයකි. ප්‍රශ්නය මතු වන්නේ ගුණාත්මකභාවය පිළිබඳ කාරණාවලින් මුත්, එකී ප්‍රශ්න රජයේ වෛද්‍ය විද්‍යාලවල ද නැත්තේ යයි තර්ක කිරීම දුෂ්කර ය.  ලංකාවේ උසස් අධ්‍යාපනයේ තිබෙන ලොකු ම ගැටලුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැතිකම නො වන මුත්, රජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සඳහා අධික උනන්දුවකින් කටයුතු කරයි. එහි අරමුණ කුමක් ද යන්න පැහැදිලි නැත. වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පිටරට යන සිසුන්ගේ මුදල් ඉතිරි කිරීම ඔස්සේ විදේශ විනිමය ඉතිරි කර ගැනීම හෝ ලංකාව උසස් අධ්‍යාපන වෙළඳපොළක් බවට පත් කිරීම හෝ මෙහි අරමුණු අතර ඇති බව රජයේ ලොකු ලොක්කන්ගේ ප්‍රකාශවලින් සිතිය හැකි ය. මේවායේ ප්‍රායෝගිකත්වය පිළිබඳ බරපතල ගැටලු තිබේ. එහෙත්, මෙහි අරමුණ ලංකාවේ වෛද්‍යවරුන් සුලබ කිරීම බව නම් රජය කිසි දිනෙක පවසා නැත. වෛද්‍යවරුන් සුලබ වීම දුප්පතුන්ගේ පැත්තෙන් නරක දෙයක් නො වේ. එයින් ඔව...

අනාථ කර ආදරෙන් රැක බලා ගැනීම | Sampoor refugees and Sri Lanka government's love

Image
නැගෙනහිර නව ආඥාපති මේජර් ජනරාල් ලාල් පෙරේරා සාම්පූර් සුබ සාධක මධ්‍යස්ථානයේ පවුල් 900ක සුවදුක් බැලීමට ගියේය. මේ වැසියන් ආදරයෙන් රැකබලා ගන්නා බව ඔහු කීවේය. (ඡායාරූපය හා සටහන ලංකාදීප වෙබ් අඩවියෙනි) රජය ආදරෙන් රැක බලා ගන්නා බව කියන මේ අනාථයෝ කවුරුද? ඔවුහු වනාහි 2007දී රජයේ හමුදා විසින් සාම්පූර් අත්පත් කර ගන්නා ලද අවස්ථාවේ සිය පාරම්පරික ගම් බිම්වලින් පළවා හරින ලද දෙමළ වැසියෝ ය. අද ලංකා විදුලි බල මණ්ඩලය හා ඉන්දියාවේ ජාතික තාප බල ශක්ති සමාගම අතර අත්සන් තබන ලද ගිවිසුමක් ඔස්සේ ලංකා ආණ්ඩුව මේ 'මුදා ගත් බිම' ගල් අඟුරු බලාගාරයක් ඉදි කිරීම සඳහා ඉන්දියාවට පවරා දුන්නේ ය. රජය දැන් සිව් වසරකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් අනාථ කඳවුරුවල තබාගෙන 'ආදරෙන් රැක බලා ගනිමින්' සිටියි.  සාම්පූර් වැසියෝ වනාහි යුද අනාථයෝ පමණක් නො වෙති. ඔවුහු සංවර්ධන අනාථයෝ ද වෙති.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ජනාධිපතිතුමා ජෝගි නටන පිංතූර / The jogging President of Sri Lanka

Image
ඡායාරූපවල සිටින ජනාධිපතිතුමා ජෝගි නටමින් සිටියි. නගරයෙන් ගමට ආ මිනිසුන් ජොගින් හෙවත් ව්‍යායාම සඳහා දිවීම කරන විට, ව්‍යාපාය සඳහා දිවීම පුරුදු නැති ගමේ මිනිස්සු එයට ජෝගි නටනවා ය කී බව 'ජෝගි නටනවා' යන වචනයට අප සොයා ගත් නිරුක්තියයි. වෙනත් අදහස් ඇති නම් සඳහන් කරන්න.  ඡන්දදායක මහජනයා හැන්දෑවට ගොස් ගෝල් ෆේස් පිටිය පුරා කුණු දමති. නිලධාරි කුණු අදින කොන්ත්‍රාත්තුවෙන් පවා ගසා කන අතර හරි හමන් කසල කළමනාකරණයක් රටේ නැත. ජනාධිපතිතුමා උදේට ගොස් ඒ කුණු ගොඩේ ජොගිං කරයි.  ජනාධිපති මාධ්‍ය අංශය කුණු ගොඩේ නටන ජනාධිපතිගේ ඡායාරූප ලෝක ප්‍රසිද්ධ කරයි. ජනාධිපතිතුමාත් සමග රටම ජෝගි නටයි.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

විදුලි බල මණ්ඩල අධ්‍යක්ෂවරු හා කොක්කු / Sri Lanka Electricity Board strike and the directors' pledges

Image
විදුලි බල මණ්ඩල සේවකයෝ බදදා වැඩ වැරුමකට සැරසෙමින් සිටිති.  ඔවුන්ගේ ඉල්ලීම 2009 වසරට හිමිව තිබුණු වැටුප් වැඩි වීම ලබා දීමේදී ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය සඳහා නො ගෙවන ලද හිඟ වැටුප ලබා ගැනීමයි.  අද පවතින ආර්ථික තත්වය තුළ මෙම හිඟ වැටුප අතට ලැබුණොත් එය විදුලි සේවකයන්ට හදිසි ලොතරැයි දිනුමක් ඇදුණා වනු ඇත. ඒ නිසා මාරාන්තික සටනක් කිරීමට වුව විදුලි සේවකයන් පෙළඹේ නම් පුදුම විය යුතු නැත.  පසුගිය දිනවල විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක විදුලි බල මණ්ඩලය ලාභ ලබනවා යයි කියමින් කී නරිවාදං දැන් රෙද්ද පල්ලෙන් බේරෙමින් ඇත. දැන් ඔහු හඬන්නේ මණ්ඩලය පාඩු ලබන නිසා ඇරියස් ගෙවන්නට බැරි ය කියා ය.  ඇත්තට ම විදුලි බල මණ්ඩලයට කණ කොකා හඬා ඇත. ජල විදුලි බලාගාර පෙදෙස්වලට වහින්නේ නැත. නොරොච්චෝලේ අලුතින් හැදූ ගල් අඟුරු බලාගාරය කොයි මොහෝතේ ගිනි ඇවිලේදැයි ෂුවර් නැත. කොමිස් ගහන්නට හැදූ අනෙක් බලාගාර ද අවුල් ය.  ඇමති පසුගිය දිනවල කීවේ ආයෙ නම් ගල් අඟුරු බලාගාර හදන්නේ නැති ය කියා ය. එහෙත් සාම්පූර්හි ගල් අඟුරු බලාගාරයක් හදන්නට හෙට ඉන්දියාව සමග ලංකාව ගලධාරි හෝටලයේදී ගිවිසුමක් අත්සන් ...

අප පිටරටට විකුණන වහලුන්ට හිමි ගෞරවය / Disowned respect of the Sri Lankan expatriate slaves

Image
මේ වසරේ (2011) පළමු මාස හයේදී විදේශ සේවා නියුක්‌තිකයන් විසින් මෙරටට එවන ලද විදේශ මුදල් ප්‍රමාණය (විනිමය ප්‍රේෂණ) සියයට 26.4 කින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව කියයි. මේ අනුව ගිය වසරේ (2010) පළමු මාස හයේදී විදේශ සේවා නියුක්‌තිකයන් මෙරටට එවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1983.12 ක විදේශ විනිමය ප්‍රමාණය, මේ වසරේ (2011) පළමු මාස හයේදී ඇමරිකානු ඩොලර් මිලියන 2506.57 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇත. (උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි)  විදේශ සේවා නියුක්තිකයන් යයි හැඳින්වුණාට මේ පිරිසෙන් බහුතරය වනාහි නූතන වහල්ලු ය. හේතුව, ඔවුන් එකී රටවලදී කිසිදු ශ්‍රම හිමිකමක් භුක්ති නො විඳ වහල් සේවයේ යෙදෙන බැවිනි. ලංකාවේ අද වන විට ප්‍රධාන විදේශ ආදායම් මාර්ගය වන්නේ වහල් වෙළඳාමයි.  කලක් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ තේ අද වන විට අර්බුදයට ලක් වී තිබේ. නවතම තත්වය තුළ, වැවිලි ක්ෂේත්‍රයේ හාම්පුත්තු පසුගිය අප්‍රේල් මාසයේ සිට වතු සේවතයන්ට වැටුප් වැඩි කරමින් අත්සන් කරන ලද සාමූහික ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කර සිටිති. හේතුව, ලිබියාවේ අර්බුදය නිසා තේ වෙළඳපොළ කඩා වැටීමයි.  ලංකාවේ පාලකයන් ජොලි කරන්නේ ද, රජයේ සේවකයන් වැ...

හර්ෂ ද සිල්වාගේ Name and Shame ලංකාවට හරි නො යන්නේ ඇයි?

Image
'නම් ප්‍රසිද්ධ කර ලජ්ජාවට පත් කිරීම' හෙවත් Name and Shame නම් සංකල්පයක් පිළිබඳ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද The Island පුවත්පතට විස්තර කර තිබේ.  ප්‍රසිද්ධියට පත් කර ලජ්ජාවට පත් කිරීමෙන් දූෂිතයන් හා බදු වංචාකරුවන් එවැනි කටයුතුවලින් වළක්වා ගත හැකි බව මෙම ධනේශ්වර ආර්ථික විශේෂඥවරයා පවසයි.  බොහෝ රටවල් එසේ කරන බව ද ඔහු පෙන්වා දෙයි.  අප සිතන පරිදි ලංකාවේ නම් එයින් කිසිවක් සිදු වන්නේ නැත. මන්ද, ලංකාව යනු සොරුන්ගේ පාරාදීසයකි. දේශපාලකයන් මහා පරිමාණෙන් සොරකම් කරද්දී ව්‍යාපාරිකයන් බදු වංචා කරද්දී, මහජනතාව බස් එකේ ඉබ්බාට යාම, ඉතුරු සල්ලි නො දීම, හොරට කිරීම වැනි පොඩි, පොඩි වංචා කර තමනුත් පාලකයන්ගේ වර්ගයට අයත් වන බව සිතා සතුටු වෙති.  ලංකාවේ මධ්‍යම පංතිකයන් වැඩි දෙනෙකුගේ සිහිනය වන්නේ බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගෙන එය වැඩි ගණනට විකුණා ගත හැකි තත්වයකට යාමයි.  මහජනතාව ගෙවන බදුවලට සිදු වන්නේ කුමක්ද යන්න ප්‍රසිද්ධ කරුණකි. එයින් කොටසක් පාලකයෝ  විවිධ ක්‍රමවලින් පිල්ලි ගසති. තවත් කොටසක් වැය වෙන්නේ ගිනි පොලියට ගත් ණය ගෙවන්නට ය. ගිනි පොලිය...