අපි විජයග්‍රහණය සමරමු | Let us commemorate the victory
(2010 ජුනි 18, W3Lanka ) අද 2009 මැයි 18දා දෙමළ කැරැලි නායක ප්‍රභාකරන් මරා දමා රටේ සියලු ප්‍රදේශ මධ්‍යම ආණ්ඩුවේ ග්‍රහණයට යටත් කර ගත් විජයග්‍රහණයට වසරක් පිරීම නිමිත්තෙන් වසරකුත්, මාසයකට පසුව සමරුවක් පැවැත්වෙන දිනයයි. වසරක් පිරෙන දිනයේ අපට මෙම සමරුව පවත්වන්නට බැරි වුණේ මහ වැසි හේතුවෙන් ලක්ෂ පහක් ජනයා අවතැන් වී සිටි හෙයිනි. ඊයේ පුත්තලමේදී සිංහල මිනිසකු අත්අඩංගුවට ගනු ලැබුවේ කොටි නායක වේලුපිල්ලෛගේ ඡායාරූපයක් රාමු කළ නිසා ය. දැන් පොලිසිය ප්‍රශ්න කරමින් ඉන්නේ ඔහු සිතන්නේ කෙසේ ද කියා ය. නීතියක් නො කැඩුව ද ප්‍රභාකරන්ගේ ඡායාරූපය යනු රාමු කර ගත යුතු එකකැයි සිතීම ම වරදකි. ලංකාවේ වැඩ කරන ජනයාට නිවාඩු දිනයක් දීම හොඳ ය. වැඩ කරගෙන ජනයාට නිවාඩු අවශ්‍ය ය. එහෙත්, මෙතැන ප්‍රශ්නය වන්නේ බොහෝ රජයේ සේවකයන් නිවාඩු නො වන සෙසු දිනවල ද වැඩ නො කිරීමයි. යුද්ධයෙන් වසරක් ඉක්ම ගොස් හමාර ය. එහෙත්, ලංකාවේ තිබෙන එක ම වෙනස තැන තැන බෝම්බ නො පිපිරීම පමණි. රට සංවර්ධනයේ මාවතකට පිවිස නැත. නව ආයෝජන හෝ සංචාරක වැනි කර්මාන්තවලට අදාළව ආණ්ඩුව ගසන පම්පෝරිවලට සාපේක්ෂව සිදු වන දෙයක් නැත. ...