ඒකොන් සමග නටමින් සාදුලා සමග ගල් ගැසීම | Dancing with Akon and pelting stones with Buddhist monks
(2010 මාර්තු 26- W3Lanka ) ඉංග්රීසියෙන් running with the hare and hunt with the hounds නම් අපූරු ප්රස්ථාව පිරුළක් ඇත. හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කිරීම ලෙස මෙය පරිවර්තනය කළ හැකිය. මහින්ද චින්තනය යටතේ ද බොහෝ විට සිදු වන්නේ මෙවැනි ක්රියායි. අපේ රජ්ජුරුවන්ට මෙන් ම ගෝල බාලයන්ට ද හිටි හැටියේ තමන් පාලකයන් බව අමතක වේ. එවිට ඔවුහු වීදියට බැස වීදුරුවලට ගල් ගසති. අලුත්ම උදාහරණය ඒකොන් නාඩගමයි. ඒකොන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ සංචාරක ප්රවර්ධන කාර්යාංශයයි. එහි අරමුණ ලංකාවේ සංචාරක ප්රවර්ධනය බව කාර්යාංශයේ මූලිකත්වයෙන් පසුගිය 17දා පැවති මාධ්ය හමුවකදී කාර්යාංශයේ ලොක්කා ම පැවසීය. ඩයලොග්, ශ්රී ලංකන් ගුවන් සේවය, සිනමන් ග්රෑන්ඩ් හෝටලය සහ යර්ස් එෆ්.එම්. සමාගම් මෙම ප්රසංගය සඳහා අනුග්රහ දක්වන්නට ඉදිරිපත් වී තිබිණි. බෞද්ධයන් බහුතරයක් සිටින සිංහල ක්රීඩා සමාජය ද මෙම සංදර්ශනය සංවිධානය කිරීම පසුපස සිට තිබේ. එය හරියට සෙක්සි චික් ගීතයේ අනග රැඟුම් දක්නට ලැබෙන නාන තටාකය පසුබිමේ ඇති බුදුරුව වැනි ය. බැනුම් ඇසූ සිරස නම් ඇත්තෙන් ම මේ පිටුපස තමන් නොසිටි බව කියයි. අනේ ප...