Posts

Showing posts with the label name your baby

ජාතියේ නම් තබන්නා අරිසෙන් අහුබුදු සහ සිංහලයන්ගේ නම්

Image
( 2010 නොවැම්බර් 07,  W3Lanka )   ලංකාවේ ජාතික නම් තබන්නා අරිසෙන් අහුබුදු ය. අරිසෙන් අහුබුදු ශූරීන් කියා ද සමහරු කියති. මාටින් වික්‍රමසිංහට ශූරීන් කියන කටින් අහුබුදුට ද ශූරීන් කීම සඳහා ලේඛකයාගේ දිව නැමෙන්නේ නැත. එහෙත්, මේ දෙදෙනා ම කොග්ගල මලළගම හා සම්බන්ධ ය. අරිසෙන් අහුබුදු විශිෂ්ට නිර්මාන කුසලතාවකින් හෙබි කලාකරුවකු බව අවිවාදිත ය. ගේය පද රචකයකු ලෙස ඔහු තැබූ අමරණීය සිහිවටන කීපයක් මෙසේ ය: ළංකා ළංකා පෙම්බර ළංකා (ළංකා යනු ඔහු ලියන හැටි ය.), දකුණ නැඟෙනහිර, සමන් වැලේ මල්, සෙංකඩගල පුරැ දළදා බුදු රස්, අතු අගැ වන මල්, ගොළු මූදේ මුතු ඇටේ, කෝ හතුරෝ/  පුර්තුගීසීකාරයා/  කටේ කිරි සුවඳ   (සන්දේශය චිත්‍රපටයේ ගී)  සුදට සුදේ, පුන්සඳ එළිය යි, ලොක්කො අපි යි  (හඳයා චිත්‍රපටයේ) අහුබුදුට මාටින් වික්‍රමසිංහට මෙන් පුළුල් සමාජ, දේශපාලන හා ජීවන දැක්මක් නැත. ඔහු ඉතිහාසකරුවකු හෝ වාග් විද්‍යාඥයකු ලෙස හෝ සැලකිය හැක්කෙකු නො වේ. මෙම අංශවල ඔහු විසින් කරන ලද ඉදිරිපත් කිරීම් ප්‍රභූ විද්වතුන් පමණක් නො ව අප වැනි අය ද සිනා ගන්වයි. ඔහුගේ වෙබ් අඩවියේ මෙසේ දැක්වේ: "හෙළ වදන්වලට නිරුත් ...