Posts

Showing posts with the label divaina

පශ්චාත් සරත් නන්ද සිල්වා යුගය?

Image
(2009 ජුලි 08) අද දිවයින පුවත්පතේ පළ වන මෙහි පහත උපුටා දක්වනු ලබන ප්‍රවෘත්තිය වැදගත් යයි අප සිතන්නේ මෙය අප දන්නා පරිදි ලංකාවේ අගවිනිසුරුවරයකුට විරුද්ධව බලය අනිසි ලෙස භාවිතා කළේ යයි චෝදනාවක් එල්ල වන පළමු අවස්ථාව වන බැවිනි.  ඉන්  අනතුරුව උපුටා දක්වනු ලබන අද දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්තිය ද ඉතා වැදගත් වේ. එහි සිරස්තලයෙන් කියවෙන පරිදි වෝටර්ස් එජ් ඉඩම් ගනුදෙනුව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නඩු තීන්දුවෙන් අගතියක් වී ඇද්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයම පරීක්ෂා කරයි. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරදවා ලබා ගත් ජයග්‍රහණය තිරසාර සාමයක් බව‍ට පත් කර ගැනීමට නම් ලංකාවේ රජය වහා අධිකරණය ප්‍රතිසංස්කරණය කළ යුතු බව ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම (International Crisis Group) නම් ලොව පිළිගත් බුද්ධිමය සංවිධානය පසුගියදා පැවසීය.  හිටපු අග්‍ර විනිශ්චයකාරවරයා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් සිංහල ජාතිකවාදී බලවේග අතර අන්තවාදීන් ශක්තිමත් වූ බවද, අර්බුද සමනය කරනවා වෙනුවට අධිකරණය නීතියේ පාලනය බිඳ දමා වාර්ගික ආතති උත්සන්න කළ බවද, සමාජය මිලිටරීකරණය වීම වැළැක්වීමට හෝ සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් රැක දීමට ...