Posts

Showing posts with the label capitalism

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා | Sri Lankan poor masses helpless amidst the paradigm shift in rule

Image
(2010 මැයි 17 -  W3Lanka )   ජාතිකවාදී පරමාදර්ශ කරපින්නාගෙන සිටි ලංකාවේ පාලකයින් සිය බලය තහවුරු කර ගැනීමෙන් පසු ඒවා බිම අතහැර ඇත. දේශීය ආර්ථිකයක් පිළිබඳ හා සංස්කෘතික ආරක්ෂණවාදය ගැන ඔවුන්ගේ වාගාලංකාර ද ඒ පොදියට යට වී චප්ප වී ඇත. ඉගිලෙන්නට පටන් ගත් සැණින් රාජපක්ෂ පාලනයේ කොකාගේ සුද දැන් පෙනෙන්නට පටන් ගෙන තිබේ.  සිංහල ජාතිකවාදය බලයේ වාහනය කර ගත් පිරිස් ද දැන් ඉන්නේ සංක්‍රාන්ති සමයකයි. එක්කෝ වවුලාගේ මඟුල් ගෙදර ආ නිසා එල්ලී සිටීම හෝ නැතිනම් සියදිවි නසා ගැනීම හෝ යන දෙකින් එකක් තෝරා ගැනීමට ඔවුන්ට සිදු වී තිබේ.  මේ සඳහා හොඳ ම උදාහරණය චම්පික රණවකයි. පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉදිරියට ගන්නා ලද බටහිර ගැති සංවර්ධන මූලෝපාය පතුරු ගසමින් ඔහු පැවැත්වූ කතා හා ලියූ ලිපි දැන් ඉතින් පුච්චා නළලේ අළු ගා ගන්නට ඔහුට සිදු වී ඇත.  ඔහුගේ මහැදුරු නලින් ද සිල්වාගේ පැරණි ලියුම් තැන්පත් කරන්නට කටු ගෙයක් සාදා දෙන්නට හෝ ඔහුට හැකි වේ ද යන්න සැක සහිත ය.  සමන් කැලේගම කියන ආකාරයට ලංකාවට සංචාරකයන් ලක්ෂ 25ක් එන විට කොට ගවුම්, නිල් චිත්‍රපට, මත්පැන්, මාංශ, සංසර්ගය ආදි...

නැවත ආ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' ප්‍රහාරය අපට ඔරොත්තු දෙයිද?

Image
අජිත් පැරකුම් ජයසිංහ -   2010 මහ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු ලංකාව වේගයෙන් ඇදී යමින් තිබෙන්නේ නව ලිබරල්වාදී ආර්ථික උපායමාර්ගයක් වෙත බැව් පැහැදිලි ය. දිළිඳුකම, ජාතික අසමගිය වැනි රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් වේගවත් ආර්ථික වර්ධනයක් හා ඒ ඔස්සේ සිදු වන සමාජ විපර්යාස ඔස්සේ ලබා ගත හැකි ය යන විශ්වාසය මෙහි වේ. ආර්ථික වර්ධනය පහළට කාන්දු වීමෙන් දිළිඳුකම යම් ප්‍රමාණයකට දුරු කළ හැකි ය යන්න හා ආර්ථික වර්ධනය හමුවේ සිදු වන වේගවත් සමාජ විපර්යාසය තුළ පීඩිත ජාතිකවාදී හා වාමාංශික රැඩිකල්වාදී ව්‍යාපාර දිය කර දැමිය හැකිය යන දේශපාලන මතවාදයන් මේ පසුපස තිබේ.  ආර්ථික සංවර්ධන ඇමති ලෙස පත් කරන ලද ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ‍ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මෙම දැවැන්ත ආර්ථික විපර්යාසයේ ප්‍රධාන කුළුණු දෙකක් බවට පත් වෙමින් සිටිති. පළමුවැන්නා විසින් ආර්ථික ප්‍රතිසංස්කරණය මෙහෙයවනු ලබන අතර දෙවැන්නා ඊට අවශ්‍ය ආරක්ෂක යටිතලය සකසා දෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරනු ලබන තාර්යභාරය වන්නේ මෙම දැවැන්ත විපර්යාසය තුළ ජාතිකවාදය හා මානවවාදය තුලනය කිරීමයි.  නිදසුනක් ලෙස, කොළඹ පදික වේ...

ධනවාදය කියන්නෙ සූත්‍රයක් මිස අයිඩියොලොජිකල් සුරුවමක් නෙමෙයි - රාමචන්ද්‍ර | Capitalism is not an ideological idol - Ramachandra

(2010 මැයි 01 -  W3Lanka )   ලංකාව වැනි පරිධියේ රටවල තිබෙන ධනවාදයත් අමෙරිකාව ජපානය වැනි රටවල තියෙන ධනවාදයත් එකක්ද?දෙකක්ද? "ධනවාදීන්" අමෙරිකාවේ තියෙන්නෙ ධනවාදයක් කියල බොහොම සන්තෝසෙන් කියනවා.නමුත් ලංකාවේ තියෙන්නෙ මොකක්ද කියල ඇහුවම ලංකාවේ ධනවාදීහු කොරවෙලා වැල්වටාරම් කියනවා. ලංකාවෙ තියෙන්නෙ අමෙරිකානු පන්නයේ ධනවාදයක් නෙමෙයි තමයි. ඒ ගැන විවාදයක් නැහැ. ලංකාව වගේ රටවල තියෙන්නෙ පසුගාමී පන්නයේ ධනවාදයක්.මේකත් ධනවාදයේ තවත් 'වර්ෂන්' එකක් මිස රාජ්‍යවාදයක්වත් වැඩවසම් ආර්ථිකකයක් වත් වෙන මුකුත් කෙහෙල්මලක්වත් නෙමෙයි. (ලංකාවෙ තියෙන්නෙ වැඩවසම් ආර්ථිකයක් කියල කියන කෙනෙක් එක්ක වාද කිරීමත් තෙරුමක් නැති දෙයක්.ඒ ප්‍රකාශයෙන්ම ඔහුට විෂය ගැන තියන දැනුම පේන හින්ද) අමෙරිකාවේ නිෂ්පාදනය මූලික කරගත්ත දියුනු ධනවාදයකුත් අපේ රටවල නොදියුණ ධනවාදයකුත් තියෙන්නේ ඇයි? කමෙන්ට්ස් දාන "ධනවාදීන්" ඇනගන්න අනිත් තැන ඔතන. ඒ අය "අධිරාජ්‍යවාදය" කියන ක්‍රියාවලිය ගැන දන්නෙ නැහැ නැත්තං අහල නැහැ.අද තියෙන්නෙ ඇඩම් ස්මිත් කතාකරපු පූර්ණ තරග ධනවාදය නෙමෙයි. අද තියෙන්නෙ අධිරාජ්‍යවාදය දක්වා ...