Posts

Showing posts with the label blog

යායක් ලෙස නෙළුම් පිපීමේ වැදගත්කම

Image
නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී 2015 වසරේ හොඳම දේශපාලන බ්ලොග්කරු ලෙස සම්මාන ලැබූ බව සතුටින් ප්‍රකාශ කරමි. කොහෙවත් හිටිය මං දේශපාලන බ්ලොග්කරුවෙක් වෙච්ච අලකලංචිය රසවත් කතාවක් වෙයි කියලා හිතලා පස්සෙ ලියඤ්ඤං කියලා හිතුවා. ලිව්වෙ නැතිනම් මතක් කරන්න.  2014 වසරේ හොඳම බ්ලොග්කරු වුණේ මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ . දෙවන බ්ලොග් සම්මාන උළෙලට යන විට ඒ ටයිටල් එක පැහැර ගන්නට කාන්තාවක් සමත් වීම මම නම් හිතන්නේ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් අවස්ථාවක්. මක් නිසාද යත්, බ්ලොගාවකාශය කාන්තාවන්ට නිසි තැන, සම තැන විතරක් නෙමෙයි සම්භාවනීය තැනකුත් දෙන්න සමත් වී තිබෙන බව එයින් ප්‍රකාශ වෙනවා.  බස්සි හෙවත් යශෝධා සම්මානි ප්‍රේමරත්නට උණුසුම් සුබපැතුම්.  යාවජීව සම්මානයට පාත්‍ර වූ පුරෝගාමී සිංහල බ්ලොග්කරුවන් දෙදෙනා වන නාලක ගුණවර්ධනට හා රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චිට මීළඟ යුගයේත් පුරෝගාමීන් වන්නට ශක්තිය හා ධෛර්යය පතමි. සම්මානලාභී අනෙකුත් බ්ලොග්කරුවන්ගේ විස්තර සංවිධායක මණ්ඩලය ඊයේ ලේට් නයිට් බීච් පාටියෙන් පසු අවදි වී, තැඹිලි වතුරෙන් පැනඩෝල් කාරිය බී, හෝන්දු මාන්දු ගතිය නැති කරගෙන කොම්පියුටරය ඉදිරිප...

අරාබියේ මෙන් ලංකාවේත් බ්ලොග් ආණ්ඩුවේ ලියාපදිංචි කරන්න යෝජනා එයි ද? | Will Sri Lanka propose registration of blogs?

Image
( 2010 සැප්තැම්බර් 28,  W3Lanka )   සවුදි අරාබියේ සංස්කෘතික හා තොරතුරු ඇමතිවරයා පසුගිය දිනෙක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සියලු සවුදි අරාබියානු අන්තර්ජාල ප්‍රකාශකයන් සහ ඔන්ලයින් ජනමාධ්‍ය ලියාපදිංචි විය යුතු බවයි. ලියාපදිංචිය අවශ්‍ය ඒවා අතරට බ්ලොග් සහ සංසද හෙවත් ෆෝරම් ද අයත් වුණා.  මේක ලංකාවේ ලොකු ලොක්කන්ට ආරංචි වුණ හැටියේ අපටත් මේක හොඳ නැද්ද කියා සාකච්ඡා කරන්න ඇති. ලංකා‍ව ඉතින් ලෝකෙ ඕනැ තැනකින් එන ඕනෑම නරක දෙයක් භාර ගන්න සූදානම් නේ. හිතන්න බැරි විහිළු පවා මෙහි ඇත්ත වෙලා තියෙනවා‍ නේ.  ඉතින් ලංකාවේ මෙහෙම නිවේදනයක් නිකුත් වුණා නම්, පසුවදා සිට ප්‍රධාන ජනමාධ්‍ය පෙන්වා දෙන්න පටන් ගන්නේ මෙම පියවරේ හොඳ ම තමයි.  ලංකාවේ බහුතරයක් ජනමාධ්‍යකරුවන් කියන්නේ රජ පවුල රෙද්ද පෙන්නුවා ම කපලා, මහලා, රජ පවුලේ ඉස්ටැයිල් එක නිසා අඳින්න ලෝබ වෙලා, හොඳට පේන්න කෝටුවක අමුණාගෙන ලස්සනට ඔලුවට ඉහළින් අල්ලාගෙන සුපුරුදු පරිදි හෙලුවෙන් පාරේ යන කට්ටියක් නේ.  බ්ලොග් පවත්වන් යන්නේ කොටින් විසින් ය කියාත්, මේ බ්ලොග්වල අසභ්‍ය ලිංගික දර්ශන තිබෙන බවත් කියන්න පටන් ගන්නවා. ඊට පස්සෙ...