Posts

Showing posts with the label Tamils

රැකියා අවස්ථාවට කම්කරුවන් කුළල් කා ගන්නා අලුත් ජාතිවාදයක පෙරනිමිති

Image
( 2010 අගෝස්තු 30,  W3Lanka )  ලංකාව එක් සේසත් කිරීමෙන් පසු දැන් අලුත් ප්‍රශ්න මතු වෙමින් තිබේ. පහත පළ වන්නේ එකකි.  යළි පදිංචි කරන ලද අවතැන් වුවන් වනාහි ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නො වන (කොටි) පාලක පිරිස් විසින් කාලකන්නි කරන ලද මිනිස් ප්‍රජාවකි. ඔවුන් අද මුහුණ දී සිටින දරිද්‍රතා මට්ටම හේතුවෙන් උතුර ලාභ ශ්‍රමයේ තෝතැන්නක් වී තිබේ. ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීමත් සමග පණ අදිමින් සිටින ඇඟලුම් කර්මාන්තය හුස්ම ඇල්ලීම සඳහා උත්සාහ දරමින් තිබෙන්නේ මේ ලාභ ශ්‍රමයේ පිහිටෙනි. දැන් ඇඟලුම් කම්හල් හිමියෝ මහා පරිමාණෙන් උතුරේ දෙමළ ගැහැනු ළමයින් ඇඟලුම් කම්හල් සේවය සඳහා බඳවා ගනිමින් සිටිති. ගෙන යන තැනක් නො දන්වා බස් පිටින් රැගෙන එන මෙම ස්ත්‍රීන් රැඳවුම් කඳවුරු වැනි ස්ථානවල තබාගෙන අඩු පඩියට වැඩ ගනිති.  දෙමළ ජාතික විමුක්ති අරගලයට පිං සිද්ධ වෙන්නට මේ කාන්තාවෝ කම්කරු හිමිකම් තබා සාමාන්‍ය මානව හිමිකම් පිළිබඳ හෝ අන්දෝ සංසාරයක් නො දනිති. මරණයේ පාරාදීසයක සිට පැමිණි ඔවුන්ට ඒවා වැදගත් ද නැත. ජීවත් වන්නට, පවුල් නඩත්තු කරන්නට, පිටරටකට පැන ගන්නට ආදායමක් උපයා ගන්නට ඔවුන්ට කුමක් හෝ වැඩක් උවමනා ...