Posts

Showing posts with the label Johnston Fernando

ජොන්ස්ටන් එජාපයේ සිටියදී සතොස කෑ හැටි | How new Sri Lanka Minister of Food and Cooperatives destroyed CWE

Image
ඒ කාලෙ (2010 අප්‍රේල් 30 -  W3Lanka )   පසුගිය එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී ඇතැම් ඇමැතිවරු පිටරටින් භාණ්ඩ ආනයනය කළ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන්ට රිසි සේ වෙළෙඳ පොළේ බඩු මිල වැඩි කර පාරිභෝගිකයා ගසා කෑමට ඉඩහැර ස.තො.ස. වසා දමා සේවකයන් 3500කට රැකියා අහිමි කළ බවත් ආහාර හා සමුපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. මේ අපරාධය කළ බව කියන ඇමතිවරු සිටින කැබිනට් මණ්ඩලයේ ජොන්ස්ටන් ද සිටියේය. එවකට ඔහු ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති ය. එසේ ම මීට පෙර ආහාර හා සමුපකාර විෂය භාරව සිටි බන්දුල ගුණවර්ධනත් සිටියේ ය. මේ තීරණ ගන්නා අවස්ථාවලදී ඔවුන් ඒවාට විරෝධය පළ කළ බවට කිසිදු වාර්තාවක් නැත. මේ කියන අපරාධ කිරීම සඳහා තීරණ ගනු ලැබුවේ මේ දෙන්නා ම සිටි කැබිනට් මණ්ඩලය විසිනි. එම තීරණ ඒ අනුව සාමූහික තීරණ වේ. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම අනුව මෙම වැරදිවලට මේ දෙන්නා ද වගකිව යුතු ය.

දවස් දෙකකට අලුතෙන් මන්ත්‍රීවරු. මේවා දැකලා පණ පලයන් පෙරේදා! | Two new MPs for two days for Sri Lanka

Image
(2010 මාර්තු 11- W3Lanka ) 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය භයානක විහිළුවක් බවට පත් වී තිබේ. මෙහි අලුත් ම ජවනිකාව වන්නේ දින දෙකක් සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පත් වීමයි.  මෙම මන්ත්‍රීවරු දෙදෙනා වනු ඇත්තේ අනුර ගොපල්ලව හා ඩී.එම්. බංඩාරනායකයි. ඔවුන් දිව්රුම් දෙනවා නම් දෙන්නේ අප්‍රේල් 06දා පාර්ලිමේන්තුව රැස් වූ විටයි. පාර්ලිමේන්තුව එදින රැස් වන්නේ හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කර ගැනීමටයි. අප්‍රේල් 08දා මහ මැතිවරණය පැවැත්වෙන අතර, එයින් තේරී පත් වන මන්ත්‍රීවරු අප්‍රේල් 22දා පළමු රැස්වීමට සහභාගි වෙති.  මේ අලුත් මන්ත්‍රීන් දෙදෙනා සහභාගි වන්නේ එක් පාර්ලිමේන්තු රැස්වීමකට පමණක් විය හැකි ය. එහෙත් ඔවුන්ට  දෙයියනේ කියා මාසෙ අන්තිමට මහජන මුදලින් රු. 50,000කට වැඩි පඩියක් ද තවත් රු. 50,000කට ආසන්න දීමනා ද සාක්කුවේ දමාගෙන නිකම් ඉන්න එකේ අහල ගියත් මොකදැයි කියා ගෙදර යා හැකි ය.   මේ මන්ත්‍රීවරුන් දැන් මොන පක්ෂයේ ඉන්නවාදැයි අපි නොදනිමු. එහෙත් ඔවුන් පාර්ලිමේන්තු යනවා නම් යන්නේ එක්සත් ජාතික පක්ෂයෙනි. ඔවුන්ට මේ පොට්ට චාන්ස් එක වැදුනේ මහින්දගේ දෑත් ශක්තිමත් කිරී...