Posts

Showing posts with the label EPDP

යාපනයේ සිදු වෙන්නට යන ‍ඓතිහාසික සිදුවීම

Image
(2011 ජුනි 20,   W3Lanka )   යාපනයේ ඓතිහාසික සිදුවීමක් සිදු වන්නට යයි. ඒ අනුව අලවෙඩ්ඩි ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානය විසින් පවත්වන ලද මහජන රැස්වීමකට පහර දුන් හමුදා ඇඳුම් ඇඳ සිටි බව කියන හෝ හමුදාවේ විය හැකි හෝ පිරිසට කෙළ වෙන්නට යයි. ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටද ඊට සම්බන්ධ අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගැනීමටද වරදකරුවනට උපරිම දඬුවම් ලබාදීමටද පියවර ගන්නැ’යි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාට උපදෙස් දී ඇති බව අද දිනමිණ වාර්තා කරයි. මෙම ප්‍රහාරය අතිශය සාර්ථක එකකි. මන්ද, එමගින් බලාපොරොත්තු වෙන ලද භීෂණය ඇති වූ බැවිනි. කොටින් ම කියනවා නම්, මෙම පහර දීම සිදු වූ අවස්ථාවේ එහි සිට පහර දෙන්නන් හඳුනා ගත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් පවා ඒ අය කවුරුදැයි කියා කියන්නට කට අරින්නට බිය වී ඇත. ලක්බිම නිව්ස් පුවත්පත වාර්තා කරන පරිදි මෙම පහරදීමේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන්ගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කරන සිංහල පොලිස් නිලධාරීන්ට ද ඔවුන් තමන් කවුරුන්දියි හඳුන්වා දීමෙන් පසු පහර දී තිබේ. මාවෛ සේනාධිරාජා හා ඊ. සරවනපවන් යන දෙමළ ජාතික සන...

උතුරු නැගෙනහිර ඡන්දවලින් දිනුවේ කවුරුද? | Who won elections in north and east

(2010 අප්‍රේල් 12 -  W3Lanka )  යාපනයේ වලංගු ඡන්ද 721,359කින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ 148,503ක් පමණි.  21%ක් පමණ වන මෙම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍යයටත් වඩා අඩු ය. මෙය විශේෂයක් වන්නේ යාපනය 1995 සිට ම හමුදා පාලනය යටතේ පවතින 'නිදහසේ' කේන්ද්‍රස්ථානය නිසා ය.  ඡන්දය දුන් දෙමළ ජනයා ද දෙමළ ජාතික සන්ධානයට හෙවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි හට ඉතා හොද ප්‍රතිචාරයක් දක්වා නැත. එම පක්ෂය මෙම මැතිවරණය සඳහා ෆෙඩරල් මූලධර්ම මත පිහිටි බලය බෙදීමක් පිළිබඳ කියැවෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.  දෙමළ ජාතික සන්ධානයෙන් කැඩී ගිය වඩා ජාතිකවාදී ප්‍රවණතාවක් වන, කොටි සංවිධානයට වඩාත් සමීපව සිටි කුමාර් පොන්නම්බලම්, කේ. ගජේන්ද්‍රන් හා පද්මිනී සිදම්බරනාදන් යන හිටපු මන්ත්‍රීන් නියෝජනය කළ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට ලැබුණේ 5%ටත් අඩු ඡන්ද ප්‍රතිශතයකි. ඔවුන්ගෙන් කිසිවෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නැත.  ආනන්ද සංගරී නායකත්වය දෙන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ද, මඩකලපු දිස්ත්‍රික්කයට වෙනම තරග කළ පිල්ලෛයන්ගේ නායකත්වයෙන් යුත් ටී.එම්.වී.පී. පක්ෂය ද වන...