බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු! Who let the dogs out
ජාතිවාදය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට හා ප්‍රතිසංධාන ක්‍රියාවලියට හානි කරන හෙයින් පුවත්පත්, රූපවාහිනී නාලිකා හා ගුවන් විදුලි නාලිකා තුළින් කිසිදු ලෙසකින් හෝ ජාතිවාදයට ඉඩ නොතබන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා ඇත. මෙය එක අතකින් වන සුනඛයන්ගෙන් අසූචි බුද්න්නට එපා යයි ඉල්ලා සිටියා වැනි ය. අනෙක් පැත්තෙන් කකුළුවා හරහට යමින් පැටවුන්ට කෙළින් යන්නැයි කී කියමන ද සිහිපත් වේ. මේ රටේ බොහෝ පාලකයන්ට ජාතිවාදය කැත බව මතක් වුණේ අආර්ථික අර්බුදය උත්සන්න වී, ජාත්‍යන්තර බලපෑම් උග්‍ර වී, ඉන්දියාව ලංකාවට අත පොවන්නට ඔන්න මෙන්න වන විට ය. එවැනි අවස්ථාවලදී ස්වෝත්තමවාදී හැඟීම් හැර දමා විපක්ෂය සමග සාකච්ඡා කිරීම, හිරේ විලංගුවේ දැමූ දේශපාලන සතුරන් නිදහස් කිරීම වැනි ප්‍රගතිශීලී කල්පනා පවා පහළ වීමට ඉඩ තිබේ. කොහොමත් දැන්, දැන් එන පොට හොඳ නැති බව දන්නා නිසා යන්න ගේට්ටුවක් ඇර තබා ගැනීම හොඳ බව කට්ටිය තේරුම් ගත යුතු ය. කළ වැරදිවලට දඬුවම් නො දෙන බවට අනාගත පාලකයන් සමග දැන් ම සම්මුතිගත විය යුතු ය. තමන්ගේ මතු පරම්පරාවට 'උරුමය' ලබා දිය හැකි විද්‍යාත්මක ක්‍රමය එයයි. එහෙත්, ලිහා දැමූ බල්ලන් ආපසු බැඳ දැමීම පහසු නැත. දැන් පා ...