මැතිවරණ ක්‍රමය වෙනස් කරන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් වහා ගෙනෙනු!

මහින්දගේ කරේ එල්ලී මනාප ක්‍රමයෙන් ගොඩ යන්නට බලා සිටින සත්ගුණවත් හිටපු ඇමතිවරයෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු වන්නේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන්නේ ද මතභේදාත්මක සමානුපාතික නියෝජනය හා මනාප ක්‍රමය යටතේ ය. මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සමානුපාතික හා කේවල ක්‍රමවල සම්මිශ්‍රණයක් පිළිබඳ පැවති සංවාදය මෙවර ද මගහැර යනු දැකිය හැකි ය. ලංකාවේ දේශපාලන ක්‍රමය දූෂණයට ලක් වන්නට විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල පමණක් නොව, සමානුපාතික නියෝජන ක්‍රමය හා මනාප ක්‍රමය බලපෑවේ ය. නිදසුනක් සලකා බලමු. මහරාජා ආයතනය දේශපාලන පක්ෂ සමග ප්‍රචාරය වෙනුවෙන් දමා ගත් ඩීල්වලට අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා 2010 මහ මැතිවරණයේදී තරග කළ ජේ. ශ්‍රී රංගා මන්ත්‍රීවරයා මැතිවරණයට පසු වහා ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එක් වූයේ ය. ඔහු ඊට පෙරත් සිටියේ මහින්ද සමග ය. මේ ශ්‍රී රංගා 2007දී විමල් වික්‍රමසිං...