පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලවලින් කියැවෙන්නේ කුමක්ද? | A reading of the results of the local government election
(2011 මාර්තු 19, W3Lanka ) මෙවර පළාත් පාලන ඡන්දයෙන් ප්‍රකාශ වන ප්‍රමුඛ ම දෙය ජනතාවගේ අසරණකම බව අපේ අදහසයි. ජීවන වියදමට, දූෂණයට එරෙහි සිය හඬ මතු කර පෙන්වීමට ජනතාව අසමත් වීම අද සිට ම තව තවත අහිතකර ප්‍රතිඵල උදා කර දෙනු ඇත. පළාත් පාලන ඡන්දවලදී සාමාන්‍යයෙන් ම බලයේ සිටි පක්ෂවලට වැඩි වාසියක් හිමි වේ. විරුද්ධ පක්ෂවලට බලය හිමි වන පළාත් පාලන ආයතනවලට රජයේ සහයෝගය නො දෙන බව රජයේ මැති ඇමතිවරුන් ප්‍රසිද්ධියේ ම ප්‍රකාශයට පත් කරද්දීත්, රජයට සහයෝගය නො දක්වන එක්සත් ජාතික පක්ෂය ආයතන නවයක හා දෙමළ ජාතික සන්ධානය ආයතන 12ක බලය දිනා ගැනීමට සමත් වී තිබේ. දෙමළ ජනතාව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය දෙමළ ජාතික සන්ධානය බව පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එයට සම්බන්ධ දෙමළ පක්ෂ හා කණ්ඩායම් මෙතරම් බලවත්ව සිටියදී පවා නැවතත් ඔප්පු වී තිබෙන බැවින් අද දෙමළ ජාතික සන්ධානය සමග රජය පවත්වන සාකච්ඡාව දෙමළ ජනතාවගේ සැබෑ නියෝජිතයන් සමග පවත්වන සාකච්ඡාවක් බව ඔප්පු වී තිබේ. එය දෙමළ ජාතියේ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී සාධනීය තත්වයකි. එක්සත් ජාතික පක්ෂය ඔප්පු කර තිබෙන...