ඝාතන සංස්කෘතිය විසින් සිංහල සමාජයගිලගැනීම හා සිවිල් සමාජ මුග්ධත්වය
ලාංකීය සමාජය දැන් දේශපාලන කැරැලිවලින් මුක්තය. රට හෙල්ලූ කැරැලි ගැසූ කැරැලිකාර ව්යාපාරම දැන් කියන්නේ තමන්ට ලණු කැරැල්ලක්වත් අඹරාගන්නට බැරි බවයි. වේලුපිල්ලේ ප්රභාකරන් විසින් 1970 දශකයේදී මුලපුරන ලද දෙමළ ජාතිවාදී සන්නද්ධ කැරැල්ල 2009දී ඔහුගේ මරණයත් සමගම අවසන් වූයේ දෙමළ ජාතික විමුක්ති අරගලයට තීරණාත්මක පරාජයක් අත්කරදෙමින් බව දැන් ප්රත්යක්ෂ වෙමින් තිබේ. සිංහල ජාතිවාදය අසීමිත ලෙස ශක් තිමත් කිරී මෙහි ලා ඉවහල්වී මෙන් එය විසින් ලාංකීය දේ ශපාලන ප්රජාවට කරනු ලැබුවේ සුළුපටු හානියක් නොවේ. මේ කැරැලිත් සමග ලාංකීය සමාජයේ සිදුවී තිබෙන දේශපාලන පරිවර්තනය එක් පැත්තකින් සිවිල් සමාජය ඒකාධිපතිවාදය ඉදිරියේ දණගැසීමක් ලෙසද පොදුජන අවකාශය පූර්ණ අරාජිකත්වයට ගොදුරුවීමක් ලෙසද විග්රහකිරීමට පුළුවන. සිවිල් සමාජය මේ වනවිට අරගල කරමින් සිටින්නේ සමාජ විපර්යාස ඇතිකිරීමට වඩා විරෝධය සලකුණු කරමින් සිය පැවැත්ම රැකගැනීම සඳහාය. මේ අතර, පොදුජන අවකාශය තුළ අරාජිකත්වය රජයමින් මුග්ධත්වය රැළි නගමින් තිබේ. ලංකාව ඝාතන සංස්කෘතියක් උරුම කරගෙන ඇති අතර, යුද්ධ නැතිවත් ඝාතන නැතිව පවත...