Posts

Showing posts with the label ‍ඩේවිඩ් මිලිබෑන්ඩ්

ලෝක දෙමළ සමුළුවට බ්‍රිතාන්‍ය අගමැතිගේ සහාය | British Prime Minister expresses support to Global Tamil Forum

Image
(2010 පෙබරවාරි 26- W3Lanka )   ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා සම්මුතියකට එළැඹීමට මැලිකමක් දක්වන මහින්ද රාජපක්ෂ රජයේ නරක නිලයක් අල්ලමින් බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රව්න් ඊයේ ලෝක දෙමළ සංසදයේ නියෝජිතයන් හමු වී සාකච්ඡා කළේය. බදාදා පැවැත්වුණු ලෝක දෙමළ සංසදයේ ආරම්භක දේශනය පැවැත්වූයේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් විසිනි. මෙය ලංකාවේ රජයේ දැඩි විරෝධයට තුඩු දුන්නේය. බලය බෙදා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරන ලෙස මෙම කතාවේදී මිලිබෑන්ඩ් ලංකාවේ රජයෙන් ඉල්ලා සිටියේය.  මේ අතර, මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ජාතික ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙම සමුළුවට සහභාගි වීම සදාචාර විරෝධී බව පවසයි.