Posts

Showing posts with the label ෆෙන්සේකා-සම්බන්ධන් ගිවිසුම

ආණ්ඩුව ජාතිවාදය වැළඳ ගනියි; ෆොන්සේකා ලිට්මස් පරීක්ෂාවක

Image
(2010 ජනවාරි 10 -W3Lanka) ජනාධිපතිවරණයේදී තීරණාත්මක වන 24%ක් වන සුළුතර ජාතීන්ගේ ඡන්ද විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට වැටෙන තත්වයක් නිර්මානය වෙමින් තිබියදී අවසාන මරාගෙන මැරෙන ප්‍රහාරය ලෙස පූර්ණ ලෙස ජාතිවාදය ඇවිස්සීමේ නින්දිත ප්‍රයත්නයක් ආණ්ඩුව පැත්තෙන් දරමින් තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. මේ වෙනුවෙන් රජයේ මාධ්‍යවලට අමතරව පෞද්ගලික මාධ්‍ය ආයතනවල සිටින සිය ඉත්තන් ද යෙදවීමට රජය පියවර ගෙන තිබේ. වෙළඳපොළ වෙනුවෙන් මධ්‍යස්ථභාවයක් පෙන්වමින් සිටි ඇමති සරත් අමුණුගමගේ දියණියට අයත් දෙරණ රූපවාහිනිය වැනි මාධ්‍යවලට මෙහිදී ප්‍රමුඛතාව ‍දී තිබේ. සෙනසුරාදා දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ විනාඩි පහක් පමණ දීර්ඝ ප්‍රධාන 'පුවත' දෙමළ ජාතික සන්ධානය සරත් ෆොන්සේකාට සහාය දෙන්නේ අප්‍රකාශිත ගිවිසුමකට අනුව බව ඒත්තු ගැන්වීම සඳහා පෙළගස්වනු ලැබූ විශ්ලේෂණයක් විය. ආණ්ඩුවේ උපායමාර්ගය වී තිබෙන්නේ සරත් ෆොන්සේකා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අතර රහස් ගිවිසුමක් ඇති බව ප්‍රචාරය කිරීමයි. මෙවැනි උපායමාර්ගයක් ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීමෙන් 2005 ඡන්දයේදී රනිල් වික්‍රමසිංහට එරෙහිව ද එක්සත් ජනතා නිදහස් සන්ධා...