රෝහලේ මැෂිමෙන් ගෙවුඩ පිළිස්සුවාට අවුරුදු හත නම් රාජ්‍ය දේපල ඡන්දයට පාවිච්චි කළාට කීයද?
(2010 මැයි 14 - W3Lanka ) අසරණ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදා ගැනෙන රුපියල් කෝටි තුනක් පමණ වටිනා කරාපිටිය රෝහලේ කොබෝල්ට් යන්ත්‍රය යොදාගෙන ගෙවුඩ මැණික් බවට පත්කිරීමට ගෙවුඩ පුළුස්‌සන ලදැයි යන සිද්ධිය සම්බන්ධයෙන් එම යන්ත්‍රය භාරව සිටි විකිරණ ශිල්පීන් වන අබේපාල රණසිංහ සහ බටපොල ආරච්චිගේ ශාන්ති යන යුවළට එරෙහිව ගාල්ල මහාධිකරණය විසින් සත් අවුරුද්ද බැගින් සිර දඬුවම් හා ලක්‍ෂ තුන බැගින් දඩ නියම කරන ලදී. මෙම යුවලට දරුවන් දෙදෙනෙකු සිටින අතර වැඩිමහල් දියණිය වෛද්‍ය ශිෂ්‍යාවකි. රජයේ නීතිඥ නදී අපර්ණා ස්‌වන්දුරුගොඩ මහත්මිය මෙහිදී පෙන්වා දුන්නේ දණ්‌ඩ නීති සංග්‍රහයේ තුන්සිය අසූනවය හා පොදු දේපළ පණතේ පස්‌වැනි වගන්තියට අනුව විත්තිකරුවන්ට වසරකට නොඅඩු හා වසර විස්‌සකට නොවැඩි සිර දඬුවම් නියම කළ හැකි බවයි. විවෘත අධිකරණයේදී අදහස් දැක්‌වූ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ලංකාව දුප්පත් තත්වයේ පවතින්නේ රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කිරීම නිසා බැවින් මෙම වරද සුළුකොට තැකිය නොහැකි බව කීවා ය. සහතික ඇත්ත ය. මහජන දේපලක් භාවිතා කර ගෙවුඩ පුළුස්සා නිල් මැණික් කර මුදල් ගැරූ මේ ...