Posts

Showing posts with the label හිරු

ඉල් මහා මල් වට්ටි වෙන්දේසිය හා දීකිරට සාක්කි දෙන බළල්ලු

Image
ඉල් මහා විරුවන් නම් මල් වට්ටිය වෙන්දේසි කරන ප්‍ර‍ධාන සල්පිල් තුනක් කොළඹ තිබේ. එකක් සෝමවංශ + වීරවංශ විසින් ඊයේ පවත්වන ලදී. අනෙක් දෙක ජවිපෙ හා පෙසප විසින් අද දින පවත්වනු ඇත.  මේ තුන්ගොල්ල ම කියන්නේ අනෙක් අය වැරදි හා තමන් පමණක් හරි බවයි. මේ අය හා සෙසු වාමාංශික පක්ෂ ද වැරදි බව හා තමන් පමණක් ම හරි යයි කියන තවත් වාමාංශික පක්ෂ ද රැසක් තිබේ. මුළු ලෝකය ම වැරදියි, තමන් විතරක් හරි ය කියන වාමාංශික තනි පුද්ගලයෝ ද සිටිති. එහෙත්, මම නම් දකින්නේ මතවාද යනු සංවාදයක් බව හා එහි වැරදි නිවැරදිබව විනිශ්චය කළ හැකි එක ම බලවතා ඉතිහාසය පමණක් බවයි.  පවත්නා ක්‍ර‍මයට එරෙහිව අරගල කිරීම සංවර්ධනය සඳහා ඉවහල් වේ. පවත්නා ක්‍ර‍මය විසින් එවැනි අරගල හඳුන්වන්නේ කැරැලි කියා ය. එමගින් ඒවා මර්දනය කරනු ලැබේ. එහෙත් කැරැලි ගැසීම නරක දෙයක් නො වේ. ඉතිහාසයේ ගමන් මග වෙනස් වී ඇත්තේ එවැනි කැරැලි නිසා ය.  පවත්නා ක්‍ර‍මයට එරෙහිව කැරැලි ගැසීම මහත් වගකීමකින් යුත් භාරදූර කර්තව්‍යයකි. අරගලය සාර්ථක කර ගැනීමට නම් එයට ජනතාවගේ ප්‍ර‍ධාන හා වැදගත් බලවේගවල සහයෝගය දිනා ගැනීමේ හැකියාව තිබිය යුතු ය.  මාක්ස්වාදී අරගල කම්කරු ...

හිරුනම් ගුටි තමයි

Image
පසුගිය දිනෙක නාන්නට නාන කාමරයට ගොස් සිටියදී පිටත දුරකථනය නාද වනු ඇසිණි. මගේ බිරිඳ ගෙනැවිත් දුනු එය කණට ගත් විට එහා පැත්තෙන් ඇහුවේ "මහත්තයාගේ නම මොකක්ද?" කියා ය. මඳක් කෝපයට පත් වුණු මම "දැන් ඔයානේ කෝල් එක ගත්තේ, ඔයාට කාටද කතා කරන්න ඕනෑ?" යි ඇසීමි. "මට මහත්තයට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද?" "ඔව්, කියන්න." "මහත්තය රේඩියෝ අහනවද?" "මට වෙලාවක් නැහැ. වයිෆ් උදේට උයන අතරෙ ස්වදේශීය ‍සේවය දානවා. මටත් ඇහෙනවා." "වෙන රේඩියෝ චැනල් අහන්නේ නැද්ද?"  "නැහැ, එච්චර කැමැත්තක් නැහැ." "බොහොම කණගාටුයි, අපි හිරු එෆ්. එම්. රේඩියෝ එකෙන් කතා කළේ. මහත්තය හිරු අහනව කීවා නම් අපි රු. 5000ක් දෙනවා. මහත්තයට ඒක අහිමි වෙනවා." "කමක් නැහැ."  දුරකථනය තැබූ මුත්, මට එවේලේ කියන්නට තිබූ දෙයක් මතක් විය. ආපසු එම දුරකථන  අංකය උත්සාහ කළ මුත් එය කාර්ය බහුල විය. මට කියන්නට ඕනෑ වු‍ණේ රු. 10,000ක් දුන්නත් මම නම් ඔය රේඩියෝ එක අහන්නේ නැහැ කියා ය. දැන් අහන අයට සල්ලි බෙදන බවට ප්‍රචාරය කරන රේඩියෝ නාලිකා ගණනාව...