Posts

Showing posts with the label හරිතාගාර වායු

වසර 2100 වන විට කොළඹ වතුර යට

Image
(2009 නොවැම්බර් 26 - W3Lanka ) පාරිසරික විද්‍යාඥයන් 26දෙනෙකු විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන පරිදි 2007 දී නිගමනයකර තිබූ ප්‍රමාණයට වඩා දෙගුණයක වේගයකින් මිහිතලය උණුසුම් වන අතර වසර 2100 වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 7කිනුත්, මුහුදු මට්ටම මීටරයකට වඩා වැඩි ප්‍රමාණයකිනුත් ඉහළ යනු ඇත. ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් කඳු කලින් සිතුවාට වඩා වේගයෙන් දිය වෙමින් ඇති අතර මුහුදු මට්ටම 1995 සිට වසරකටමිලිමීටර 3.4කින් ඉහළ යමින් ඇති බව වාර්තාව පෙන්වා දෙයි.  රටවල් 190කට වැඩි ගණනක සහභාගිතවයෙන් දෙසැම්බර් 7දා සිට 16දා දක්වා කෝපන්හේගන්හිදී පැවැත්වීමට නියමිත ජගත් පාරිසරික සමුළුවේදී හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට අදාළ ගිවිසුමක් සඳහා එකඟතාව ඇති කර ගැනීමට බලාපොරොත්තු වේ.

ලොව ලොකු ම පරිසර දූෂකයා වන චීනයේ සමාගම් නීති බල්ලාට දමයි

Image
(2009 ඔක්තෝබර්  25 - W3Lanka ) පසුගියදා ඇමරිකා එක්සත් ජනපදය පරයමින් ලෝකයේ වැඩි ම හරිතාගාර වායු මුදාහරින්නා බවට පත් වූ චිනයේ ‘පාරිසරික තොරතුරු හෙළිදරව් කිරීමේ ක‍්‍රියාමාර්ග‘ නම් නීතිමය පියවර හ`දුන්වා දී වසරකට පසුව පවා ප‍්‍රධාන පෙළේ සමාගම් 18ක් ඒ අනුව කටයුතු කිරීමට අසමත් වී ඇති බව ග‍්‍රීන් පීස් ව්‍යාපාරය පවසයි.  මෙම නීතිය අනුව කිසියම් සමාගමක් පාරිසරික නීති උල්ලංඝනය කරන බව පළාත් පාලන ආයතන විසින් දැනුම් දී මාසයක් ඇතුළත එම සමාගම් අදාළ පරිසර දූෂණ දත්ත එළිදැක්විය යුතුයි. එහෙත් බොහෝ සමාගම් මෙය මගහරින බව ග‍්‍රීන් පීස් පවසයි.  ෂෙල්, සැම්සුං, නෙස්ලේ, එල්.ජී., ක‍්‍රාෆ්ට්, මෝටරෝලා, ඩෙන්සෝ හා බි‍්‍රජ්ස්ටන් යන බහු ජාතික සමාගම් ද මෙම පරිසර දූෂණ නිති උල්ලඝනය කරන්නන් අතර වෙති.