සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්රහණයෙන් මිදී සන්නිවේදන උපකරණ නැතිව ගැඹුරු මුහුදේ දින 14ක් යාත්රා කර ආපසු පැමිණි අපේ කාලයේ වීරයෙක්
(2011 පෙබරවාරි 26, W3Lanka ) ධීවරයින් 5 දෙනෙකු සමගින් පසුගිය ජනවාරි 22 බේරුවලින් මුහුදු ගිය ඕෂන්-4 ධීවර යාත්රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයට පත් වූ බවට සැකයක් මතුව ඇති බව පසුගියදා ධීවර අමාත්යංශය ප්රකාශ කළේ ය. ඕෂන්- 4 යාත්රාවේ ධීවරයින් විසින් පසුගියදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයේ සිට නිදහස්ව යළි දිවයිනට පැමිණෙමින් සිටින දර්ශන -6 ධීවර යාත්රාවට තම යාත්රාව දෙසට සැකකටයුතු බෝට්ටුවක් පැමිණෙන බවට ලබාදුන් පණිවුඩයකට අනුව මෙම සැකය මතුව තිබිණි. ධීවර ක්රියාකාරිකයකු අපට පැවසූ කරුණක් මෙහිදී සිහිපත් වේ. ධීවරයන්ට සපයා තිබෙන සන්නිවේදන මාර්ග ධීවරයන් විසින් ම වැරදි ලෙස භාවිතා කරනු ලැබීම හේතුවෙන් ගැඹුරු මුහුදේදී අනතුරට පත් වන ධීවරයින්ට නිසි අන්දමින් හදිසි පණිවුඩයක් ලබා දීමේ හැකියාව නැතිව යයි. මෙහිදී ද එවැන්නක් සිදු වූවා වන්නට ඉඩ ඇත. කෙසේ හෝ වේවා, මෙම යාත්රාව සමග තිබූ සියලුම සන්නිවේදන සබඳතා පෙබරවාරි 11 වැනිදා සිට බිඳ වැටී තිබිණි. මෙම ධීවරයන් පස්දෙනා ඊයේ (25) දා අලුයම 3.30 ට පමණ බේරුවල ධීවර වරායට සේන්දු වූ බව මාධ්ය මගින් වාර්තා විය. මාධ්ය වාර්තා 100%ක් සත්ය ද යන්...