Posts

Showing posts with the label සිවිල් ආරක්ෂක බලකාය

හමුදාව ලවා පාරවල් අතුගෑවීම වෙනුවට ආයතන ශක්තිමත් කිරීම

Image
හමුදාව කාලයක් එළවළු විකිණූ හැටි   කොළඹ නාගරික අලංකරණ ව්‍යාපෘතිය හා සම්බන්ධ නඩත්තු කටයුතු වෙනුවෙන් නැවත වතාවක් සිවිල් ආරක්ෂක බලකායේ සේවා ලබා ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ.  ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පදවිය දරමින් සිටි සමයේ සංවර්ධන ව්‍යාපෘති හා නඩත්තු කටයුතු වෙනුවෙන් හමුදා සාමාජිකයන් පුළුල් ලෙස භාවිතා කරන ලදී.  ඒ පිළිබඳ හමුදාවල විරෝධයක් තිබිණි. යුද්ධය සමයේ සමාජයේ මහත් සම්භාවනාවට පාත්‍ර වී සිටි හමුදා සාමාජිකයන්ගේ මානසිකත්වයට මෙම තත්වය දැඩිව බල පෑ අතර හමුදාවල සැලකිය යුතු පිරිසක් ද මහින්ද රාජපක්ෂට විරුද්ධව ඡන්දය දුන් හ. හමුදා සාමාජිකයන් පාරවල් අතුගෑම, නඩත්තු කටයුතු වැනි රැකියාවලට යොදා නො ගන්නා බව ආණ්ඩුව පොරොන්දු වූයේ ය.  එහෙත්, කොළඹ හා තදාසන්න පෙදෙස්වල නාගරික අලංකරණ ව්‍යාපෘති නිසි පරිදි නඩත්තු නො වන බව පසුගිය දිනවල ජනමාධ්‍ය විසින් පෙන්වා දෙන ලදී.  මෙයට හේතුව වන්නේ එම කටයුතු සඳහා අවශ්‍ය ආයතන ව්‍යූහයන් ශක්තිමත් නො කිරීමයි. එම ආයතන ශක්තිමත් කරනවා වෙනුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළේ එවැනි කටයුතු පවා හමුදාව යොදවා කිරීමයි.  දැන...