සරත් ෆොන්සේකාට සිදු වන දෙය තේරුම් ගනිමු | Let us understand what is happening to Sarath Fonseka

(2010 මාර්තු 09- W3Lanka ) සිංහලයන්ගේ හිටපු යුද වීරයකු වූ සරත් ෆොන්සේකාට සිදු වී තිබෙන දෙය කොයි වීරයාටත් පාඩමකි. අසීමිත බලයක් අතට ලැබුණු කල එයින් මත්ව උඩඟු හා භයානක ලෙස හැසිරුණ පුද්ගලයකු වූ සරත් ෆොන්සේකා වෙතින් බලය ගිලිහී යාමත් සමග ඔහු පසුපස දැන් එළවමින් සිටින්නේ අනුකම්පා විරහිත සතුරන් පිරිසකි. ඔහුගේ සතුරෝ ද බලයෙන් මත්ව වියරුවෙන් හා වෛරයෙන් දැවෙමින් පළි ගැනීම සඳහා පසුපස පන්නන්නෝ පිරිසකි. ෆොන්සේකා වැන්නකුට එවැනි සතුරන් සිටීම බලාපොරොත්තු විය හැකි තත්වයකි. එහෙත්, යම් දිනෙක තත්වයන් වෙනස් වුවහොත් මෙම පිරිස්වලට ද යළි නරක කාලයක් උදා වන්නට ඉඩ තිබේ. ලංකාවේ හැටි එහෙම ය. නිදසුන් ලෙස ගතහොත්, බලයේ සිටින විට හිටපු ජනාධිපති චන්ද්‍රිකාගේ බල්ලාට පවා ඇමතිවරු සැලකූහ. දැන් චන්ද්‍රිකාට බල්ලෙකුවත් සලකන්නේ නැත. බලයේ සිටියදී ෆොන්සේකා සිතා සිටියේ නීති තිබෙන්නේ රිසි සේ කඩන්නට ය කියා ය. එබැවින් දැන් ඔහුට විරුද්ධව චෝදනා ගෙන ඒම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. අද ෆොන්සේකාගේ සතුරන් නීතිය ගැන සිතන්නේ ද එසේම ය. බලය සදාකාලික නොවන බවට නිදසුන් ලෝක ඉතිහාසයේ එමට ය. සරත් ෆොන්ස...