Posts

Showing posts with the label සමාජ ජාල

ෆේස්බුක් යකෙක් රකුසෙක් නොව හිස් පඹයෙකි

Image
පානදුර පාසලක පැවැත්වුණ උත්සවයකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් පදනම් කරගෙන ෆේස්බුක් තහනම් කරන්නට රජය අදහස් කරන්නේදැයි විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී ඇසී ය.  ඇත්තෙන් ම ජනාධිපතිතුමා පැවසුවේ ෆේස්බුක් වසංගතයක් බවයි. ජකාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කර තිබූ එහුගේ කතාවේ පිටපතෙහි ෆේස්බුක් තහනම් කිරීමක් ගැන සඳහන් වන්නේ නැත. සජීවී කතාවේදී ඔහු එසේ කීවාදැයි නො දනිමි.  ඇත්තෙන්ම ෆේස්බුක් වසංගතයකට වඩා නූතන පාරිභෝජනවාදී සමාජය විසින් වන්දනා කරනු ලබන තවත් සේවා රැල්ලකි. එය ජංගම දුරකථන වැනි භාණ්ඩ වන්දනාවේ ම තවත් කො‍ටසකි.  මම වසර ගණනාවක සිට ෆේස්බුක් ප්‍රොෆයිල් දෙකක් භාවිතා කර ඇත්තෙමි. මේ දෙකේ ම මිතුරු මිතුරියෝ දහසකට වඩා සිටිති. ඒ අතර සෑම තරාතිරමක ම පුද්ගලයෝ සිටිති. එහෙත්, ෆේස්බුක් වසංගතයක් යැයි සිතෙන අන්දමේ අත්දැකීමක් මට නම් ලැබී නැත. හුදකලාවෙන් පීඩා විඳින මිනිසුන්ගේ චැටිං ඇතැම් විට කරදරයක් වී තිබෙනමුත්, එය මග හැරිය නො හැකි දෙයක් නො වේ.  වැඩි දෙනෙක් ෆේස්බුක් වැනි සමාජ ජාල කෙරෙහි දක්වන්නේ උවමනාවට වැඩි උනන්දුවකි. මේ අධික උනන්දුව නිසා ම එහි කිසියම් ගුප්ත දෙයක් තිබෙන බවක්...