( 2010 නොවැම්බර් 13, W3Lanka ) පසුගිය 9 වන දින මාතර නගරයේ ජනප්‍රිය බාලිකා විදුහලක 11, 12, 13 ශ්‍රේණිවල ශිෂ්‍යාවන් 18 දෙනකුගේ කොණ්ඩය බලෙන් කැපූ ගුරුවරියන් තිදෙනකු පිළිබඳ මාතර පොලිසිය පරීක්ෂණ පවත්වන බව අද දිනමිණ වාර්තා කර තිබේ. මේ වන විට ලංකාවේ අධ්‍යාපන පද්ධතියට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ සිසුන්ගේ කොණ්ඩා හා නිල ඇඳුම් ය. අප කියන්නේ බොරුවක් නො වන බව විදුහල්පතිවරුන් හා ගුරුවරුන් කීපදෙනෙකුගෙන් විමසුවොත් දැනගන්නට පුළුවන. විමල් අයියා, නාමල් අයියා වැනි අය කොණ්ඩයේ ජෙල් ගා ලස්සනට ඉඳිද්දී පාසල් දරුවෝ ද එය අනුගමනය කරති. එහෙත්, විදුහල්පතිවරු එයට අකැමැති වෙති. කොණ්ඩා දිගට කැපුවත්, කොටට කැපුවත්, ශිරන්ති කට්. අයෝමා කට් කැපුවත් පාසල්වල විදුහල්පතිවරු එය නො රුස්සති. එසේ ම සිසුන් කමිසය යට කරන ආකාරය, බැගය එල්ලාගෙන එන ආකාරය පිළිබඳ පවා කම්පා වී ගුරුවරු වැඩි දෙනෙක් දියවැඩියා හදා ගනිති. (හෙට ලෝක දියවැඩියා දිනයයි..) මෙතැන ඇති ප්‍රශ්නය දිළිඳුකම හා සමාජ පසුගාමිත්වය බව ගුරුවරු නො දනිති. විලාසිතා කිරීමට මුදල් ද, මුදල් තිබුණත් ඇඳ පැළඳගෙන යන්නට තැනක් ද නැති නිසා පාසල් සිසුන් දන්...