කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී - මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී
නවගත්තේගම පාසලේ ගුරුවරිය දන ගැස්සූ බව කියන වයඹ පළාත් සභාවේ 'හිටපු' මන්ත්‍රීවරයාට ඊයේ ඇප ලැබුණා. මේ වන විට ඔහුට එරෙහිව අධිකරණයේ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ගුරුවරියක් දන ගැහුවත්, වෙනත් අයෙකුට හිංසා කළත් මිනිහෙකුට දඬුවම් කළ යුත්තේ නීති මාර්ගයෙන්. මම ගුරුවරයෙක්. මම දැන් වසර 20ක් තිස්සේ මේ රස්සාව කරනවා. මම නම් හිතන්නේ නැහැ, ගුරුවරු කියන්නේ පූජනීය පිරිසක් කියලා. මට නම් වත්මන් ලෝකේ ඉන්න කවුරුවත් පූජනීය නැහැ. ගුරුවරු උත්සාහ කරන්න ඕනැ පූජනීය වෙන්න නොවෙයි. වෘත්තික වෙන්න. ඒ සඳහා ගුරුවරු තමන් උගන්වන විෂය හා ශික්ෂණ විද්‍යාව අඛන්ඩව හදාරන්න ඕනැ. නව ඉගැන්වීම් ක්‍රම අත්හදා බලන්න ඕනැ. නිර්මානශීලී වෙන්න ඕනැ. ගුරුවරු උත්සාහ කරන්න ඕනැ ළමයින්ගෙන් වැඳුම් ගන්න නො වෙයි. ළමයින්ගේ ආදරය ලබන්න. මට නම් ඒකත් අදාළ නැහැ. මොකද, මට නම් මං කරන වැඩේට පඩියක් ගෙවනවා. පඩිය මදි නිසා මම වෘත්තීය සමිතියක් එක්ක එකතු වෙලා ඒක වැඩි කර ගන්න සටන් කරනවා. පඩි වැඩි කරනකල් ජීවත් වෙන්න ඕනැ නිසා හවසට හවසට ඔය පරිවර්තන වැඩක් වගේ අතානාත්තුවක් කරගන්නවා. ඉර හඳ අල්ලන්න උත්සාහයක් නැති නිසා ලැබෙන ප්‍රමාණයට වියදම් කරලා, ලොකු ...