ශ්‍රී සිද්ධාර්ථ ගෞතම 'චිත්‍රපටය' බැලීමි
අලුත උපන් රාහුල කුමරු සමග යසෝධරා සයනයෙහි වැතිර සිටියි. අභිනිෂ්ක්‍රමණය සඳහා තීරණය කර සිටින සිද්ධාර්ථ පැමිණ රාහුල කුමරු හා යසෝධරා ස්පර්ශ කරන්නට ගොස් යළි අත ඉවතට ගෙන කුටි යෙ න් නික්ම යයි. නිදි සේ සිටින යසෝධරාගේ දෑසින් කඳුළු බිඳුවක් රූරා යයි. මම ඒ ජවනිකාවට කැමැත්තෙමි. එහෙත් අවාසනාවට මෙන් ඒ වනාහි බොළඳ ජාතිකවාදී හා ආගමික සිංහල සිනමා රැල්ලේ උච්චස්ථානයක් වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය බැලීමට වැය කළ පැය කීපයක කාලය වෙනුවෙන් ලැබුණු එකම වින්දනීය අවස්ථාවයි. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ගැන හොඳම විවරණය කළේ චිත්‍රපටය මැදදී 'කම්මැලියි ගෙදර යමු'යි කී මගේ කුඩා දියණියයි. ඒ වනවිට මා කීපවරක් නිදි කිරා වැටී තිබිණි. අබාගෙන් ඇරඹුණ මේ ජාතිකවාදී සිනමා රැල්ල තුළ අලෙවි කළ හැකි සෑම ඓතිහාසික සිද්ධියක්ම පාහේ අලෙවි කරන ලද අතර සිද්ධාර්ථ ගෞතමයන් පිළිබඳ කළ මේ චිත්‍රපටය උපරිම ලාභ බලාපොරොත්තුවෙන් අඩු වියදමින් කරන ලද කම්මැලිම කම්මැලි බයිස්කෝප් එකකි. එය කලාවක් වශ යෙන් සමාන වන් න ේ ත ොරණ කටය. පහළ පංතියක බුද්ධ ධර්මය පෙළ පොතක් කියවීම මේ චිත්‍රපටය බලනවාට වඩා හොඳය. මන්ද එහි අඩු තරමේ පිළිගත් බුද්...