Posts

Showing posts with the label වෙනූෂා ඉමන්දි

ආණ්ඩුව වෙනුෂා ඉමන්දිගේ චෝදනාවට ලක් වූ විදුහල්පති ආරක්ෂා කරන්නේ ඇයි?

Image
මෙන්න සමාජයට වල් ය කියා පෙනෙන ඡායාරූපය ලංකාවේ පාසල් යනු ළමා මනස විකෘති කරන මර්දනයේ තෝතැන්නක් බව අපි මීට කළින් ද කීවෙමු. එහි සිදු වන්නේ අනාගතය සඳහා අවශ්‍ය ගුණගරුක, බුද්ධිමත්, කුසලතා පූර්ණ පරම්පරාවක් නිර්මානය කිරීම නො වේ. පාසල් අධ්‍යාපනය හැඩගස්වා තිබෙන්නේ සීමිත සුදු කරපටි රැකියා ටිකට පොරකන්නට ය. ඒ වෙනුවෙන් පහේ ශිෂ්‍යත්වයෙන් පටන් ගෙන අ.පො.ස. (උසස් පෙළ) දක්වා වියරුවෙන් මෙන් කට පාඩම් කරමින් විභාග සමත් වන්නට ය. ලබා ගත් දැනුමක් ඇතත්, නැතත්, විභාගවලින් හැකි තරම් අධි සම්මාන ලබා ගන්නට ය. සමබර පෞරුෂයන් නිර්මානය කිරීමට ඉවහල් වන විෂය සමගාමී හා විෂය බා‍හිර කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ ආකල්ප හොඳ තත්වයක නැත. නිදසුනක් ලෙස පාසල්වල මේ දිනවල පැවැත්වෙන ක්‍රීඩා උත්සව ගැන අපි සලකා බලමු. මේවායේදී බොහෝ විට කෙරෙන්නේ දැවැන්ත ක්‍රීඩා උත්සවයක් පවත්වා එහි සංදර්ශනවලින් ඇහැ ගිනි කණ වැට්ටවීම මිස සැබෑ ක්‍රීඩා සංවර්ධනයක් නො වේ. පසුගිය දිනෙක මා පාසලකදී ඇසූ විදුහල්පති කතාවෙන් සිදු කෙරු‍ෙණේ රවීන්ද්‍රනාත් තාගෝර් ශූරීන්ගේ ගෝරා නවකතාව පාවිච්චි කරමින් පාසලේ ඉගෙනුම ලබන දෙමළ සිසුන් තමන්ගේ පහත් ජන්මය ගැන ද...

වෙනූෂා ඉමන්දි මිය ගියේ ෆේස්බුක් නිසා ද?

Image
ෆේස්බුක් සම්බන්ධ සිද්ධියක් නිසා තවත් සිසුවියක සිය දිවි නසා ගත් පුවතක් පළ විය. සිදු වීම ගැන මාධ්‍ය වාර්තා තරමක් අන්දොස් වුණත්, ඒ ඔස්සේ සිද්ධිය ගැන යම් අනුමානයන් කළ හැකි ය.  මේ ගැහැනු ළමයා සිය දිවි නසා ගන්නේ විදුහල්පති බැන වැදුණු නිසා යයි වාර්තා වුණත්, ඇය විෂාදයෙන් හෙවත් ඩිප්‍රෙෂන් නම් මානසික ගැටලුවෙන් පෙළෙන්නට ඇති බව අනුමාන කළ හැකි ය. මෙවැනි සිය දිවි නසා ගැනීම් පසුපස තිබෙන මෙවැනි ගැටලු ගැන අවධානය ප්‍රමාණවත් පරිදි යොමු වන්නේ නැත. ඒ වෙනුවට සියදිවි නසාගැනීම කතාන්දරයක් බවට පත් කිරීමේ මාධ්‍ය උපායන් නම් බහුල ය. ලංකාවේ පාසල්වල විෂාධයෙන් පෙළෙන දරුවන් ගැන අවධානයක් යොමු කළ හැකි, වෘත්තිකභාවයෙන් පිරිපුන්, බුද්ධිමත්, දයාබර ගුරුවරු හිඟ ය. සමස්තයක් ලෙස මුළු සමාජයම ලිංගිකත්ව විරෝධී, ස්ත්‍රී විරෝධී, විද්‍යා විරෝධී, මිථ්‍යා මතික ලක්ෂණ අඩු වැඩියෙන් කැටි කරගෙන සිටින අතර, ගුරුවරු යනු ඒ සමාජයේ හරස්කඩකි.  මෙම විදුහල්පතිවරයා‍ගේ පසුබිම පිළිබඳ තොරතුරු අනුව, ඔහු මෙම දරුවා කෙරෙහි අකාරුණික වන්නට ඇති බව පහසුවෙන් අනුමාන කරන්නට පුළුවන. තමන් 'වේසි' යන වදනින් ඇමතූ බව දැරිය සිය අවසන් ලියුමේ චෝදනා කරයි....