මනරංජන වැඩ වර්ජන - ජනරංජන ශ්‍රී රෝහණ
විදුලිය ගාස්තු වැඩි කිරීම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ඊයේ (21 වැනිදා) පවත්වන ලද එක් දින සංකේත වැඩවර්ජනය සාර්ථක බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු ඇමති කේ. ඩී. ලාල් කාන්ත මහතා පැවසීය. එක්තරා සුළු පිරිසකගේ වුවමනාවන් මත ඊයේ කරන ලද වැඩවර්ජනය මේ රටේ මෙතෙක් කෙරුණු වර්ජනවලින් ඉතා අසාර්ථකම වර්ජනය බවට ඉතිහාසගත වනු නියත යෑයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම්බන්ධීකාරක හා යුක්තිය උදෙසා ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු එස්. අමරසිංහ පවසයි. ගාග් කාන්තත්, එස්. අමරසිංහත් යනු එකම ජනතා විමුක්ති පෙරමුණේ එකම වෘත්තීය අංශයේ සිටි දෙදෙනෙකි. පක්ෂය තුළ සන්නද්ධ අමරෙ නමින් ද කලක් හඳුන්වනු ලැබූ අමරසිංහ දැන් මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් සිටියි. ලාල් කාන්ත කරමින් සිටින්නේ කුමක්දැයි හරියට දැන ගැනීමට තව ටික දිනක් අවශ්‍ය වනු ඇත. 21 දින මහා සංකේත වැඩ වර්ජනය සාර්ථක යයි විවිධ තර්ක ඉදිරිපත් කළ හැකි ය. ආණ්ඩුව බිය වූ නිසා වර්ජනය සාර්ථක යයි ගෙනෙන තර්කය එකකි. ජනතාව දැඩි මර්දනයකට ලක් කර තිබෙන සංදර්භයක් තුළ මේ තරමින් හෝ වර්ජනය ඉල්ලීමට ප්‍රතිචාර ලැබීම ද ප්‍රමාණවත් යයි තීම තවත් එවැනි තර්කයකි....