Posts

Showing posts with the label වීසා

කොරියාවේ ගල් වන මල්ලිලා නංගිලා වෙනුවෙන්

Image
කොරියා සිහින විභාගය - Sunday Times photo ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුත් කොරියාවේ රැඳී සිටින 4000ක් ශ්‍රී ලාංකිකයන් නිසා මේ වන විට ගැටලුවක් ඇති වී තිබේ. ඔවුන්ගේ නීති විරෝධී රැඳී සිටීම නිසා අලුතින් එහි යන්නට සිටින පුද්ගලයන්ට අවස්ථාව නො ලැබෙන තත්වයක් මතු වී තිබේ. මේ අතර සේවා ගිවිසුම් උල්ලංඝනය කරමින් නීති විරෝධීව ඊශ්‍රායලයේ රැඳී සිටීමෙන් වළකින්නැයි ඊශ්‍රායල් රජය ද ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී ඇත. එසේ රැඳී සිටීමෙන් ලාංකිකයන්ට ඊශ්‍රායල රැකියා වෙළඳපොළ ද අහිමි වෙතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය බිය පළ කර සිටී. ඊශ්‍රායලයේ නම් වැඩිපුර ලාංකිකයන් සිටින්නේ සත්කාරක සේවයේ ය. එහෙත්, දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික සේවකයන්ගෙන් වැඩි දෙනෙක් යෙදී සිටින්නේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්තවල ය.  ඔවුන් සිය සේවා ගිවිසුම අවසන් කර ලංකාවට එන්නේ කිසියම් නිෂ්පාදන ක්ෂේත්‍රයක විශේෂඥ පුහුණුවක් සහිත කම්කරුවන් ලෙසයි.  එහෙත්, ලංකාවට පැමිණි පසු මේ බොහෝ දෙනෙක් කරන්නේ කඩ දැමීම, කඩ කාමර කුලියට දීම, ත්‍රිරෝද රිය හෝ වෙනත් වාහන සේවා සැපයීම, පොළියට දීම, ජෝඩුවලට කාමර කුලියට සැපයීම වැනි නිෂ්පාදන ආර්ථිකයට...