ප්‍රෙමකුමාර් ගුනරත්නම්, මුදලිගේ නොවෙල් වීම අතුරුදහන් කිරීමට තරම් දෙයක් ද?
ප්‍රේමකුමාර් ගුනරත්නම් ලංකාවට පැමිණ ඇත්තේ මුදලිගේ නොවෙල් නමින් ගමන් බලපත්‍රයකින් බව ඔස්ට්‍රේලියානු රජය ලංකාවේ රජයට දැනුම් දී ඇතැයි විමල් වීරවංශට අයත් ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ වාර්තා වී තිබේ. ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට ලංකාවේ දේශපාලනය කළ නො හැකි බව ආරක්ෂක ලේකම්වරයා පවසයි. එසේ පවසන ඔහු ද ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය තිබුණු අයෙකි. ලංකාවේ දේශපාලනයට සම්බන්ධ චරිතයක් වන පාලිත කොහොන ද ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුව සිටියේ ය. ප්‍රෙමකුමාර් ගුනරත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සාධාරණ ය. මන්ද, ඔහු ලංකාවේ මෙන් ම ඕස්ට්‍රේලියාවේ ද ආගමන, විගමන නීති උල්ලංඝනය කර තිබේ. ඒ වෙනුවෙන් ඔහුට සිර දඬුවම් විඳින්නට සිදු වනු ඇත. නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් ද ආගමන, විගමන නීති උල්ලංඝනය කිරීම නිසා බ්‍රිතාන්‍යෙය්දී අත්අඩංගුවට පත්ව දඬුවම් ලැබුවේ ය. මන්ත්‍රී තිලංග සුමතිපාල ද සමාන චෝදනාවකට ලංකාවේ අධිකරණයෙන් දඬුවම් ලැබ පසුව නිදහස ලැබුවේ ය. ප්‍රේමකුමාර් ගුනරත්නම් අතුරුදහන් කරන්නට තරම් හේතුවක් මේ ආගමන, විගමන නීති උල්ලංඝනය කිරීම තුළ නැත. අනෙක් පැත්තෙන් මේ කිසිවක් දිමුතු ...