Posts

Showing posts with the label විදේශ රැකියා

අප පිටරටට විකුණන වහලුන්ට හිමි ගෞරවය / Disowned respect of the Sri Lankan expatriate slaves

Image
මේ වසරේ (2011) පළමු මාස හයේදී විදේශ සේවා නියුක්‌තිකයන් විසින් මෙරටට එවන ලද විදේශ මුදල් ප්‍රමාණය (විනිමය ප්‍රේෂණ) සියයට 26.4 කින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව කියයි. මේ අනුව ගිය වසරේ (2010) පළමු මාස හයේදී විදේශ සේවා නියුක්‌තිකයන් මෙරටට එවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1983.12 ක විදේශ විනිමය ප්‍රමාණය, මේ වසරේ (2011) පළමු මාස හයේදී ඇමරිකානු ඩොලර් මිලියන 2506.57 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇත. (උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි)  විදේශ සේවා නියුක්තිකයන් යයි හැඳින්වුණාට මේ පිරිසෙන් බහුතරය වනාහි නූතන වහල්ලු ය. හේතුව, ඔවුන් එකී රටවලදී කිසිදු ශ්‍රම හිමිකමක් භුක්ති නො විඳ වහල් සේවයේ යෙදෙන බැවිනි. ලංකාවේ අද වන විට ප්‍රධාන විදේශ ආදායම් මාර්ගය වන්නේ වහල් වෙළඳාමයි.  කලක් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ තේ අද වන විට අර්බුදයට ලක් වී තිබේ. නවතම තත්වය තුළ, වැවිලි ක්ෂේත්‍රයේ හාම්පුත්තු පසුගිය අප්‍රේල් මාසයේ සිට වතු සේවතයන්ට වැටුප් වැඩි කරමින් අත්සන් කරන ලද සාමූහික ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කර සිටිති. හේතුව, ලිබියාවේ අර්බුදය නිසා තේ වෙළඳපොළ කඩා වැටීමයි.  ලංකාවේ පාලකයන් ජොලි කරන්නේ ද, රජයේ සේවකයන් වැ...

ආරියවතීලා ඇණ ගසන අරාබියේ වහල් සේවයට යැවීම වහා නවතනු! | Stop sending Sri Lankan women to housemaid slavery in middle east

Image
( 2010 සැප්තැම්බර් 07,  W3Lanka )  ලංකාවට විදේශ විනිමය ඉපැදවීම පිණිස සවුදි අරාබියේ වහල් සේවයේ යොදවා තිබෙන ලක්ෂ පහක් වන ලාංකික ගෘහ සේවිකාවන්ගේ සුබසාධනය පිණිස එරට ලංකා තානාපති කාර්යාලය විසින් සේවයේ යොදවා තිබෙන්නේ පිරිමි තිදෙනෙකු පමණක් බව දීර්ඝ කාලයක සිට මැද පෙරදිග ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් ව කටයුතු කරන රන්ජන් රාමනායක පවසයි. මේ තත්වය ගැන ලංකාව ජාතියක් ලෙස ලජ්ජා විය යුතු ය. ජාතියේ ආඩම්බර තාත්තා බඩ කපා ගත යුතු ය.  ජාතියක් ලෙස අප ජීවත් වන්නේ සවුදි පරපීඩා කාමුකයන්ට ඇණ ගැසීමට තිහගොඩ ආරියවතීලා විකිණීමේ පිම්පි ජාවාරමෙන් බව, විශේෂයෙන් ම, දේශප්‍රේමී, ජාති හිතෛශී පිරිමි උදේ සවස සිහිපත් කර ගත යුතු ය.   මැද පෙරදිග මෝඩ සල්ලිකාරයන්ට ශ්‍රී ලංකාව යනු වැඩකාර ගැහැනුන් බව ද, ශ්‍රී ලංකන් එකක් යනු වැඩකාර ගැහැනියක් බව ද දේශප්‍රේමීනි, තොපි දන්නෙහි ද? ලංකාවෙන් රට පටවා තිබෙන දහ අට ලක්ෂයක් වන විදේශ ශ්‍රමිකයන්ගෙන් අති බහුතරය ඉතා අඩු පඩියට වහල් සේවයේ යෙදී සිටින ගෘහ සේවිකාවෝ ය. සුළු ආදායමක් වෙනුවෙන් මෙම කාන්තාවන්ගේ පවුල්වල දරුවන්ට මව් සෙනෙහස අහිමි වී තිබේ. සමස්තයක් ලෙ...

රජයේ සේවක පීඩක ස්ථරය කරෙන් බස්සවා සැබෑ කම්කරුවන් සොයා යන්නට ජවිපෙන් උත්සාහයක්

Image
(2010 ජුලි 29,  W3Lanka )  විදෙස්ගත ශ්‍රමිකයන් වනාහි ලංකාවේ සැබෑ ජීවනාලියයි. අර්ධ වහල් කොන්දේසි යටතේ සේවයේ යෙදෙමින් ලංකාවේ ධනවාදය පවත්වාගෙන යාමට අවශ්‍ය විදේශ විනිමය උපයන, බහුතරය කාන්තාවන් වන මෙම කම්කරුවන් කෙරෙහි ඔවුන් නිසා ජීවත් වන ලංකාවේ මධ්‍යම පංතිකයන් තුළ ඇත්තේ කුහක ප්‍රතිපත්තියකි. මෙම ලිපිය අනිවාර්යයෙන් ම නැවත කියවන්න.  රටට රු. කෝටි 35,000ක් ගෙන එන විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් රජය කර ඇත්තේ කුමක්ද? ලංකාවේ සිංහල දිළින්දන්ගේ සමාජ ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණ මෙම ජනතාව දෙස වඩා ප්‍රගතිශීලී ඇසකින් බැලීමට උත්සාහ දැරීම ප්‍රශංසනීය තත්වයකි. එහෙත්, පුවත්පත් නිවේදන ඉක්මවා ගිය ක්‍රියාමාර්ග පිළිබදව අලුතෙන් සිතිය යුතුව තිබේ. පහත පළ වන්නේ මාක්ස්වාදී යයි කියන ජවිපෙ ලංකාවේ සැබෑ කම්කරුවන් දෙස අවධානය යොමු කරමින් නිකුත් කළ නිවේදනයකි. සෙසු මධ්‍යම පංතික මාක්ස්වාදීන් ද රජයේ සේවක පීඩක ස්ථරය කරෙන් බස්සවා සැබෑ කම්කරුවන් සොයා යාමට මෙයින් දිරි ගැන්වීමක් ලැබේවායි පතමු. සෞදි අරාබියේ සිරවී සිටින ශ‍්‍රී ලාංකික කාන්තාවන් 41 දෙනකු සම්බන්ධවයි! සෞදි අරාබිය බලා ගිය ශ‍්‍රී ලාංකික කාන්තා...

රටට රු. කෝටි 35,000ක් ගෙන එන විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් රජය කර ඇත්තේ කුමක්ද?

Image
(2010 ජනවාරි 16 -W3Lanka) මේ වසරේදී (2010) විදේශ සේවා නියුක්‌තිකයන්ගෙන් අප රටට ලැබෙන මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.5 හෙවත් රු. කෝටි 35,000 ඉක්මවා යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇස්‌තමේන්තු කර ඇත. 2008 වසරේදී පිට රටවල වැඩ කරන ලංකාවේ මිනිස්සු ඩොලර් මිලියන 2527ක හෙවත් රු. කෝටි 26,000ක ආදායමක් මෙරටට ගෙන ආහ. එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8%කි.  2008දී 252,021ක් ලාංකිකයන් විදෙස් රැකියා සඳහා නික්ම ගොස් තිබෙන අතර, එයින් බහුතරය ගෘහ සේවිකා කාන්තාවෝ වෙති.  ලංකාවේ විදේශ ශ්‍රමිකයන් විසින් උපයනු ලබන ආදායම රටේ පුරවැසියන්ගේ සංඛ්‍යාවෙන් බෙදු විට ලැබෙන ඒක පුද්ගල විදේශ ශ්‍රම ආදායම මේ වන විට වසරකට එක්සත් ජනපද ඩොලර් 131ක් හෙවත් රු.14,000ක් පමණ වේ. මෙය දකුණු ආසියාතික රටවල සාමාන්‍ය අගය වූ ඩොලර් 33 මෙන් අටගුණයකි.   විදේශ රටවල රැකියා කරන ලාංකිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් පිරිනමන බවට පොරොන්දුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඊයේ එවැනි ශ්‍රමික පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී නිකුත් කරන ලදී.   විදේශ ශ්‍රමිකයෝ රටේ ප්‍රධාන ම විදේශ විනිමය උත්පාදන...

සවුදියේදී හිස ගසා දැමුවේ සිව් දරු මවක්: විදේශ රැකියා කාර්යාංශය අත සෝදා ගනියි

Image
(2009 නොවැම්බර් 06 - W3Lanka ) දින කීපයකට පෙර සවුදි අරාබියේදී මරණ දඩුවමට ලක් කරනු ලැබූ හලීමා අබ්දෙල්කාදර් නම් ශ්‍රී ලාංකික කාන්තාව ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ පදිංචිව සිට මීට වසර කිහිපයකට පෙර ගෘහ සේවිකාවක වශයෙන් සේවය කිරීම සඳහා සෞදි අරාබිය බලා පිටත්ව ගිය දෙදරු මවක බව ද පසුව ඇය සමග හිසගසා දැමුණු ඉන්දියානු ජාතිකයා සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඔහුට දාව ද එම කාන්තාවට තවත් දරුවන් දෙදෙනකු ලැබ තිබුණු බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. වූ ඇය විදේශගතවීමෙන් අනතුරුව නීත්‍යානුකූල රැකියා ස්ථානයෙන් පැන ගොස් වෙනත් ස්ථානයක රැකියාව කරමින් සිට තිබේ. ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ මෙම කරුණු නිශේධාත්මක ස්වරූපයකින් ඉදිරිපත් කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශය එම කාන්තාවගේ මව එරටට පිටත්කර හැර අධිකරණය ඉදිරියේ අභියාචනයක් ගොනුකිරීමට කාර්යාංශය පියවරගත් බව පවසා අත සෝදාගෙන ඇත.  එහෙත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසන්නේ අරාබි බසින් පැවති නඩු විභාගයේ කුමන අදියරකදීවත් මෙම නඩුවේ විත්තිකරුවන්ට නීති සහායක් නො ලැබුණ බවයි. ඇය සමග ඇගේ වත්මන් ස්වාමි පුරුෂයාගේ ද බංඩාරනායක නම් තවත් ශ්‍ර...

විදේශ ශ්‍රමිකයන් රටට සම්පතක්: රට යැවීමේදී අතරමැදි ගැරිලි නවතනු - එ.ජා. සංවර්ධන වැඩසටහන

Image
(2009 ඔක්තෝබර්  14 - W3Lanka ) ලංකාවේ විදේශ ශ්‍රමිකයන් විසින් උපයනු ලබන ආදායම රටේ පුරවැසියන්ගේ සංඛ්‍යාවෙන් බෙදු විට ලැබෙන ඒක පුද්ගල විදේශ ශ්‍රම ආදායම මේ වන විට වසරකට එක්සත් ජනපද ඩොලර් 131ක් හෙවත් රු.14,000ක් පමණ වේ. මෙය දකුණු ආසියාතික රටවල සාමාන්‍ය අගය වූ ඩොලර් 33 මෙන් අටගුණයකි. 2008 වසරේදී පිට රටවල වැඩ කරන ලංකාවේ මිනිස්සු ඩොලර් මිලියන 2527ක හෙවත් රු. කෝටි 26,000ක ආදායමක් මෙරටට ගෙන ආහ. එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8%කි. මෙය රටේ ප්‍රධාන ම ආදායම් මාර්ගයකි. මෙම කරුණු හෙළිදරව් කරනු ලැබුවේ එක්සත් ජනපද සංවර්ධන වැඩසටහනේ දේශීය නියෝජිත නීල් බූන් විසින් පෙරේදා 2009 මානව සංවර්ධන වාර්තාව ඉදිරිපත් කරමින් කොළඹ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී ය. 2008දී 252,021ක් ලාංකිකයන් විදෙස් රැකියා සඳහා නික්ම ගොස් තිබෙන අතර, එයින් බහුතරය ගෘහ සේවිකා කාන්තාවෝ වෙති.  ශ්‍රමිකයන් පිටරට යැවීම මේ වන විට විශාල ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වී තිබේ. ඇතැම් ඇමතිවරු පවා ශ්‍රමිකයන් පිටරට යැවීමේ ජාවාරම් පවත්වාගෙන යති. 2009 මානව සංවර්ධන වාර්තාව ශ්‍රමිකයන් පිටරට යැවීමේදී අතරමැදියන...

සංවර්ධනය වෙනුවෙන් සංචලනයට ඉඩ දෙන්න -එ.ජා.සංවර්ධන ව්‍යාපෘතිය

Image
(2009 ඔක්තෝබර්  11 - W3Lanka ) එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ අලූත් ම වාර්තාවකට අනුව, සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවලට එමින් සිටින අය නො වන අතර, එසේ පැමිණෙන අය පවා පැමිණෙන රටවල ආර්ථීකයට දායක වනවා විනා බරක් නොවන අය වෙති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ 2009 වාර්තාවේ අධ්‍යක්ෂ ජෙනී ක්ලුගන් පවසන පරිදි සංචලනයට සංවර්ධනය සඳහා සුවිසල් දායකත්වයක් සැපයීමේ හැකියාවක් තිබේ. වර්තමානයේදී සංචලනයට ඇති බාධක ඉවත් කරන්නේ නම් එමගින් සංවර්ධනය ඉහළ නැංවීමේ හැකියාවක් තිඛෙන බව ද ඇය පවසයි. එහෙත් ලොව බොහෝ දියුණු රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයා වැඩි ආදායම් පතා දියුණු රටවලට පැමිණීම වැළැක්වීම සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. ලංකාවේ ජනයා ද විශාල වශයෙන් විදේශ රැකියාවල යෙදී සිටින අතර, ඔවුන් එවන මුදල් ලංකාවේ දෙවන විශාලතම ආදායම් මාර්ගයයි.