මෙතරම් ණය බරකට කර ගැසීමේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහජනතාව සම්බන්ධ වූ ආකාරය පැහැදිලි කළ හැකි අයෙකු සිටී නම් ඉදිරිපත් වන්න
( 2010 නොවැම්බර් 27, W3Lanka ) කොළඹ දිස්‌ත්‍රික් එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු ලෙස ආණ්‌ඩු පක්‌ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක සඳහන් වන පරිදි ශ්‍රී ලංකාව 2011 වසරේ මුල් මාස හත තුළ දේශීය සහ විදේශීය වශයෙන් රුපියල් කෝටි හාරලක්‌ෂ තිස් හතර දහස් හත්සිය පනහක් ණය වශයෙන් ලබාගෙන තිබේ. මෙය කෙතරම් වැදගත් ප්‍රවෘත්තියක් වන්නේ ද යත් අද උදෑසන දිනමිණ වෙබ් අඩවිය බැලූ විට ඒ පිළිබඳ හාංකවිසියක් හෝ එහි නැත. ඒ වෙනුවට එහි කතුවැකියේ අපූරු රචනාවක් තිබිණි. එහි මාතාකාව 'ඔබට ඩොලර් හාරදහසක් ලැබුණොත්' යනු ය. රජයේ නිල ලේඛන අනුව, මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජුලි දක්‌වා ශ්‍රී ලංකාව දේශීය වශයෙන් රුපියල් කෝටි දෙලක්‌ෂ පනස් හතර දහස් හාරසිය විස්‌සක් ද (254,420) විදේශීය වශයෙන් රුපියල් කෝටි එක්‌ලක්‌ෂ අනූදහස් තුන්සිය තිහක් ද (180,330) ණය ලෙස ලබාගෙන තිබේ. මේ වනාහි රු. 4,347,500,000,000 ඉක්මවන ප්‍රමාණයකි. ලංකාවේ ජනගහණය කෝටි දෙකක් ලෙස සැලකූ කල රටේ ලොකු කුඩා සෑම පුරවැසියකු ම මේ මාස හත තුළ රු. 217, 375ක් ණය වී ඇත. සතරදෙනෙකුගෙන් සැදුම...