වැද්දන් මිනිස් ගජ්ජුන් කරමු
වැදි මිනිසකු මහනුවර රෝහලේ සේවය කරන බව කියන සිය පුතා හමු වන්නට යන්නට නො දුන්නේ යයි උරණව දුන්නෙන් මානා ඊතලයක් විද ආරක්ෂක නිලධාරියකුට බරපතල ලෙස තුවාල සිදු කර තිබේ. මෑතදී පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් එක් වැදි නායකයකු කියා තිබුණේ තමන් වැදි නායකයා වුව ද මස් මාළු නො කන, සත්ගුණවකකු බවයි. මස්, මාළු නො කෑම හෝ නො කන බව කීම හෝ දැන් ලංකාවේ විලාසිතාවක් වී තිබේ. එය කෙනෙකුගේ පෞද්ගලික පිළිවෙතක් වුව ද, මස්, මාළු කන මිනිස්සු නරක මිනිස්සු ය කියා හුවා දැක්වීමේ උවමනාවක් සමාජයේ ඇතැමුන්ට තිබේ. ආදි වැද්දෝ මූලික වශයෙන් දඩයම් ජීවිතයක් ගත කරන්නෝ වූ හ. කෘෂිකර්මාන්තය නො කළ ආහාර එකත් කරන්නන් වූ ඔවුන්ට සිය සම්ප්‍රදායික ජීවිතයේදී මස්, මාළු අනුභව නො කර පවතින්නට හැකියාවක් නො තිබිණි. වැද්දන් කියා හඳුන්වනු ලබන ජන කොට්ඨාසය නූතන සමාජ විපර්යාසය හමුවේ දැඩි අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටිති. නවීන වන සංරක්ෂණ නීති හේතුවෙන් වන ජීවිතය අහිමි වී සිටින ඔවුහු නවීන ගැමි හා නාගරික ජීවිතයත්, වැදි ජීවිතයත් අතර අතරමං වී සිටිති. විශේෂයෙන් ම සංචාරක කර්මාන්තය හේතුවෙන් වැදි අනන්‍යතාවට කුඩා වෙළඳපොලක් නිර්මානය...