Posts

Showing posts with the label ලිංගික

හොරාගේ අම්මාගෙන් ...... ඇසීම

පහත පළ වන්නේ දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකි. එහි රතු පැහැයෙන් දක්වා ඇති කොටස කියවා ත්‍රිරෝද රථයේ හතරවන පුද්ගලයෙක් සිටියා ද නැද්ද කියා හිතන්න. රත්නපුර රෝහලේ රාත්‍රි සේවයට යමින් සිටි හෙද නිලධාරිනියකගේ කලව ප්‍රදේශය අතින් ස්‌පර්ශ කළ බව කියන පුද්ගලයකු ඇතුළු තිදෙනකු ජුනි 07 දා දක්‌වා රිමාන්ඩ් භාරයේ තබා එදින හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙසට රත්නපුර මහෙස්‌ත්‍රාත් කේ. ඩී. එල්. කුමාර මහතා ඊයේ (04 දා) නියෝග කළේය. එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ රත්නපුර සමන් පෙදෙස සහ බටුගෙදර පදිංචි තරුණයෙන් තිදෙනෙකි. ඇහැලියගොඩ පදිංචි රත්නපුර රෝහලේ සේවය කරන 34 හැවිරිදි විවාහක හෙදියක රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කළ පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂක වසන්ත පෙරේරා මහතා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. හෙදියගේ පැමිණිල්ලේ සඳහන් වන අන්දමට ඇය ඉකුත් 2 දා රාත්‍රි සේවයට යමින් සිටියදී සවස 7.10 ට පමණ රෝහල හන්දියේ සිට රෝහල දෙසට පා ගමනින් ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ අතරමග තරුණයන් කිහිප දෙනකු පාරේ සිට ඇති අතර, එක්‌ අයකු ඇයගේ කලවය මිරිකා තිබේ. හෙදිය එය නොතකා ඉදිරියට යද්දී ඇය පසු...

ජගත් කාන්තා දිනය ගැන පශ්චාත් මරණ පරීක්ෂණයට සාක්කියක්

Image
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ (7) පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයාගේ ආදරණීය මෑණියන් වන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය වෙනුවෙන් පිරිනැමෙන විහාර මහා දේවී ගෞරව ප්‍රණාම සම්මානය තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතින් පිරිනැමූ අයුරු (උපුටා ගැනීම දිනමිණෙනි) (2011 මාර්තු 08,  W3Lanka ) කාන්තා කටයුතු පිළිබඳ ඇමතිවරයා පවා පිරිමියකු වන  ලංකාව ද ඊයේ 100 වන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේ ය. (ක්‍රියා පදය පුරුෂ ලිංගික ය.) එය සුපුරුදු පරිදි ම පිරිමි ඇසින් කාන්තාව දෙස බලන ගමන් නිල වශයෙන් හා තාවකාලිකව කාන්තාව උත්කර්ෂයට නැඟූ තවත් එක් දිනක් පමණි. මෙවැනි දින තවත් බොහෝ තිබේ. ළමා දිනය, ආබාධිතයන්ගේ දිනය, රණවිරු දිනය ආදිය උදාහරණ වේ. ලංකාවේ සිංහල ජනමාධ්‍ය ජගත් කාන්තා දිනය නිමිත්තෙන් කාන්තාවන්ට උසුළු විසුළු කළ ආකාරයයි. ජගත් කාන්තා දිනයේ රජයේ දිනමිණ පුවත්පත පළ කළ ප්‍රධාන ඡායාරූපය ඉහත දැක්වේ. එහි විස්තරය කියවා බලන්න. කවුරු, කා‍ට සම්මාන දුන්නාදැයි ඔබට තේරෙන්නේ නැතිනම්, දිනමිණ කර්තෘ අම...