Posts

Showing posts with the label රෝහිත බෝගොල්ලාගම

දැන් බලනකොට සරත් ෆොන්සේකා‍ත් කොටියෙක්නෙ!

Image
(2009 නොවැම්බර් 27 - W3Lanka )  කොටි සංවිධානය කෲර‍ ලෙස මර්දනය කිරීම සඳහා මුල් වූ පුද්ගලයන් අතරින් එක් අයෙකු වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව ද ඔහු කොටි අතකොළුවක් ය යන කෝකටත් තෛලය පාවිච්චි කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.  සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය කොටි සංවිධානයේ උවමනාවන් ඉටු කිරීමට ඉවහල් වන බව පෙන්වා දීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ.  නිදසුනක් ලෙස අද දිනමිණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වන විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම පවසන්නේ මෙසේ ය. විපක්ෂය යම් යම් ජාත්‍යන්තර බලවේගවල අතකොළු වෙලා. මෙහිදී ඔවුන් පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි. විදේශ රටවල් වෙනුවෙනුත් නෙවෙයි, ඔය රටවල තියෙන කොටි සංවිධාන විසින් තමයි අද විපක්ෂය මෙහෙයවන්නේ. මේ බලවේග සමහර රටවලට බලපෑම් කරනවා. විපක්ෂයේ සමහර දේශපාලනඥයෝ ඔය විදියේ බලවේගවල නියෝජිතයන් ලෙස ක්‍රියාකරනවා.  මේ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. විදේශ ඇමැතිවරයා හැටියට ඔය අදිසි හස්ත ක්‍රියාත්මක වන හැටි මම දකිනවා. ඇත්තටම ඒවායේ ක්‍රියාකාරිත්වය එකවර බාහිරයට පෙනෙන්නේ නෑ. නමුත්, එක්වරම කොහේවත් නැති අය ම...

රෝහිතගේ තනතුර මහින්දට

Image
(ජුලි 21, 2009 - W3Lanka) අධික ලෙස පිටරට යාම හා සීමාන්තික වියදම් පිළිබඳ චෝදනාවලට ලක් වී සිටින විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගමගේ තනතුර අනතුරට භාජනය වී තිබෙන බව වාර්තා වේ.  මේ අතර ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ විවෘතවම එම තනතුර අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් තමන් කිරීමට අදහස් කරන දේ ද විස්තර කරයි. කෙසේ වෙතත්, බෝගොල්ලාගමට බෞද්ධ ආගමික නායකයන්ගේ දැඩි සහයෝගයක් තිබෙන නිසා ජනාධිපතිවරයා ඔහු ආරක්ෂා කරන බවද තතු දත් ආරංචි මාර්ග පවසයි.