Posts

Showing posts with the label රෝහල්

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සටන් ප්‍රතිගාමී ද?

Image
මේ වන විට දියත් වෙමින් තිබෙන හෙදියන්ගේ වැඩ වර්ජනය වෘත්තීය අරගලයක් ලෙස තේරුම් ගැනීම පිළිබඳ ැටලු තිබේ. එය වනාහි වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන කරන වර්ජනයක් නොවේ. එහි අරමුණ අලුතින් සේවයට එක් වන හෙදියන්ට සිය මූලික පුහුණුවේ කොටසක් ලෙස සූතිකාගාර පුහුණුව ලබා ගැනීමයි. වර්ජනය කරමින් සිටින හෙදියන්ට මෙම වර්ජනයෙන් තමන් මුහුණ දෙන සැබෑ ගැටලු කිසිවක් විස‍ඳෙන්නේ නැත.  වැටුප්, අතිකාල දීමනා, අනතුරු දීමනා, නිල ඇඳුම් දීමනා ආදිය ප්‍රමාණවත් නොවීම, අධික ලෙස වැඩ කරන්නට සිදු වීම, රාත්‍රී සේවා මුර කරන හෙදියන් සඳහා විවේක කාමර ආදී ගැටලු රාශියක් තිබියදී, ඒ සියල්ල පසෙක තබා තමන්ගේ තත්වය පිළිබඳ ව්‍යාජ සටන් පාඨයක් මත සමස්ත හෙද ප්‍රජාව ම පාහේ එකාවන්ව නැගී සිටින ස්වභාවයක් දක්නට ලැබේ.  මෙම නැගී සිටීමේදී හෙද නිලධාරීන්ගේ මහා අනෙකා වී තිබෙන්නේ ඔවුන්ගේ හිමිකම් අවුරාගෙන සිටින ආණ්ඩුව හෝ එසේ හිමිකම් අැහිරීම සඳහා ආණ්ඩුවට සේවය කරන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැනි හොරිකඩ වෘත්තීය සමිති නායකත්වය නො වේ. මෙහිදී අනෙකා වී තිබෙන්නේ වින්නඹුවරියන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි.  හෙද හෙදියන් වැටුප් ශ්‍රමිකයන් ලෙස තමන්...

සෞඛ්‍ය ඇමතිතුමනි, මේ ජෝක්වලට අප හිනා විය යුත්තේ කොයි පැත්තෙන් ද?

Image
( 2011 ජනවාරි 06,  W3Lanka )   බීමත්කම නිසා රෝගී වන පුද්ගලයන්ගෙන් මුදල් අයකර ගැනීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රථම අදියර ලෙස බීමත්ව හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ගෙන් රෝහල් බිල අය කර ගන්නා චක්‍රලේඛය ඉදිරි සති දෙක තුළදී නිකුත් කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන පවසයි. හදිසි අනතුර සිදුවීමට හේතුව බීමත්කම යැයි වෛද්‍යවරයා තීරණය කළොත් එම රෝගියාට ප්‍රතිකාර ලබාදෙන රෝහල් බිල මෙසේ අයකර ගනියි. මෙම ලේඛකයා මත්පැන් බොන්නේ කලාතුරකිනි. එහෙත්, නො බොන නිසා තමන් බොන මිනිසුන්ට වඩා විශිෂ්ටයකු යයි ලේඛකයා නො සිතයි.  එබැවින් ආණ්ඩුවට අධික ලෙස බදු ගෙවමින් බොන අපේ සහෝදරයින් වෙනුවෙන් ලේඛකයා ඇමතිවරයා වෙත ප්‍රශ්න කීයක් යොමු කරන්නට කැමති ය.  පිළිතුරු සති දෙකකින් නිකුත් වන චක්‍රලේඛයේ තිබෙනවා නම් ප්‍රමාණවත් ය.  හදිසි අනතුර සිදුවීමට හේතුව බීමත්කම යැයි වෛද්‍යවරයා තීරණය කළොත්, එම තීරණය අභියෝගයට ලක් කරන්නට රෝගියාට ඇති අයිතියට ගරු කරන්නේ කෙසේ ද?  ප්‍රතිකාර කිරීමට පෙර සාධාරණ තීන්දුවක් තහවුරු කර ගන්නට රෝගියාට ඇති අයිතියට ගරු කරනවා ද?  හදිසි අනතුරට හේතුව බීමත්කම ...