Posts

Showing posts with the label රුසියාව

ජනමතවිචාරණවලින් වෙනම රාජ්‍ය බිහිකිරීම: ක්‍රිමියාවේ සිට ලංකාව දක්වා

Image
කළු මුහුදේ කහ පාටින් දැක්වෙන්නේ ක්‍රිමියානු අර්ධද්වීපයයි. ලෝක දේශපාලන සිතියම ඉතිහාසය තුළ ස්ථිතිකව තිබුණු දෙයක් නොවෙයි. බලතුලනය විවිධාකාරයෙන් වෙනස් වන විට ලෝක සිතියමත් වෙනස් වී තිබෙනවා. රටවල් තව රටවල් සමග එක් වීම, වෙන් වීම, රාජ්‍යවල දේශ සීමාවන් වෙනස් වී ලොකු පුංචි වීම ආදිය ලෝක ඉතිහාසයේ සාමාන්‍ය තත්වයක්. ජනමත විචාරණයක් ඔස්සේ කිසියම් ජනතාවකගේ අදහස විමසා, ඒ අනුව දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම මෑත වකවානුවේදී දකින්නට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් යුත් ක්‍රියාවලියක්. එහෙත්, මේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර යට බල දේශපාලන අවශ්‍යතා ක්‍රියාත්මකයි. ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ස්වීඩනය හා නෝර්වේ යන සීතල යුද සමයේ ස්වාධීනව සිටි රටවල් ඇතුළු යුරෝපා රාජ්‍ය රැසක් ම පසුගිය සමයේ ජනමතවිචාරණ පැවැත්වූයේ යුරෝපා සංගමය සමග එක් වනවා ද, නැද්ද යන්න තීරණය කරන්නයි. සවිට්සර්ලන්තය යුරෝපා සංගමයේ සාමාජික රටක් නොවෙයි. ඒත්, ස්විට්සර්ලන්තය පවා යුරෝපා සංගමයේ සංචලන නීතිවලට අනුගත වෙමින් යුරෝපා සංගමයේ රටවල් හා ස්විට්සර්ලන්තය අතර නිදහස් සංචලනයට අවසර දී තිබුණා. යුරෝපයේ ධනවත් නො වන රටක් වන ක්‍රොඒෂියාව මෑතදී යුරෝපා සංගමය...

ලාංකිකයන්ට රුසියානු ගැහැනියකගෙන් පාඩමක්

Image
(2009 නොවැම්බර් 29 - W3Lanka ) මා පෙනී සිටින්නේ ජාතික සංස්කෘතීන් ආරක්ෂා කිරීමේ මතවාද වෙනුවෙනුයි. සෑම ජාතියක් ම තමන්ට ආවේණික වූ මතවාද රැකගත යුතුයි. නමුත් ගෝලීයකරණය පිටුදැකිය යුතු කරුණක් නොවෙයි. වර්තමානයේ මුළු මානව සංහතිය ම එක තැනක් කරා යන බවක් පෙනෙනවා. එහෙත්, මුළු ලෝකයේ ම සිටින ජන කොට්ඨාශ එක ම විදිහට කන්න අඳින්න සිතන්න පතන්න අඳින්න පළඳින්න ගත්තොත් ලෝකයේ ජීවත්වීම ඒකාකාරී වෙනවා. නීරස වෙනවා. සියල්ල රැකෙන්නේ ජාතීන් සිය අනන්‍යතාව රැකගැනීම මතයි. මම රුසියානු ජාතිකයෙක්. අපේ රට වෙනස්. අපේ කතා බහ වෙනස්. ඇයි අපට මේ රටට එන්න හිතෙන්නේ. මේ වෙනස දකින්නයි. වෙනස අත්දකින්නයි. අපි මේ රටට එන්නේ ලෝකයේ වෙනස් වූ සුන්දරත්වය හා විචිත්‍රත්වය දකින්නයි. ඒ විචිත්‍රත්වය රැකගත යුතුයි. අප සංචාරයට පෙලැඹෙන්නේ ඒවා දකින්න අවශ්‍ය නිසයි. ඒ ඒ සංස්කෘතීන් සහ අනන්‍යතා තවමත් රැකී තියෙන නිසා ඒවා අත්විඳීමට අප එනවා. එනිසා ඒවා රැකගත යුතුයි. මෙහිදී මට තවත් යමක් කීමට තියෙනවා. මගේ අදහසේ හැටියට මෙරට වැසියන් හා රුසියානු ජනතාව අතර පොදු වූ බොහෝ දේ තිබෙනවා. එනිසා අපේ ජාතීන් අතර කිට්ටු සම්බන්ධතාවක් සහ සංස්කෘතික හර කෙරෙහි සැලකිලිමත...