Posts

Showing posts with the label රාමනාදපුරම්

ලංකාවේ නාවික හමුදාව සමග චීනුන් ඇතැයි කතාවකට ඉන්දීය අවධානය

Image
(2009 නොවැම්බර් 03 - W3Lanka ) ලංකාවේ නාවික හමුදාවත් සමග චීන ජාතිකයන් සිටින බවට දකුණු ඉන්දියාවේ රාමනාදපුරම් ධීවරයන් කර ඇති ප්‍රකාශත් සමග ඉන්දීය මාධ්‍ය අවධානය ඒ කෙරෙහි යොමු වී තිබේ.  ලංකාවේ නාවික හමුදාව ගැඹුරු මුහුදේදී තමනට පහර දුන් බව පවසන මෙම ධීවරයෝ එහිදී ලංකාවේ නාවික හමුදාව සමග එම නිල ඇඳුමෙන් සැරසුණු චීන හැඩරුව ඇති අය සිටින බව ද පවසා තිබේ.  මෙම ප්‍රකාශ තහවුරු වී නැතිමුත් ජනමාධ්‍ය විසින් මෙම තත්වය ඉන්දීය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පෙන්වා දී තිබේ. චීනයත් ඉන්දියාවත් අතර කලාපීය ආධිපත්‍යය වෙනුවෙන් බල අරගලයක් ඇත. 1962දී දේශසීමා ප‍්‍රශ්නයක් මත චීනය ඉන්දියාව සමග යුද වැදුණේය.  ඉන්දීය උපායික විශේෂඥයන් වර්තමානයේදී පෙන්වා දෙන්නේ අනාගත ගැටුම්වල සැබෑ රණබිම වන්නේ ඉන්දීය උප මහාද්වීපය වටා ඇති මුහුද බවයි.  ලෝකයේ සමුද්‍ර වෙළඳාමෙන් අඩක් පමණ සිදු වන්නේ ඉන්දීය සාගරය හරහායි. එයට මුහුණ ලා පිහිටි රටවල් ලෝකයේ තෙල් සම්පත්වලින් 60%කට වඩා සහ ගෑස් සංචිතවලින් තුනෙන් දෙකකට උරුම කියති. විශේෂයෙන්ම අප‍්‍රිකාවෙන් සිය රටට අවශ්‍ය දැවැන්ත තෙල් සහ ස්වාභාවික සම්පත් සැපයුම තහවුරු කරගැ...