Posts

Showing posts with the label රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

රනිල් තානාපතිවරුන් හමු වෙයි

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) ‍ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද උදෑසන ‍කේම්බ්‍රිජ් ටෙරස්හිදී ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමයේ රටවල් ඇතුළු සියලු රටවල ම පාහේ තානාපතිවරුන් හමු විය. මෙම හමුවට එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ද සහභාගි වූ බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක ලෙස සරත් ෆොන්සේකා තෝරාගෙන තිබියදී සිදු වන මෙ හමුව අතිශය වැදගත් එකකි.