රාජපක්ෂ සමාගම කොටින්ගේ සාක්කුව ද සුද්ද කරන කතාව බොරුවක්
(2009 දෙසැම්බර් 03 - W3Lanka ) රාජපක්ෂ සමාගම කේ.පී. හරහා කොටින්ගේ සාක්කුව ද සුද්ද කරන බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස් පතුරුවන කතා පට්ට පල් බොරු බව ඔප්පු කරමින් ආණ්ඩුව කොටින්ගේ ගිනුම් පිළිබඳ විස්තර හෙළිදරව් කර ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් එල්ටීටීඊ සංවිධානය සතුව තිබී සොයා ගත් විදේශීය ව්‍යාපාර සහ බැංකු ගිණුම්වල තිබෙන මුදල් පිළිබඳ තොරතුරු හැකි නම් වහා රටට හෙළි කරන්නැයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට අභියෝග කරන බව එජාප නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මාතරදී දෙසැම්බර් 01දා පැවසීය. එල්ටීටිඊ සංවිධානය සතු ඒ විදේශ මුදල් සහ සම්පත් රාජපක්‍ෂ සහෝදර සමාගමේ අයිතියට නොගෙන ජනතා අයිතියට වහාම පත්කළ යුතු යැයි ද මේ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට වහාම හෙළි කළයුතු යැයි ද රනිල් වික‍්‍රමසිංහ බල කළේය. මෙන්න උත්තර අද දිනමිණෙන්: කේ.පී.ගේ ගිණුම් 600ක්-නැව් 5ක් රාජසන්තකයි විජයානි එදිරිසිංහ කොටි සංවිධානයේ ජාත්‍යන්තර නායක කේ. පී. හෙවත් කුමරන් පද්මනාදන්ට අයත් බැංකු ගිණුම් හය සියයක වත්කම් සහ නැව් පහක් රාජසන්තක කෙරේ. ඒ ප...